IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


තෙල් කාන්දුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ හානිය ගැන නීතිපති වාර්තාවක් ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුව හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා සමුද්‍රීය පරිසර අධිකාරියට හා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන විශේඥයින්ට අද (21) දැනුම් දුන්නේය.

සමුදීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ලහඳපුර මහත්මිය සමඟ සමුදීය පරිසර විශේඥයින් පිරිසක් නීතීපතිවරයා හමුවූ අවස්ථාවේදී නීතීපතිවරයා ඔවුන්ට එලෙස උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මහත්මිය පැවසුවාය.

බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී.නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවී ඇති බව වාර්තා වන අතර ඒ  හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙස නීතීපතිවරයා මීපා ආයතනයට මීට පෙර අවස්ථාවකදී දැනුම් දී තිබිණි.

ඒ අතර මෙම තත්වය පිළිබඳ විමර්ශනය කරන සමුදීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිවරිය හා ඒ සඳහා මීපා ආයතනය සමඟ සමීපව කටයුතු කරන විශේඥයින් පිරිසක් නීතීපතිවරයා හමුවූ අතර ඔවුන් සමඟ පැවැති සාකච්ඡාවකදී අදාළ නෞකාවෙන් සිදුවු තෙල් කාන්දුව හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.

 



අදහස් (0)

තෙල් කාන්දුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ හානිය ගැන නීතිපති වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27170 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10877 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 631 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 844 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site