( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය පිළිබද තීන්දුව හා එම පෙත්සම විභාගයට ගන්නවාද ? නැත්ද යන්න ලබන 31 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දින නියම කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කළ තිබෙන අධි චෝදනා නඩුව විභාග කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මොවුන් ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කිරීමට දින නියම කරන ලදී.
"ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස්" සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දුන් බවට සහ එම අල්ලස් මුදල ලබා ගත් බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇති බව ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් සිය පෙත්සම් මගින් කියා සිටිති.
එම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය හිමි වී නොමැති බැවින් එය පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය විසින් තීන්දු කිරීම නීති විරෝධී බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
දේශපාලන අරමුණක් පදනම් කරගෙන තම සේවාදායකයින්ට එරෙහිව කොමිසම මෙම නඩුව ගොනු කර ඇතැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කීය.
මෙම නඩුව සම්බන්ධයෙන් මතු කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය විසින් දුන් තීන්දුව නීති විරෝධී බව එම පෙත්සම්කාර නීතීඥවරයා පෙන්වා දුන්නේය .
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇවන්ගාඩ් සභාපතිගේ ප්‍රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා
අතුල Friday, 17 July 2020 02:09 PM
සාධාරණ ව්‍යාපාරයක් කරනවා නම් මොකටද නිස්සංක සේනාධිපති දේශපාලකයින්ට සහ ඡන්ද අපේක්ෂකයින්ට මිලියන් ගණන් වලින් සල්ලි දෙන්නේ? දුරකතන ඇමතුම් පටිගත කරන්නේ? "සරලවම හිතේ තියෙන්නේ හොරකම..."