2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපතිවරණ ප්‍රකාශක විදියට කටයුතු කළේ මම. ඒක නිල වශයෙන් කරපු පත්කිරීමක්. ඒ වැඩෙත් එක්ක තමයි මම මාධ්‍ය එක්ක ගොඩක්ම සමීප වුණේ.
ජනාධිපතිවරණ කාලේ මහින්ද රාජපක්ෂට විරුද්ධව ආපු විශාලම සටන් පාඨය වුණේ “හෙල්පින් හම්බන්තොට” කතාව. හෙල්පින් හම්බන්තොට කියන්නේ සුනාමියෙන් ආපදාවට ලක්වුණු අයට සහන සලසන්න ලැබුණු ආධාරවලින් කොටසක්. හෙල්පින් හම්බන්තොට කියලා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ මුලිකත්වයේ ගිණුමක් ආරම්භ කරලා ඒ මුදල් ඒ ගිණුමට දාගෙන ඒවා අදාළ පුද්ගලයින්ට දුන්නේ නෑ කියලා කියවුණු සිදුවීම්.
මේ සිදුවීම් පිළිබඳ තොරතුරු මුලින්ම හොයා ගත්තේ ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය වැඩකටයුතුවලට සම්බන්ධව වැඩ කරපු ආරිය රූපසිංහ, එයා තමයි මේ ගැන කරුණු හොයාගෙන ඇවිත් රනිල් වික්‍රමසිංහට කිව්වේ. ඊට කලින් ආරිය රූබසිංහ චන්ද්‍රිකා කුමාරතුංග ළඟ හිටියේ. එතැන ඉන්න අතරෙ මත ගැටුමක් හදාගෙන තමයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයට කෙළින්ම සම්බන්ධ වුණේ. 2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිර්මාණාත්මක වැඩ කොටසක් කළා ආරිය රූබසිංහ.
ඒ වෙද්දි අපේ පක්ෂයේ මාධ්‍ය වැඩ කටයුතු කරපු කමිටුවක් තිබුණා. ඒකෙ නායකත්වය දැරුවෙ ලසන්ත වික්‍රමතුංග, ආරිය රූබසිංහ හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන තොරතුරු ගෙනත් ලසන්තට දුන්නම ලසන්ත ඒක ගැන ලොකු අවධානයක් යොමු කළා. ලසන්ත යෝජනා කළා මේ සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා උසාවි යමු කියලා. ඒකට රනිල් වික්‍රමසිංහගෙත් අනුමැතිය තිබුණා. මේක නඩුවක් හැටියට උසාවියට ගෙනියන්නේ කවුද? කියන ප්‍රශ්නය ආපු වෙලාවෙ ලසන්ත වික්‍රමතුංග යෝජනා කළා ඒක මගේ නමින් උසාවියට ගෙනියන්න කියලා. මම ඒක එකහෙළාම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව වුණේ ඊට පෙර මේ වගේ සිදුවීමක දී මම මේ විදියට මගේ නමින් පෙත්සමක් ඉදිරිපත් කරපු වෙලාවෙ පක්ෂයේ අනිත් අයගෙ සහයෝගය නොලැබීම. මට ඒ ගැන පක්ෂයේ අනිත් අය ගැන විවේචනයකුත් තිබුණා. පක්ෂයක් විදියට වැඩ කරද්දි තනි වගකිම් අරගෙන වැඩ කරන්න ගිහින් තනිවුණු නිසා මම මේ වෙලාවෙ හෙල්පින් හම්බන්තොට සිද්ධිය ගැන මගේ නමින් නඩුවක් ගෙනියන එක ප්‍රතික්ෂේප කළා. මම යෝජනා කළා “තනියෙන් කෙනෙක් මේක උසාවි අරගෙන යනවා වෙනුවට කණ්ඩායමක් විදියට මේකට මැදිහත් වෙමු” කියලා.
කොහොම වුණත් මේ ගැන අපි කතාබහ කර කර ඉන්න වෙලාවෙම කාර්යාලයට ආපු කබීර් හෂීම් මේ වැඬේ බාරගත්තා. ඇත්තටම ඒක කබීර් හෂීම්ට බාරදුන්නා කිව්වොත් වැරදි නෑ. කබීර්ට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට ඇගේ ගැහුව වගේ දෙයක් වුණේ. ඒක නිසා එයාට සිද්ධ වුණා මේ නඩුව ගෙනයන්න මේ අතරේ මහින්ද රාජපක්ෂ සුප්‍රීම්කෝට් ගියා ජනාධිපතිවරණ සමයේ මේ නඩුව ගෙනියන නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙනවා කියලා. එතකොට අගවිනිසුරු විදියට හිටියේ සරත් එන්. සිල්වා. අගවිනිසුරුවරයා මේක විභාග කරලා නියෝගයක් දුන්නා මේ නඩුව අහන එක වැරදියි. ඒක නිසා මේ නඩුව අහන එක අත්හිටුවන්න කියලා. ඒ විතරක් නෙවෙයි නඩුව ගෙනියපු කබිර් හෂීම්ට සුප්‍රීම් කෝට් එක රුපියල් ලක්ෂයක දඩයකුත් පැනෙව්වා. මන් මේ වැඬේට කරගැහුවනම් මට තමයි ඒක වෙන්නේ. මම එදා ඒක ප්‍රතික්ෂේප කරපු එක නිවැරදි තීරණයක් කියලා මට හිතුණා.
තව කොටසක් ලබන සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්
සජිත් ප්‍රේමදාසට පමණක් නොව ප්‍රේමදාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර
‘‘ජාතියේ පියා’’ ලෙස විරුදාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක
‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘
දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක
2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහින්දට එරෙහිව පක්‍ෂයෙන්ම චෝදනා