IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මැතිවරණ කාර්යාලය ඉල්ලා ගුරු සංගමයක් පොලිසි යයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කොළොන්න ආසනයේ ප‍්‍රධාන කාර්යාලය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණ ප‍්‍රවර්ධන කටයුතු සඳහා ලබාදෙන්නැයි ඉල්ලමින් ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සංවිධායක ලේකම්වරයා ඇතුලූ පිරිසක් අද (07) දහවල් ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කළහ.
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොළොන්න ආසන සංවිධායක ශාන්ත රත්නායක මහතා චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා දිනවිමට එක්වීම නිසා කාර්යාලයේ බලය ඔහු හිමිකරගෙන සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සංවිධායක ලේකම් ජේ.කේ.ආර්.සේනාධීර මහතා පැවසීය.

ඔහු සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන සභිකයන්,අපේක්‍ෂකයන් ඇතුලූ පාක්‍ෂිකයන් පිරිසක් පොලිසීයට පැමිණ සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සංවිධායක ලේකම් ජේ.කේ.ආර්.සේනාධීර මහතා:
 
ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂ කොලොන්න ආසනයේ ප‍්‍රධාන ප‍්‍රධාන කාර්යාලය දැන් වෙනත් අපේක්‍ෂකයෙකුගේ ප‍්‍රවර්ධන කටයුතු කරන්නේ. ඊට හේතුව කොලොන්න ආසනයේ ශ‍්‍රීලනිප ආසන සංවිධායක ශාන්ත රත්නායක මහතා චන්‍ද්‍රීකා මැතිණිය සමග එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා දිනවන්න එකතුවෙලා ඉන්නේ. දැන් මේ කාර්යාලයේ කටයුතු කෙරෙන්නේ ශ‍්‍රීලනිපය සහාය දෙන අපේක්‍ෂකයාගේ ප‍්‍රවර්ධන කටයුතු සදහා නෙමෙයි.

මේ බව අපි ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට දැන්වුවා. මේක මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිල්ලක්. මහලේකම්තුමා දැනුම්දුන්නා ඒක අපට දෙන්න කියලා. උදේ එතනට ගියාම ශාන්ත රත්නායක මහතා ඒක දුන්නේ නෑ. ගැටුමක් ඇතිකරන්නේ නැතුව ඒක ගන්න පැමිණිල්ලක් කරන්නයි පොලීසි ආවේ.

පොලීසියට පැමිණිල්ල කර ආපසු පිටව යමින් සිටි ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රීලනිප සභික වී.පී. පැතුම් මධුශංඛ පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය ප‍්‍රවර්ධනය කිරිමට කටයුතු කළ කොළොන්න ආසනයේ ප‍්‍රධාන කාර්යාලය දැන් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා දිනවීමේ ප‍්‍රවර්ධන කටයුතු වලට යොදාගෙන ඇති බවයි. ඒනිසා එම කාර්යාලය ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ලබාගැනීමට පොලීසියට ආ බවද ඔහු කීවේය.



අදහස් (3)

මැතිවරණ කාර්යාලය ඉල්ලා ගුරු සංගමයක් පොලිසි යයි

voter Thursday, 07 November 2019 10:21 AM

වැඩක් බලන් ඉන්නැතුව පොහොට්ටුවට කඩේ යනවා.

:       171       514

ශ්‍රීThursday, 07 November 2019 11:02 AM

ඔය ගුරු සංගමය ගුරුවරු වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ සාමාජිකයන් උගන්වන්නේ නෑ ඕක තමයි කරන්නෙ ගුරුවරුන්ට නිගා කරන එක.

:       77       100

කපුරුහාමි Thursday, 07 November 2019 11:52 AM

අධ්‍යාපනයත් නැති කරපු අය. දුෂිත පවුල් පාලනේ, බලලෝභී, බඩගොස්තරවාදි දේශපාලුවන්ට කඩේ යනවා. ලැජ්ජයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

Complain

ගෝඨාභයට අපහස වන ආකාරයේ අත් පත්‍රිකා බෙදූ 2 ක් අත්අඩංගුවට
2019 නොවැම්බර් මස 10 2235 19

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මිරිහාන කොට්ටාව පාර විජේසේකර මාවත ප්‍රදේ


ජනපතිවරණ මැතිවරණ පැමිණිලි 164 ක් ගාල්ලෙන්
2019 නොවැම්බර් මස 10 289 0

ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ පැමිණිලි 164ක් ඔක්තෝබර් 1 වැනි දා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ


අලි වෙඩි දෙකක් සමග ජන රැළියකට ආ අයෙක් අල්ලයි
2019 නොවැම්බර් මස 08 2326 12

පොළොන්නරුවේ පැවති දේශපාලන රැළියකට අලි වෙඩි 2ක් රැගෙන පැමිණි පුද්ගලයකු අද(08) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.


මැතිවරණ කාර්යාලය ඉල්ලා ගුරු සංගමයක් පොලිසි යයි
2019 නොවැම්බර් මස 07 2258 3

ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කොළොන්න ආසනයේ ප‍්‍රධාන කාර්යාලය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණ ප‍්‍රවර්ධන කටයුතු සඳහා ලබාදෙන


එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට
2019 නොවැම්බර් මස 07 4953 16

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (


එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ
2019 නොවැම්බර් මස 06 8626 30

හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ ‌වෙඩි තැබීමකින් තුවාල ලැබූ ‌දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව ‌‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1943 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site