IMG-LOGO

මන්ත්‍රී මනූෂ නානායක්කාරට වරෙන්තු

(ඩී.ජී.සුගතපාල)

 

නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) වරෙන්තු නිකුත් කළේය.

මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියාවලට යවන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්කිකරු ලෙස නම්කර සිටින මන්ත්‍රීවරයා සාක්කි දිම සඳහා අද අධිකරණයේ පෙනි සිටිමට නියමිතව තිබුණත් අධිකරණයේ පෙනී නොසිටිමෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිය.

තංගල්ලේ තරුණයකු දික්වැල්ලේ මිතුරෙකු සමග ජපන් භාෂාව හදාරා ඇති අතර දික්වැල්ලේ මිතුරාගේ පියා තංගල්ලේ තරුණයාට ගාල්ල හපුගල පදිංචි පුද්ගලයෙකු හඳුන්වා දි  තිබේ. ඔහු වතු අධිකාරිවරයෙකු බවත් මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියා ලබාදිමට ඔහුට හැකි බවත් පවසා ඇත.

ඒ අනුව තංගල්ලේ තරුණයා එම පුද්ගලයා සමග කතා කිරිමේදි මන්ත්‍රිවරයා මගින් ජපන් රටේ රැකියාවලට යැවීමට හැකි බවත් ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 14 ක් අවශ්‍ය බවත් පවසා ඇත.

පසුව 2019 පෙබරවාරි 23 වැනිදා තරුණයා මුදල් ලබාදිම සඳහා ගාල්ලට පැමිණ ඇති අතර රාගම තරුණයකු ද මුදල් ලබාදිමට පැමිණ තිබේ. එම ස්ථානයට පැමිණි සැකකරු  මන්ත්‍රීවරයා නොමැති බවත් එය ඉටුකරදිම සඳහා පළමුව රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදෙන ලෙසත් සැකකරු ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ සැකයක් ඇතිවූ තරුණයා තම මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව විමසිමේ දී මෙය වංචාවක් බවත් මුදල් ලබා නොදෙන බවත් දන්වා ඇති බවත් පසුව තංගල්ලේ සිට පැමිණි තරුණයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ. 

මේ සම්බන්ධ නඩුවේ පළමුවන සාක්කිකරු ලෙස මනුෂ  නානානයක්කාර මහතා නම් කර ඇත. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 6 වැනිදා කල් තැබිණි.



අදහස් (3)

මන්ත්‍රී මනූෂ නානායක්කාරට වරෙන්තු

Prasad Friday, 04 September 2020 12:18 PM

ඔබතුමා ජනපති, අගමැති තනතුරුවලට අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් සිටිනවා.

:       3       25

sarath perth Saturday, 05 September 2020 12:42 AM

පෙර ඇප ඉල්ලීම් අයදුම් පතක් වගේ දෙයක් කරයි. උසාවි යන එකක් නැහැ. නීතියෙන් රිංගන හැටි තමයි.

:       0       0

මුණසිංහ Saturday, 05 September 2020 01:22 AM

ගාල්ලේ කුඩුකාරයන්, දූෂිතයන් ආරක්ෂා කරන්නේ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 354 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 219 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site