IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සරසවි සිසුන් හඹා ආ ධවල භීෂණය

ලෙයින් තෙත්වූ සරසවි බිමේ අඳුරු මතකයෙන් - 02

ජ’පුර සරසවියේ සිසුන් දෙදෙනෙකු 1989 ඔක්තෝබර් ඉංගිරියේ දී ඝාතනයකර තිබූ අන්දම සහ එම මළ සිරුරු අභියස සිටි ප්‍රදේශවාසීන් පිරිසක්.

 

 

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේදී 86/90 භීෂණ සමයේදී ඝාතනයට ලක්වූ සිසුන් අතර පහත අය ද වේ. ඒ. එච්. එම්. මුදියන්සේ - නිකවැරටිය 83/84 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය. (1989 සැප්තැම්බර් 18 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය), බටුහේවගේ දොන් චන්ද්‍රසිරි පෙරේරා 83/84 තෙවන වසර, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (බණ්ඩාරගම දී 1989 පෙබරවාරි 12 රාත්‍රී 7 ට මොරොන්තුඩුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ මගින් පැහැරගෙන ගොස් පසුව වෙඩි තබා ඝාතනය කරන ලදී. 


සිරුර මොරොන්තුඩුව කලපුගම මාර්ගයේ තිබී හමුවිය. ඩී. බන්දුල 83/84 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (කරාතේ කලුපටිධාරියෙකි). විමල් පාලිත මල්ලිකාරච්චි - ඉංගිරිය : 84/85 තෙවන වසර කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (ඉංගිරියේ තිලකාරාම විහාරස්ථානයේදී ආරක්ෂක අංශ මගින් 1999 අගෝස්තු 11 අත්අඩංගුවට ගෙන ඉංගිරියේ රැඳවුම් කඳවුරක රඳවා සිටි අතර පසුව ඝාතනයට ලක්විය.


ගාමිණි මාලසිංහ - වෙන්නප්පුව 84/85 තෙවැනි වසර කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (නුගේගොඩ නාවලදී 1988 දෙසැම්බර් 8 ආරක්ෂක හමුදා මගින් පැහැරගෙන පසුව ඝාතනයට ලක්විය). ඩබ්. එම්. පියසිරි ප්‍රේමලාල් - කුලියාපිටිය 84/85 තෙවැනි වසර කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (මහව පොලිසිය මගින් 1983 ජූලි 23 පැහැරගෙන ගොස් ඝාතනයකර පුලුස්සා දමන ලදී). ආර්. ඩී. ජයවීර - ගල්ගමුව 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (සරසවිය වැසීමෙන් ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී 1988 නොවැම්බර් මස පාසලට පැමිණි ආරක්ෂක හමුදාව මගින් පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය.) ඉන්ද්‍රජිත් - කලපාන, ප්‍රියංකර විජේමුනි  - මතුගම 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (1989 නොවැම්බර් 2 ඝාතනයට ලක්විය. කළුතර ඇන්තනීගෙන් පුහුණුව ලැබූ කරාතේ කලුපටි ධාරියෙකි) එන්. බී. උපුල් කිත්සිරි නානායක්කාර  -  අනුරාධපුරය 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, එච්. එම්. ඩබ්. එම්. ගාමිණි වීරකෝන්  - මාරස්සන : 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, සිසිර දවුන්දසේකර : කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, අශෝක - මාවනැල්ල: කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, ජනක බඹරැන්දේ - මාතර කඹුරුපිටිය : 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (උයන්ගොඩ කරගොඩ ඉහළ විටිවල පදිංචි ජනක කොළඹ ගණකාධිකාරි සහායකයෙකු වශයෙන් සිටියදී 1996 පෙබරවාරි මස සිට අතුරුදන්ය.) ඊ. අසෝක, එස්. බී. එදිරිසිංහ, කෑගල්ල: 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (උඩහමුල්ලේදී 1989 නොවැම්බර් 29 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය. කෑගල්ල මොරගොඩ කරඳපොත හේමගිරි ලිපිනයේ පදිංචිකරුවෙකි). එල්. ආර්. වසන්ත කුමාර - යක්කල : 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (ගම්පහදී 1988 අප්‍රේල් 8 අත්අඩංගුවට ගෙන ගෝනපොල පොලිසියේ රඳවාගෙන සිටියදී ඝාතනයට ලක්විය, කපිල - කඩුවෙල, අයි. පී. එන්. සී. නිශ්ශංක - මීරිගම 84/85 කළමනාකරණ වාණිජ විද්‍යා පීඨය (හෝමාගම පොලිසිය මගින් 1988 ජූලි 16 අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්විය) ආර්. බී. සුනිල් ශාන්ත - ගැමුණු මාවත කන්තලේ 84/85 කළමනාකරණ වාණිජ විද්‍යා පීඨය (1989 අගෝස්තු 20 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය.) 

 

කුරුණෑගල වැහැර වධ කඳවුරේදී 1989 ජුලි 9 වැනිදා ඝාතනයට ලක්වූ ජ’පුර සිසු ප්‍රේමලාල් කුමාරසිරිගේ දේහය අසළ හඬා වැලපෙන ඇයගේ වැඩිමහල් නැගණිය.

 


මාරසිංහගේ ඩබ්ලිව්. එම්. ගාමිණි වීරකෝන් - මාරස්සන මීරියකඩ, නුවර : 84/85 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (අවසාන වසරේ ඉගෙනුම ලබමින් සිටි ගාමණි සරසවිය වසා දැමීමෙන් පසු රජයේ පාසලක ගුරුවරයෙකු වශයෙන් නුවර සේවය කරමින් සිටියදී 1989 අගෝස්තු මස 18 පැහැරගෙන ගොස් පසුව ඝාතනය කරන ලදී) එස්. එච්. ශාන්ත ප්‍රියදර්ශන ලියනගේ - ගන්දර මාතර : 85/86 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (දික්වැල්ලේදී 1989 ඔක්තෝබර් 8 අත්අඩංගුවට ගෙන තලල්ල වධ කඳවුරේ රඳවා ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. බිරිඳ ගුරුවරියකි) පාලිත දොඩන්දූව 85/86 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (දොඩන්දූවේදී 1989 අගෝස්තු 24 පැහැරගෙන ගොස් පසුව ඝාතනය විය). වී. පී. ධම්මික - අකුරැස්ස : 85/86 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, මහේන්ද්‍ර දිසානායක -  මාවනැල්ල : 85/86 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (බද්දේගමදී 1989 සැප්තැම්බර් 26 පැහැරගෙන ගොස් මාගොල්ල හමුදා කඳවුරේ රඳවා තබාගැනීමෙන් පසුව ඝාතනයට ලක්විය. 


කේ. ඒ. ඩී. කේ. කපිල ධර්මප්‍රිය - උතුරු මුල්ලේරියාව : 85/86 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය), බණ්ඩාර - බිබිලේ 85/86 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (1989 අගෝස්තු මස පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී.) රාජිත ශ්‍රී ලාල්  - දික්වැල්ල 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, සුභාෂ් නිශ්ශංක - මහනුවර : 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, එම්. එන්. පී. කේ. ශබ්රියල් - අහංගම : 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, පී. දයාරත්න - වැලිමඩ : 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, බී. ඩබ්. එන්. එස්. වීරසේකර - උඩවලව : 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, ප්‍රේමසිරි රාජපක්ෂ - ගිරිබාව : 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, ජේ. ඒ. ප්‍රියංකර 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (දෙහිවලදී 1989 ජූලි 13 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය)
ජී. ඩබ්ලිව්. නිමල් ශාන්ත විජේසේකර 86/87 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (නුගේගොඩදී 1989 දෙසැම්බර් 9 අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්විය), පද්මසිරි කුමාරනායක මාලිගාවත්ත 87/88 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (බළන්ගොඩ ඇල්ලෙපොලදී 1989 නොවැම්බර් 25 පැහැරගෙන බළන්ගොඩ පොලිසියේ රඳවා ගැනීමෙන් පසු 1989 නොවැම්බර් 29 ඝාතනයට ලක්විය), මශේෂ් ප්‍රියන්ත කුමානායක 88/89 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, ජේ. එම්. කේ. වික්ටර් රත්නායක - කහවත්ත : කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (කහවත්තේදී 1989 නොවැම්බර් 3 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය. (ඝාතන චෝදනාව එල්ලවූයේ ජවිපෙටය). 


විදාන හේවගේ ඉඳුනිල් කුමාරසිරි - තිඹිරිගස්යාය : කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය, ජයරේණු පීරිස් - මාකොල : කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය (1990 පෙබරවාරි 28 පිළියන්දලදී අත්අඩංගුවට ගෙන ගම්පොල පාදෙණියේදී ඝාතනයට ලක්විය), ගරුසිංහ ප්‍රේමදාස - දෙනගම : 86/87 කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨය (නැවත සිටියේ මහරගම විද්‍යාකර මාවතේය. නුගේගොඩ විල්බට් අයියාගේ බත් කඬේ අසලදී 1989 සැප්තැම්බර් 17 අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්විය. නිමල් බාලසූරිය බළකායේ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාය. 

 



අදහස් (0)

සරසවි සිසුන් හඹා ආ ධවල භීෂණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site