IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයකු ගොනු කළ අභියාචන පෙත්සම ඉල්ලා අස් කරගනී‘

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ වරදට වසර 8 ක  බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කරමින් තමන්ට දුන් මහාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයෙකු ගොනු කළ අභියාචන පෙත්සමක් අද (01) අභියාචනාධිකරණයේදී ඉල්ලා අස් කර ගන්නා ලදී.
 
එම සිරදඬුවමට එරෙහිව ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයෙකු ඇතුළු තිදෙනෙකු ගොනු කළ අභියාචන පෙත්සම් තුනක් අද  අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී තම අභියාචන පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන්නැයි චූදීත පොලිස් සැරයන්වරයා බන්ධනාගාරයේ සිට දිවුරුම් පෙත්සමක් මඟින් ඉල්ලා සිටියේය.
 
කුමුදිනී වික්‍රමසිංහ , දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.
 
චූදිත එම පොලිස් සැරයන්වරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විරුද්ධත්වයක් පළ නොකිරීම හේතුවෙන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලදී.
 
 
එසේම අදාළ චෝදනාවට මහාධිකරණය තීන්දුවෙන් සිර දඬුවම් නියමවූ සෙසු විත්තිකරුවන් දෙදෙනා එම දඬුවමට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් දිගටම පවත්වා ගෙන යාමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
 
එම අභියාචන පෙත්සම් ලබන සැප්තැම්බර් 09 වැනිදා කැඳවිමටද අභියාචනාධිකරණය දින නියම කළේය.
 
2010 ජනවාරි 15 වැනිදා ඉංගිරිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් කළණ තුෂාන් නැමැති තරුණයෙකු ඝාතානය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එවකට ඉංගිරිය පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි රොෂාන් ද සිල්වා , පොලිස් සැරයන් මුදියන්සේලාගේ ජයසේන සහ පොලිස් රියැදුරු කොස්තාපල් දීප්ති ශාන්ත යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබීය.
 
 
එම නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරුවන්ට සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවන් බවට 2015 ජුනි 18 වැනිදා තීන්දු කොට ඔවුන්ට වසර 8 ක් බැගින් වූ බරපතල සිර දඬුවම් නියම කළේය.එසේම රුපියල් 25,000 බැගින් වූ දඩ මුදල් ගෙවන ලෙස මහාධිකරණය චූදිතියින්ට නියම කරන ලදී.
 
එම මහාධිකරණ තීන්දුවට එරෙහිව චූදිත පොලිස් සැරයන්වරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනා මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබිණි.
 



අදහස් (0)

‘ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයකු ගොනු කළ අභියාචන පෙත්සම ඉල්ලා අස් කරගනී‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site