IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 12

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )
 
මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කරමින් , පරිසර වාර්තාවක් නොමැතිව ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම නොවැම්බර් 12 වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය ඊයේ (22) දින නියම කළේය.
 
රිට් පෙත්සම් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එදිනට පෙර නොතීසි නැවත දන්වා යවන්නැයිද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී අභියාචනාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.
 
ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන ලෙසත් ,වෙරළ ආශ්‍රිත පරිසරය දූෂණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ පෙත්සමේ පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර අමැති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ගල්කිස්ස වෙරළ තීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය , පොලිතීන් ආදි අපද්‍රව්‍යයන් ගෙන් අපවිත්‍ර වී ඇත.මෙම තත්ත්වය තුළ වෙරළ තීරයන්ද පරිසර දූෂණයට ලක්ව ඇත.මෙම තත්ත්වය රටෙහි අනෙකුත් වෙරළ තීරයන් හීද දක්නට ඇත.
 
ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිත  මුහුදු ප්‍රදේශය බොහෝ ස්නානය සඳහා බොහෝ ජනතාව භාවිතා කරති.මේ අතර ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.එම ව්‍යාපෘතියට අනුව වෙරළ කෘතිමව සකස් කිරීම අරඹා ඇත.
 
මෙම තත්ත්වය තුළ වෙරළ පරිසරය විනාශයට පත්වේ.මෙම වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කර ඇත.එහෙත් මේ පිළිබඳ පරිසර වාර්තාවක් මෙතෙක් ලබා ගෙන නොමැත.
 
මෙම තත්ත්වය තුළ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 4(ඉ) 4 (ඊ) 14 , 16 (2) 15 සහ 31 යන විධි විධානයන් උල්ලංඝනය වේ.
 
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , අදාළ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලෙසත් , වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසත් , අදාළ ව්‍යාපෘතියට පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
 
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නිල්මල් වික්‍රමසිංහ සහ රවින්ද්‍රනාත් දාබරේ යන නීතීඥවරුන් පෙනී සිටියහ.



අදහස් (0)

පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site