(ඩී.ජී.සුගතපාල)
අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(16) නියෝග කළේය.
සැකකරුවන් තිදෙනා හංවැල්ල සහ රණාල පදිංචිකරුවෝ වෙති.
අහංගම නගරයේ බෑග් ව්‍යාපාරිකයෙකු ඊයේ (15) සවස මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටියදී ඉමදුව පොලිස් මුර පොළේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අහංගම පොලිසිය වෙත බාරදි තිබිණි.
අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් ඉමදුව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුලු කිරිමට උත්සාහකල අවස්ථාවේ එහි පොලිස් මුරපොලේ රාජකාරියේ සිටි නිලධාරින් විසින් සැකපිට මෝටර් රථය පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ පුද්ගලයෙකු පැහැර ගෙන යමින් සිටින බවය.
ඒ අනුව මෝටර් රථය සහ සැකකරුවන් තිදෙනාද පැහැරගැනිමට ලක්වු ව්‍යාපාරිකයාද අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අහංගම පොලිසියට බාරදි තිබිණි.
පරීක්ෂණවලදී අනාවරණයවි ඇත්තේ මෙම පැහැරගැනීම මුදල් ආරවුලක් මත සිදුව ඇති බවය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අධිවේගී මඟේදී ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනා රිමාන්ඩ්