(ඉන්දිකා රාමනායක)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන යාමට උත්සහ කළ බව කියන චෝදනාවට මාලිගාකන්ද අධිකරණ හමුවේ වරද පිළිගත් විත්තිකරුවකුට අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (9) මාස 3 ක ලිහිල් සිරදඬුවමක් නියම කළාය.
මෙලෙස සිර දඬුවම නියම වුයේ මාලිගාවත්තේ පදිංචි සංජීත් සංජීව නැමැත්තායට.
මෙම විත්තිතරු බන්ධනාගාර ගත වී සිටින වෙනත් රැඳවියකුට ලබා දීම සඳහා ඊයේ (8) ආහාර බාස්කට් එකක් තුළ සූක්ෂම ලෙස මෙම දුරකතන දෙක හා චාජර් දෙක රැගෙන ගොස් සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අමුත්තන් පරීක්ෂා කරන ස්ථානයේ දී මෙම භාණ්ඩ සමඟ මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට බාර දීමෙන් පසු බොරැල්ල පොලිසිය සැකකරුට චෝදනා ගොනුකොට මාලිගාක්නද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
විත්තකරු එම චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුට මෙම දඬුවම නියම කළාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වරද පිළිගත් විත්තිකරුවෙකුට මාස 3 ක ලිහිල් සිරදඬුවමක්