2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ටික දවසක් දේශපාලන නිශ්ශබ්දතාවක් රටේ පැවතුණේ. ඔය අතරේ සරත් ෆොන්සේකාට ආරක්‍ෂාව දුන් හමුදා කණ්ඩායම් අත්අඩංගුවට ගත්තා. එක්සත් ජාතික පක්‍ෂයට ලොකු හිරිහැර සිද්ධ වුණේ නෑ. අපි ඊළඟට මොකද කරන්නේ කියලා සාකච්ඡුා කරන්න රැුස්වීම් ගණනාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡුාවලට අපි සරත් ෆොන්සේකාගෙ ගෙදර ගියා. එළියෙදී හමුවෙන එක ඒ තරම් යහපත් නෑ කියලා අපිට තේරුණා.
මේ සාකච්ඡුා විවිධ පාර්ශ්ව එක්ක සරත් ෆොන්සේකා පැවැත්වූවා. ඒ සාකච්ඡුාවට සහභාගි වුණේ සරත් ෆොන්සේකාට සහය දුන්නු පක්‍ෂවල නායකයින්. ඒකට එක්සත් ජාතික පක්‍ෂයේ කවුරුවත් එදා සහභාගී වුණේ නෑ මොකක් හරි හේතුවක් නිසා. අනෙක් පක්‍ෂ නායකවරු සහභාගි වුණා. රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, වමේ පක්‍ෂවල නායකයින් එහෙම තමයි මේ සාකච්ඡුාවට සම්බන්ධවෙලා තිබුණේ. ඊළඟට කරන දේශපාලන වැඩ පිළිවෙළ මොකක්ද කියලා තමයි ඒ සාකච්ඡුාවේදී කතාබහ කරලා තිබුණේ.
විශේෂයෙන් ඊළඟ මහ මැතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද කියලා තමයි ඒ අය කතා බහ කරල තිබුණේ. බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබුණා. සරත් ෆොන්සේකා හංසයා ලකුණෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෑ කියලා. එක්සත් ජාතික පක්‍ෂය නම් ඒ අදහසට කැමති වුණේ නෑ. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. මොකද අපේ අනන්‍යතාවම කැඩෙන්න පුළුවන් ඒ වැඩෙන් කියලා මම දිගට කිව්වා. අපි පාර්ලිමේන්්තුවට හංසයා ලකුණින් තරග කළත් ඉදිරියේදී යම් යම් ගැටලූ මතුවෙන්න පුළුවන්. එතකොට ඒ අය පක්‍ෂයට වගකියන එක පිළිබඳවත් ප‍්‍රශ්නයක් එනවා. ඒකෙන් සාමූහිකත්වය පිළිබඳ ගැටලූ වගේම විනය පියවර ගැනීමේදී ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවනි.
අපි යෝජනා කළේ සරත් ෆොන්සේකටත් එක්සත් ජාතික පක්‍ෂයෙත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්න කියලා. අපි සූදානම් වුණා එයා ඉල්ලන ඕනෑම දිස්ත‍්‍රික්කයකින් තරග කරන්න ඉඩ දෙන්න. අපි ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කළා. එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග කරන්න කියලා. ඒ අය ඒකට අකමැති වුණා. ඒ අයගෙ යෝජනාව හංසයා ලකුණෙන් ඉල්ලන්න ඕනෑ කියලා. අපි ඒකට අකමැති වුණා. රනිල් වික‍්‍රමසිංහ නායකතුමාත් ඒකට කැමති වුණේ නෑ.
මේ විදියට පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සාකච්ඡුාවකට තමයි රවුෆ් හකීම්ලා ඇතුළු පිරිස එදත් රාජකීය මාවතේ සරත් ෆොන්සේකා හිටපු තැනට රැුස්වෙලා තිබුණේ. ඔය කියන දවසේ හවස රනිල් වික‍්‍රමසිංහ එකපාරට මට කතා කරලා ගෙදරට එන්න කියලා කිව්වා. මම විනාඩි දහයකින් විතර ගියා. ඒ නිසාම රනිල් වික‍්‍රමසිංහ මට කිව්වා. ‘‘ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ සරත් ෆොන්සේකා ඇරෙස්ට් කරල කියලා. ඒත් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. සරත් ෆොන්සේකා කොතනට ද අරන් ගිහින් තියෙන්නේ කියලා. රනිල් වික‍්‍රමසිංහයි මමයි දෙන්න එවෙලෙමෙ ගියා රාජකීය මාවතේ සරත් ෆොන්සේකා ඉඳපු තැනට. අපි යනකොට ආරක්‍ෂක අංශවල අය පිරිලා කාටවත් ළඟට යන්න දෙන්නේ නෑ. අපි ළඟට ගිහින් ඒ අයගෙන් ඇහුවා මොකක්ද සිද්ධ වුණේ කියලා. ඒ අය කිව්වා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තා කියලා. ඒ කවුරුවත් දැනගෙන හිටියෙත් නෑ කොතනටද අරගෙන ගියේ කියලා. අපි ගොඩක් උත්සාහ කළා සරත් ෆොන්සේකා කොහාටද අරගෙන ගියේ කියලා හොයා ගන්න. අපිට පැය ගණන් යනතුරු හොයා ගන්න බැරි වුණා. ඔහුව කොහාටද ගෙනිච්චේ කියලා.
තව කොටසක් ලබන සතියට
ප‍්‍රියන්ත
කොඩිප්පිලි
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්
සජිත් ප්‍රේමදාසට පමණක් නොව ප්‍රේමදාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර
‘‘ජාතියේ පියා’’ ලෙස විරුදාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක
‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘
දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක
2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ෆොන්සේකා අත් අඩංගුවට