IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සංහිඳියාවට කෙනෙහිලි ඇයි

නාගදීපය වන්දනා කරන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීප නාම පුවරුවේ නාගදීප චෛත්‍යය වැසෙන පරිදි කිසියම් පිරිසක් රතු තීන්න අාලේප කර ඇතැයි කයිට්ස් පොලිසිය ප්‍රකාශ කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකොට ඇති මෙම නාම පුවරුවේ ‘‘නාගදීපය’’ යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍යය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත ආලේපනය කර ඇති බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.


‘‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’’ යන්න වාක්‍යයක් පමණක් නොව ඒකාන්ත සත්‍ය්‍යකි. පීඩාවට පත් කිරීම නොව එවැනි පීඩාවක් ඇතැයි සිතීම පවා ලේ කුහර හදන්නක් බව අපේ රටේ ලේ ගලන ආසන්න මෑත ඉතිහාසය වුවද කදිම නිදසුනකි. 


තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමා වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පරාජය හා විනාශය අත්කර දෙමිනි. ප්‍රභාකරන්ගේ වෙඩි වැදුණු නිසල සිරුර වෙල්ලමුල්ලිවයික්කාල්හි වගුරු බිමක් අද්දර තිබී හමුවීම ප්‍රකාශිත යුද්ධයේ අවසානය ලකුණු කළේය. 


එහෙත් බෙදුම්වාදී මතවාදය එලෙසින්ම වළ නොදැමිණි. ඒ අපේක්ෂාවෙන් පිරීගත් අහම්බයෙන් දිවි ගලවා ගත්තෝද තම පටු හා පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ජාතිවාදය පාවිච්චි කරන්නෝ ද සිටිති. 


යුද, ගුවන්, නාවික හා පොලිසිය යන සෑම ආකාරයකින්ම ත්‍රස්තබලය වර්ධනය කර ගත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මරාගෙන මැරෙන මිනිස් බෝම්බ ලෝකයටම හඳුන්වා දුන්නේය. එවන් ත්‍රස්ත බලයක් ගොඩ නඟාගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආරම්භක ස්වරූපය වර්තමානයෙන් ප්‍රදර්ශනය වන්නේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. 


1956 සංස්කෘතික විප්ලවයත් සමඟ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ අතර එයට එරෙහිව උතුරේත්, නැගෙනහිරේත් ඇවිළී ගිය ජාතිවාදය ප්‍රකාශයට පත් වූයේ නාගදීපයේ නාම පුවරුවේ මෙන්ම සිංහල වචන මත තාර ඇතිරීමෙනි. වාහනවල සිංහල ශ්‍රී අකුර වෙනුවට දෙමළ ශ්‍රී අකුර සටහන් කිරීමෙනි. එයින් ඇවිස්සී ගිය උමතු ජාතිවාදය ත්‍රස්ත ක්‍රියා සඳහා පරිවර්තනය වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. පා මුර සංචාරයේ යෙදුණ පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් ආරම්භ කළ ත්‍රස්තවාදය පුනරින්, මුලතිව් හා ඓතිහාසික අලිමංකඩ, හමුදා කඳවුරු බිමට සමතලා කෙරුණ මහා ත්‍රස්ත කාලයක් දක්වා වර්ධනය විය. 


මඩකලපුව, වව්නියාව පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීමේ සිද්ධියත් නාගදීප නාම පුවරුවේ තීන්න ආලේපන කිරීමත් හඳුනා ගත යුතුව තිබෙන්නේ ඉහත අතීතයට සාපේක්ෂවය. මළවුන් සමරන අසිරිමත් මිනිස්කම පළිහක් කර ගනිමින් මෙන්ම දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියමින් විසකුරු ජාතිවාදී අදහස් පතුරන ඊළඟ මැතිවරණය ඉලක්ක කර ගත් බාල දේශපාලනඥයෝ එදත් සිටියහ. අද සිටින එබඳු දේශපාලනඥයන් තේරුම් ගත යුතු වඩාත් වැදගත් කාරණය වන්නේ එම දේශපාලනඥයන්ගේ ජාතිවාදී අදහස්වලින් මෝහනයට පත් එම තරුණයන්ගේ අවි වලින්ම එම දේශපාලනඥයන්ගේ දිවි ගමන නිමා වූ බවය. 

වෙර වෑයම් කළ යුත්තේ ඒ අඳුරු භීම සමය යළිත් බිහිවීම වැළැක්වීමය. එයට කදිම ආදර්ශයක් ඉකුත්දා දකුණෙන් වාර්තා විය. අපවත්වී වදාළ අලුත්ගම කළුවාමෝදර ඓතිහාසික කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගීශ්වර විනයාචාර්ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී ප්‍රදේශයේ මුස්ලිම් ජනයා අපමණ සංවේගයෙන් ඒ අවස්ථාවට එක් වූහ. උන්වහන්සේගේ දේහය ආදාහන පූජෝත්සවය සඳහා රැගෙන යාමේදී මුස්ලිම් ජනයා ද එයට එක් වූහ. එම අවස්ථාව අප පුවත් පතේ ඡායාරූපයක් සමඟින් වාර්තා කෙරිණි. උස් මහත් කළ යුත්තේ එබඳු බලගතු ආදර්ශයන්ය. රටට ජයග්‍රහණ නිර්මාණය වන්නේ ජාතිකත්වයත් අතර ගොඩ නැඟෙන එබඳු ඇත්ත සංහිඳියාවකින් පමණි.

 



අදහස් (0)

සංහිඳියාවට කෙනෙහිලි ඇයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1731 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1432 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site