(නිමන්ති රණසිංහ)
2016 වර්ෂයේදී වැලිකඩ ප‍්‍රදේශයේ රිය අනතුරක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර යන අය අධිකරණයට බාරවන තුරු සැකකාර හිටපු අමාත්‍යවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ සැඟව සිට ඇතැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (24) අධිකරණයට ප‍්‍රකාශ කළේය.
ඉකුත් දෙසැම්බර්බර් මස 17 වැනිදා සිට අධිකරණයට බාරවන තුරු තමා සැකකාර අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ සැඟව සිටි බවට සැකකාර දිලූම් තුසිත කුමාර යන අයගේ දෙවැනි ප‍්‍රකාශයට අනුව අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය හමුවේ අද (24) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රියදුරු අධිකරණයට බාරවන තුරු පාඨලීගේ නිවසේ සැඟව සිටි බව දන්වයි