( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මරණ දඩුවම් නියමව සිටින තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද නැත්ද යන්න පිළිබද අතුරු නියෝගය ලබන සදුදා (07) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.
මහමැතිවරණයෙන් තේරී පත් වූ තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම අද(04) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු ද්වි පුද්ගල. අභියාචනාධිකරණ මඩුල්ලක් හමුවේ මේ වනවිට සලකා බැලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය එදිනට කල් තැබිණි.
එසේම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැත්ද යන තීන්දුවද එදිනට ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
පෙත්සම්කාර චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැකවීය.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීම් වලට රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවය.
එබැවින් මහජන ඡන්දයෙන් තේරී පත් වූ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිපති වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කාර චූදිත මන්ත්‍රීවරයාට දැනටමත් මරණ දඩුවම නියමව ඇති හෙයින් එවැනි චූදිතයෙකුට පාර්ලිමේන්තු යාමට නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව නොමැති බවය.
ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ලැබ සිටිති.
අපෙත්සම්කරු කියා සිටින්නේ, මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
චොකා මල්ලීගේ ඉල්ලීම සලකා බැලීම 7 දා
Nihal Friday, 04 September 2020 10:09 AM
මනුෂ්‍ය ඝාතකයන් පාර්ලිමේන්තු පැමිණ කුමක් කරන්නද?
Bamunuarachchi Saturday, 05 September 2020 10:57 AM
සාමාන්‍යයෙන් මිනීමරුවෙක් ඉල්ලීම් කරන්න මරන්න, ගෙනියන්න සූදානම් කරනවිට නේද?