IMG-LOGO

අලි රොෂාන් ඇතුළු පස් දෙනකුට විශේෂ මහාධිකරණයේ පෙනී සිටින්න සිතාසි

(මනෝප‍්‍රිය ගුණසේකර)

වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පස් දෙනෙකුට ලබන 26 වැනිදා විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් එම අධිකරණය අද (16)  සිතාසි නිකුත් කළේය.

විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ තෙවැනි නඩුව වශ්‍යයෙන් නීතිපතිවරයා පවරන ලද මෙම නඩුව සළකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස සිතාසි නිකුත් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතිපතිවරයා මෙම නඩුව පවරන ලදී.

මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කරන ලද්දේ අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘‘අලි රොෂාන්’’ වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ (නීතී) උපාලි පද්මසිරි, එහි අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී ප‍්‍රියංගිකා සංජීවනී, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චන්දන ගම්ලත් සහ පී.ජී. ජයලත් නමැත්තන්ටය.

2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

මෙම අලි ජාවාරමට සම්බන්ධ බව කියමින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනමකට ලක් කළත් මෙම නඩුවෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කර නොමැත.



අදහස් (0)

අලි රොෂාන් ඇතුළු පස් දෙනකුට විශේෂ මහාධිකරණයේ පෙනී සිටින්න සිතාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 27 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site