තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය නවත්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඞ් මීහාල් , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නීතිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර ගිහාන් පිලපිටිය මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාග සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිතාසියක් නිකුත් කර ඇති බවය.නමුත් එම නඩුව කැදවීම පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල් ගිය බවත් ,තමන්ට ලබන 28 වැනිදා යලි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එම මහේස්ත්රා ත්වරයා සිතාසියක් නිකුත් කර ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
එලෙස සිතාසි නිකුත් කීරීම නීතියට පටහැනි බවත් , සිය අයිතිවාසිකම් කඩවී ඇති බවත් , එසේම එය ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි බවද පෙත්සමේ සදහන්වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසද , තමන්ට එරෙහිව පවතින මහේස්ත්‍රාත් නඩු විභාගය නවත්වන්නැයිද පෙත්සම්කාර හිටපු මහාධිකරණ විනිසුරුවරයා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.
පෙත්සම්කාර හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන සහීඩා බාරි සහ ලක්මිණි ගිරිහාගම යන මහත්මීහු පෙනී සිටියහ.
2025 ඔක්තෝබර් මස 08
1977
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1548
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපති ඉදිරිපත් නොවේ