( ටෝනි කරුණානායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය බාරයේ සිටින සැකකරුට ආදාර අනුබල දිමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 08 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද(29) නියම කළේය.
ආඩිඅම්බලම සහ යටියන ප්‍රදේශයේ වල පදිංචි කරුවන් වන එරික් සියන්ත පිරිස් සහ එම්.ඒ.අමිත් කුමාර යන සැකකරුවන් දෙදෙනාව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .
අධිකරණ නියමයෙන් මිනුවන්ගොඩ පොලිසියේ රදවා තබාගෙන විමර්ශනය කරන මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි ටයිල් චමින්ද නැමැත්තා ගේ උපදෙස් මත සැකකරුවන් දෙදෙනා හෙරොයින් ජාවාරම් කිරිමේ කටයුතුවල නිරත වෙමින් හෙරොයින් කිලෝ11ක් අන් අයට ලබා දිමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියේ දින07ක්රදවා තබාගෙන විමර්ශනය කිරිමෙන් අනතුරුව පොලිසිය අධිකරණ යට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
සැකකරු වන් දෙදෙනා හෙරොයින් කිලෝ11ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණ ය හමුවේ වැඩිදුරටත් සදහන් කලේය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට හෙරොයින් ජාවාරමට අනුබල දුන්නැයි දෙදෙනකු රිමාන්ඩ්