(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඔක්තෝබර් 11 වැනි දින ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ප‍්‍රකාශිත ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප‍්‍රදේශයේ ඡන්දදායකයින් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 24 වැනි දින කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , මුර්දු ප‍්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවිණි.
ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි හේෂාන් නයනජිත් , මලීෂ නයනජිත් සහ මෙලන් දේවින්ද්‍ර අබේවර්ධන යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගාල්ල දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ එම කොමිසමේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සාමාගම මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරුවන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡුන්දදායකයෝ වෙති. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට නාමයෝජනා ලබා දී ඇති ඡන්ද අපේක්ෂකයෝ ද වෙති.
පසුගිය අගෝස්තු 30 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කර ඇත.
ගාල්ල දිස්ත‍්‍රික්ක තේරීම් භාර නිලධාරියා ලබන ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව 2139 / 13 දරණ ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.
මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඬේලිමිර්ර පුවත්පතට සඳහන් කර ඇත්තේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම කර ඇත්තේ මැතිවරණ කොමිසම රැස්වී වී නොමැති යැයි කියා සිටියේය.
මේ ආකාරයට මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීම නීතියට පටහැනි වේ. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බලරහිත වේ.
මැතිවරණ කොමිසම විසින් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නව නාමයෝජනා නොකැඳවීම මඟින්ද පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇත. තවද 2017 නාමයෝජනා පත‍්‍රය යටතේ මැතිවරණය පැවැත්වීම ද නීතියට පටහැනි වේ.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද ,
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇල්පිටි ඡන්ද දායකයින්ගේ පෙත්සම 24 වැනිදා කැඳවයි