(මනෝප‍්‍රිය ගුණසේකර)
දරු දෙදෙනාගේ නඩත්තු නොගෙවා මාස 06 ක කාලයක් පුරා සැඟවී සිටින ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පස්වරක් වරෙන්තු නිකුත් කර තිබුණත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම හේතූවෙන් කැලණිය කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියම කළාය.
පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් මෙන්ම කැලණිය කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන්ද වරෙන්තු නිකුත් කර සිටින සංචාරක ව්‍යාපාරයක හිමිකරුවෙකු බව කියන දිනුක් ගිහාන් නික්ලස් නමැත්තා අත්අඩංගුවට නොගැනීම හෝ ඔහු සම්බන්ධයෙන් වරෙන්තු වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙලෙස අධිකරණයට කැඳවනු ලැබ ඇත.
සිය නීත්‍යානුකූල බිරිඳ සහ අවුරුදු 17 ක් සහ 07 ක් වයසැති දරු දෙදෙනා හැරදමා වෙනත් කාන්තාවක් සමඟ දිවිගෙවන සැමියාගෙන් දරු දෙදෙනා නඩත්තු කිරීම සඳහා මුදල් අයකර දෙන්නැයි ඉල්ලමින් කාන්තාවක් විසින් පවරා තිබු පැමිණිල්ලක් කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.
දරු දෙදෙනා නඩත්තු කිරීම සඳහා මුදල් අයකර දෙන්නැයි ඉල්ලමින් කාන්තාවක් විසින් පවරා තිබු නඩත්තු පැමිණිල්ලක් විභාග කළ අධිකරණය මීට පෙර අවස්ථාවකදී මසකට රුපියල් 50,000/- බැගින් දරු දෙදෙනාගේ නඩත්තු මුදල් ගෙවන ලෙස පසුගිය පෙබරවාරී මාසයේදී වගඋත්තරකරුට නියම කොට තිබුණත් ඔහු පළමු මාසයේදී හැර ඉන්පසු නඩත්තු මුදල් ගෙවා නොමැති බවද අධිකරණයේදී හෙළි විය.
නඩත්තු මුදල් නොගෙවීම මත වගඋත්තරකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් මෙන්ම කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන්ද අවස්ථා පහකදී වරෙන්තු නිකුත් කොට ඇතත් වගඋත්තරකාර ව්‍යාපාරිකයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැතැයි අධිකරණයේදී හෙළි විය.
සැකකරු අත්අඩංගුවට නොගැනීම සහ වරෙන්තු වාර්තා ඉදිරිපත් නොකිරීම ඇතුළු ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත‍්‍රාත්වරිය මෙම පැමිණිල්ල ලබන 21 වැනිදා යළි කැඳවීමට නියම කළාය.
2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියෝග