( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතිය සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
මෙම පැමිණිල්ල මෙම මස 21 වන දින සළකා බැලීමට නියමිතය.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු , එහි ලේකම් වජිර විජේකෝන් යන මහත්වරු ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ ඇත.
පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව අභියාචනාධිකරණය මඟින් නියෝගයක් ප‍්‍රකාශට පත් කරනු ලැබ ඇත.
එසේ තිබියදී විදුලි ඉංජිනේරුවන් වැටුප් වර්ධක ආදී දීමනා මුල් කරගනිමින් පසුගිය 13 වැනි දින සිට අකුරට වැඩකිරීමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
මෙම තත්ත්වය රට තුළ ඇති වී තිබෙන ආරක්ෂක තත්ත්වයට බලපායි. වෙසක් උත්සවය නිසි අයුරින් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අඩාල වන තත්ත්වයට පත්වී ඇත. දැනටමත් රටෙහි විවිධ ප‍්‍රදේශයන්හි විදුලිය ඇන හිටීම පිළිබඳව පැමිණිලි රාශියක් ලැබී ඇත.
එබැවින් අදාළ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය වළකාලමින් වගඋත්තරකරුවන්ට එරෙහිව වාර්ණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංවිම විරෝධතා වළකාලන වාරණයක් ඉල්ලා පැමිණිල්ලක්