IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වාරණය නොදුන්නාට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාර ඉහළ අධිකරණයට යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීම වලක්වාලන වාරණ නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය ලබා දුන් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන 06 වැනිදා සලකා බැලීමට සිවිල් අභියාචනාධිකරණය අද (02) නියම කළේය.
 
 එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීම වලක්වාලන වාරණ නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් 22 දිසා අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් සමගි ජනබලවේගයේ නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ එම පෙත්සම සිවිල් අභියාචනාධිකරණය විනිසුරු ලෆාර් තාහීර් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් හමුවේ සලකා බැලිණි.
 
 එම අභියාචන පෙත්සම් සිවිල් අභියාචනාධිකරණය හමුවේ කැදවු අවස්ථාවවේදී වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් නොතීසි තම සේවාදායකයින්ට ලැබුනේ ඊයේ  දිනයේ බැවින් පෙත්සම් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තමන්ට කල් අවශ්‍ය බවය.
 
කරුණු සලකා බැලූ සිවිල් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන සදුදාට කල් තැබිණි.
 
අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතාද , වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.
 



අදහස් (1)

වාරණය නොදුන්නාට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාර ඉහළ අධිකරණයට යයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 09:51 AM

ඡන්දය අතළඟ... මේ දෙගොල්ලන්ම උසාවිය ළඟ... ඡන්දය දෙගොල්ලන්ම දිනාවි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site