IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හතරවැනි සාක්කිකාරියට නොතිසී

ලංකාදීප මාධ්‍යවේදිනී රේඛා තරංගනී මහත්මියට එරෙහිව මොරටුව පොලිසිය විසින් පනවන ලද මොරටු අධිකරණයේ විභාග වන නඩුව අවසාන වශයෙන් විභාගය සඳහා අගෝස්තු 30 යළි කැඳවන ලෙසත් පැමිණිල්ලේ හතරවැනි සාක්ෂිකාරියට නොතිසි නිකුත් කරන ලෙසත් මොරටුව අතිරේක දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද (31) නියෝග කළේය.

රාජ්‍ය සේවකයෙකුගේ ආඥාවට අකීකරු වී අධිකරණයේ ඡායාරූප ගැනීම සහ අධිකරණයට අපහස කිරීම යන චෝදනා දෙක යටතේ පොලිසිය විසින් නඩුව ගොනු කර තිබේ.

නඩුවේ හතරවැනි සාක්ෂිකාරිය වන 7970 සංජීවනී සහ නම් නොකළ හත්වන සාක්ෂිකරුගේ සාක්ෂි අධිකරණය හමුවේ විභාගයට ගැනීම අදට නියමිතව තිබුණි.

නඩුවේ හතරවැනි සාක්ෂිකාරිය වන පොලිස් කොසතාපල්වරිය ප්‍රසුත නිවාඩු ලබා ඇති බව පැමිණිල්ල මෙහෙයවු පොලිස් කොස්තාපල් 77406 අමිල යන අය අධිකරණයට දැන්වීය.

පැමිණිල්ලේ ප්‍රකාශ සටහන් කල සාක්ෂිකරුවන් හයදෙනාට අමතරව හත්වැනි සාක්ෂිකරුවෙකු ඇතැයි පොලිසිය පසුගිය නඩු වාරයන්හීදි අධිකරණයට දැන්වා තිබූ අතර දැන් හත්වැනි සාක්ෂිකරුවකු ඉදිරිපත් කිරීම ඉල්ලා අස්කර ගන්නා බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අවසාන වශයෙන් විභාගය අගෝස්තු 30 වැනිදාට සිදුකිරීමටත් හතරවැනි සාක්ෂිකාරියට නොතිසි නිකුත් කරන ලෙසත් අද (31) නියෝග කළේය.

විජය පුවත්පත් සමාගම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ ‍නීතීඥ විශ්වා ගුණරත්න මහතාගේ උපදෙස් මත නිතිඥ දර්ශිකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

 

 



අදහස් (0)

හතරවැනි සාක්කිකාරියට නොතිසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site