IMG-LOGO

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට

(උපාලි ආනන්ද)

බාල වයස්කාර දැරියක වරින්වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් ලබා සිටි විත්තිකරුවෙකු, එකී අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් පසු වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු, උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය  සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා  අද (2) නියම කළේය.
 
මෙසේ දඩුවම් නියම වූයේ නොච්චියාගම පහළවැටියාව පදිංචි එම්. නිහාල් ලක්ෂ්මන් නැමැති 48 හැවිරිදි සිව්දරු පියෙකුටය.
 
විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා පහෙන් අධි චෝදනා  තුනකට වෙන් වෙන් වශයෙන් වසර 7 බැගින් ද, තවත් අධිචෝදනා දෙකකට පිළිවෙළින් වසර 7 සහ වසර දෙක බැගින් ද මෙලෙස බරපතල වැඩ සහිතව  වසර 30ක සිර දඬුවම් නියම කෙරිණ.
 
ඊට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය. තවද, මුදලින් රුපියල් 12, 500ක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසර දෙකහමාරක සිර දඬුවමකටද යටත් කෙරිණ. නියම කළ 30  වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම එකවර ගෙවී යා යුතු බවටද නියෝග කෙරිණ.
 
2016 වසරේ ජනවාරි මස 1 දා සහ 2016 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් නොච්චියාගම අන්දරකැළයදී විත්තිකරු වයස අවුරුදු 16 ට අඩු දැරියක අපයෝජනය කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 356 වන වගන්තිය ප්‍රකාරව අධිචෝදනා පහක් යටතේ වෙන් වෙන් වශයෙන් ඔහුට එරෙහිව නඩු දෙකක් අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ පවරා තිබිණ.
මෙම  නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර විත්තිකරුට අධිචෝදනා බාරදීමෙන් පසුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණ.
 
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුනතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (0)

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site