IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අල්ලස් ගත් යක්කලමුල්ල හිටපු තාක්ෂණික නිලධාරියා වසර 12 ක් හිරේට

(මනෝප්‍රිය ගුණසේකර)
 
කොන්ක්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමේන්තුව සකස් කරදීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 8000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු තාක්‍ෂණික නිලධාරියාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
 
විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලුවට ලක්වී ඇති හෙයින් එවැනි රාජ්‍ය සේවකයකුට ලිහිල් ආකාරයෙන් දඬුවම් ලබාදිය නොහැකි බව අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් 10,000 ක දඩ මුදලක්ද නියම කළේය.
 
විත්තිකරු අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් 8000 ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදගල් නොගෙවුවහොත් අමතර වසර 1 1/2ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද විත්තිකරුට නියම කළේය.
 
විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලුවට ලක්වී කඩාවැටීමකට ලක්ව ඇතැයිද සමස්ථ සමාජයම අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
 
විත්තිකරුට එරෙහිව චෝදනා හතරෙන් දෙකක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඩුවම නියම කළ විනිසුරුවරයා දෝෂ සහිත බවට තීරණය කළ සෙසු චෝදනා දෙකෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
 
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්‍ෂණික නිලධාරියා වශයෙන් කටයුතු කළ චන්දන කාරියවසම් නමැත්තාටය.
 
 2015 දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්‍ෂණික නිලධාරියා ලෙස කටයුතු කරමින් ධම්මාවාස අතුරු මාර්ගය කොන්ක්‍රීට් කරදීම වෙනුවෙන්  වියදම් ඇස්තමෙන්තුව සකස් කරදීම සඳහා කොන්ත්‍රාත්කරුවකු වන රවින්ද ලක්මාල් ජයරත්න නමැත්තාගෙන් රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා 2015 දෙසැම්බර් මස 22 වැනිදා ඉන් රුපියල් 8000 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් මත අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.
 
 
 
 
 
විත්තිකරුට එරෙහි චෝදනා හතරෙන් දෙකක් දෝෂ සහිත බව සිය තීන්දුවෙන් පෙන්වා දුන් විනිසුරුවරයා එම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
 
 
විත්තිකරුවන්ට එරෙහි සෙසු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට ඔහු වරදකරු බව තීරණය කළේය.
 
 
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය අධිකරණය අමතමින් රාජ්‍ය සේවකයින් ජීවත්වන්නේ මෙම රටේ පොදු මහජනතාව බදු වශයෙන් රජයට ගෙවන මුදල් වලින් බවත් බදු මුදල් වලින් වේතන ලබන රාජ්‍ය සේවකයා මහජනතාවගේ කටයුතු කරදීම වෙනුවෙන් තුටු පඩුරු බලාපොරොත්තුවීම නිසා රට පිරීහීමට පත්ව ඇතැයි කීවාය.
 
 
රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීම හේතූවෙන් ඔවුන් මහජනතාව අතර දැඩි පිළිකුලට ලක් වනවා මෙන්ම එය රටක යහපැවැත්මටද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන්  ගංගා හෙයියන්තුඩුව මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ උපරීම දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
 
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා කරුණු ඉදිරිපත් කරමින් අධ්‍යාපනය ලබන වයසේ පසුවන තම සේවාදායකයාට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ද ඔහුට නියම කරන සිරදඬුවම් එකවර ගෙවී යන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.
 
 
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මෙම විත්තිකරුගේ ක්‍රියාකාරකම් හේතූවෙන් රාජ්‍ය සේවයට කළු පැල්ලම් වැටී ඇතුවාක් මෙන්ම රාජ්‍ය සේවය අවමානයට ලක්ව ඇතැයි අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරු සිදුකොට ඇති වරදේ ඇති බරපතල ස්වභාවය සැළකිල්ලට ගැනීමේදී ලිහිල් ආකාරයෙන් දඬුවම් නියම කිරීමට හෝ දඬුවම් එකවර ගෙවී යන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාක් නැතැයි පෙන්වා දෙමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
 
 
 
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය පෙනී සිටියාය.



අදහස් (6)

අල්ලස් ගත් යක්කලමුල්ල හිටපු තාක්ෂණික නිලධාරියා වසර 12 ක් හිරේට

siri Tuesday, 30 June 2020 01:02 PM

අහස් යාත්‍රා වලින්, වරායවල් වලින්, ගුවන් තොටුපලවල්වලින්, සම්මන්ත්‍රණ ශාලා වලින්, අවි ආයුධ වලින් එහෙම කොමිස් ගහපු කාටවත් නීතිය මේවගේ ක්‍රියාත්මක වෙන්නේ නැතුවා ඇති නේද අබිලින්?

:       89       102

MaheshTuesday, 30 June 2020 04:56 PM

මහපරිමානෙන් කරහම ලේසියට අහුවෙන්නේ නෑ. ආන්ඩු මාරු වුනත් බය වෙන්න දෙයක් නෑ... මේ වගේ පොඩි පොඩි ඒවා කරහම ඉතින් කෙලින්ම ඇතුලේ !

:       0       0

කුමාරTuesday, 30 June 2020 06:26 PM

විත්තිකරුගේ ක්‍රියාවෙන් රාජ්‍ය සේවය විශාල ලෙස හෑල්ලුවට ලක්වී කඩාවැටීමකට ලක්වී ඇතැයිද සමස්ත සමාජයම අල්ලසින් බේරාගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත්කර තැබීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය. මේ මනුස්සයා අල්ලසක් ගන්න දන්නේ නැහැ... ගන්න ඕනේ මිලියන් වලින්... ඒවා අල්ලස් කොමිසමට පේන්නේ නැහැ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 03:47 PM

නීතිය සැමට සමාන හා සාධාරණ විය යුතු වුවද, තෙවැනි ලොව ඇතැම් රටවල එසේ නොමැති බව පෙනේ..!!! එම රටවල දේශපාලකයින්ට හා බලවතුන්ට වෙනම නීතියක්ද, අනෙක් අයට තවත් නීතීයක්ද ඇතිබව පෙනේ.. අහෝ..!!! නීතියේ දෙව්දුවනි...

:       0       15

Lion Wednesday, 01 July 2020 01:51 AM

කෝටිගණන් කෙළපු අය පාර්ලිමේන්තුවේ තාම සැපගන්නවා.. රණතුංග ලොකු ටෝක්ස් දෙනවා. අනේ මෙහෙම විපරිත රටක්..

:       0       0

ලලිත් අම්බලන්ගොඩගේ Wednesday, 01 July 2020 05:05 AM

මරේ මරු ඔන්න ඔහොම තමයි දූෂිතයින්ට දඬුවම් දෙන්න ඕනෑ. තරාතිරම ගැන හිතන්න එපා. විනිසුරුතුමනි, ඔබතුමාට ජාතියේ උත්තමාචාරය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site