(නිමන්ති රණසිංහ)
අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, හිටපු අගවිනිසුරු සහ නීතිපති මොහාන් පීරිස් සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු ලේකම් එම්. ඒ. ෆර්ඩිනෑන්ස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුව ලබන පෙබරවාරි 12 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය.
සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින 22/18 දරණ ඈපෑලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක් නිකුත් කර ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජී. චන්ද්‍රසිරි මහතා කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටි බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තුරු නඩුව කල් තැබීමට අධිකරණය එලෙස නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් චූදිතයින් තිදෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවේ ඉකුත් ජනවාරි 18 වැනිදාය.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළව හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කරනු ලැබූ අතර, එය සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඇතුළු පිරිසකට මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුව පෙබරවාරි 12 ට කල්යයි