IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මහින්ද ඇතුළු පිරිසට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම ඉල්ලා අස් කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
2018 ඔක්තෝබර් 26 වැනිදා  හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනා ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
 
 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරුවලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ එම පෙත්සම අද(12) අභියාචනාධිකරණය  විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැදවිණී.
 
 එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් මෙම පෙත්සම  තවදුරටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන හෙයින් එය ඉල්ලා   අස්කර ගන්නා බව විනිසුරු මඩුල්ල හමුවේ දන්වා සිටියේය.ඊට ⁣විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය.
 
 එහිදී මෙම පෙත්සම ගොනු කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නම් කර තිබිණි.
 
 



අදහස් (3)

මහින්ද ඇතුළු පිරිසට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම ඉල්ලා අස් කරගනී

sirimal Tuesday, 12 March 2019 10:30 AM

මේ 122ක අය වැයට පක්ෂව ඡන්දය දුන්නොත් මහින්ද මහත්තයාටත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමටත් හුලං නේද?

:       0       58

kusumTuesday, 12 March 2019 02:05 PM

117 ට බැහැලා. 113 ට වඩා 4 වැඩි විතරයි අය වැයට පක්ෂව ඡන්දය. ඒකත් ටි.එන්.ඒ එකේ 14 ත් එක්ක. මුස්ලිම් කොටසත් ඉන්නවා. එතකොට තනියම කියද ? මාර සුළුතර ආණ්ඩුවක්නේ .

:       51       2

sirimalTuesday, 12 March 2019 03:11 PM

අප්‍රේල් වෙනකොට බහුතරය තියෙන්නේ කාටද කියල පෙනේවි. මේකට නම් කෝටි ගණන් ගෙවල මන්ත්‍රීන් බා ගන්න උත්සාහ කරන එකක් නැහැ.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site