(පැතුම් දර්ශන)
අවුරුදු 14ක් වයසැති පාසල් දැරියකට ලිංගික අතවර කළ යුද හමුදා කපිතාන්වරයෙකු හොරොව්පොතාන නගරය ආසන්නයේ පිහිටි තානායම් පාර ප්‍රදේශයේදී සැකපිට අද(09) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
හොරොව්පොතාන තානායම් පාර ප්‍රදේශයේ පාලු ස්ථානයක නිල ඇඳුමෙන් සැරසුනු පාසල් දැරියක හා සිවිල් ඇඳුමක් ඇඳගත් පුද්ගලයකු අශෝභන ලෙස හැසිරෙන බවට ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හොරොව්පොතාන අලපත්වැව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු බව පොලීසිය වැඩිදුරටත් කියයි.
මොහු නෙළුමිවැව, ජනකපුර යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.
දැරිය පාසල නිමවීමෙන් පසු අනුරාධපුර හොරොව්පතාන බස් රථයක නැගී නිවස බලා එමින් සිටියදී එම බස් රථයෙන්ම පැමිණි සැකකාර කපිතාන්වරයා දැරිය රවටා ඇති බව පොලිසිය පවසයි.
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව හෙට (10) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාසැල් දැරියට අතවර කළ යුධහමුදා කපිතාන් අත්අඩංගුවට