IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මහින්දගේ ඇස් වසන්කළ චතුරගේ මෙහෙයුම

කෙසේ වෙතත් මෙම රැස්වීමේ දී රතන හිමියන් කළ කථාවේ වැදගත්ම ප්‍රකාශය  වූයේ ‘දෙමළ ජනතාවට සතුටුවිය හැකි දේශපාලන විසඳුමක් අපි ඉදිරිපත් කළයුතු බවත් එම දේශපාලන ක්‍රියාවලියේදී හෙළ උරුමය මට බාධාවක් නම් එදිනට මා හෙළ උරුමයෙන් එළියට බැස මෙම දේශපාලන ක්‍රියාවලියේ නිරතවන බවත් අධිෂ්ඨාන සහගතව ප්‍රකාශ කිරීමය.


පිවිතුරු හෙටක් සංවිධානය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කළ දෙවැනි ප්‍රධාන රැස්වීම ඉතා තීරණාත්මක විය. ඊට රනිල් වික්‍රමසිංහ මහතා, වමේ නායකයො මෙන්ම ශ්‍රී.ල.නි.පයේ මැති ඇමතිවරු ගණනාවක්ම සහභාගි වූහ. යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පළමුවරට ඉදිරිපත් කරනු ලැබුවේ මෙහිදීය. තවද, සරත් එන්. සිල්වා මෙම ව්‍යාපාරයත් සමඟ පළමුවරට කලඑළි බැස්සේ ද මෙම රැස්වීම තුළිනි. මෙහිදී සිදු වූ වැදගත්ම සිදුවීම වන්නේ රතන හාමුදුරුවන් සිය කථාවේ දී කළ තවත් අධිෂ්ඨාන සහගත ප්‍රකාශයකි. එනම්, උන්වහන්සේ එහිදී කියා සිටියේ තම සංවිධානය යෝජනා කරන යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියට පිටුපාමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයකට ගමන් කළහොත් අනිවාර්යයෙන්ම අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරද්දනවා. පරද්දනවා. පරද්දනවා යනුවෙන් ඉතා අවධාරණයෙන් හා අධිෂ්ඨාන සහගතව ප්‍රකාශ කළහ.


කෙසේ වෙතත් මෙම රැස්වීමෙන් පසුදින උදෑසන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජිත ඇමතිතුමාට කථා කළේය. ‘රාජිත ඔයා ඊයෙ රෑස්වීමට ගියාදැයි, ජනාධිපතිතුමා අසන විටම ඇමතිතුමාගේ පිළිතුර වූයේ “මමත් ගියා. බැසිලුත් ගියා’ යනුවෙනි. ඉන් අනතුරුව ජනාධිපතිතුමා විමසා සිටියේ ‘රාජිත, චතුරලු ඒකේ ඔක්කොම සංවිධාන වැඩ කටයුතු කළේ නේද? යනුවෙන් විමසද්දී ‘නෑ ජනාධිපතිතුමා චතුරට ෑඩැබඑ ඵ්බ්ටැපැබඑ කරන සමාගමක් තියෙනවනෙ. ඊයේ රැස්වීම සංවිධානය කළේ එයාගේ කොම්පැනියෙන්. චතුර පොඩි කාලෙ ඉඳලම රතන හාමුදුරුවන්ව දන්නවනෙ. රතන හාමුදුරුවෝ චතුරට කියල තිබුණා ඒ වැඬේ චතුරගෙ කොම්පැනියට කරන්න කියල. ඒකයි චතුර ඒකෙ වැඩකළේ. අනෙක ජනාධිපතිතුමා චතුරට දේශපාලනයක් නෑනෙ. මාත් දැක්කා චතුර ස්ටේජ් එක උඩ ඉන්නව’ යනුවෙන් පවසද්දී ‘ඒකනෙ රාජිත මේ එක එකා කියනවා චතුර තමයි ඔක්කොම කළේ කියලා’ යනුවෙන් පැවසීය. 

 

 

‘රාජිත ඔයා ඊයෙ රෑස්වීමට ගියාදැයි, ජනාධිපතිතුමා අසන විටම ඇමතිතුමාගේ පිළිතුර වූයේ “මමත් ගියා. බැසිලුත් ගියා’ යනුවෙනි. ඉන් අනතුරුව ජනාධිපතිතුමා විමසා සිටියේ ‘රාජිත, චතුරලු ඒකේ ඔක්කොම සංවිධාන වැඩ කටයුතු කළේ නේද? යනුවෙන් විමසද්දී ‘නෑ ජනාධිපතිතුමා චතුරට ෑඩැබඑ ඵ්බ්ටැපැබඑ කරන සමාගමක් තියෙනවනෙ. ඊයේ රැස්වීම සංවිධානය කළේ එයාගේ කොම්පැනියෙන්.

 

රාජිත ඇමතිතුමා බොහෝවිට විවිධ පුද්ගලයන් මුණගැසීමේ දී අතිශය උපක්‍රමශීලි විය. ඒ රජයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇසින් බේරීම සඳහාය. ඒ බොහෝ අවස්ථාවන්හිදී චතුර ඊට මහඟු කාර්යයක් ඉටු කළේය.

විශේෂයෙන්ම චතුරගේ මෝටර් රථයේ පසුපස වීදුරු අඳුරුකර තිබීම ඒ සඳහා මහෝපකාරී විය. ඒ අනුව රාජිත ඇමතිතුමාට යම් ඇමතිවරයකු හෝ එවැනි රහසිගත සාකච්ඡාවක් සඳහා යම් අයකු මුණ ගැසීමට අවශ්‍ය වූ විට සාමාන්‍ය පරිදි චතුර අදාළ ඇමතිවරයා හෝ පුද්ගලයා රාජිත ඇමතිතුමාගේ නිවසට ඔහුගේ මෝටර් රථයේ පසුපස අසුනේ හිඳුවා එහි කැඳවාගෙන එනු ලබයි. මේ තුළ රාජිත ඇමතිතුමා සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ වාර්තාවල කිසිදු සැක කටයුතු ක්‍රියාවක් වාර්තා නොවුණ තරම්ය. තවද, සමහර අවස්ථාවල රහසිගත සාකච්ඡාවකට රාජිත ඇමතිතුමා තම නිවසින් පිටව යාම සඳහා ද එම ක්‍රමවේදයම අනුගමනය කරනු ලැබීය. මේ අතර මෛත්‍රී ඇමතිතුමා ද වාහන මාරුකරමින් රාජිත ඇමතිතුමාගේ නිවසට නිතර පැමිණියේය.


මේ අතර රාජිත ඇමතිතුමා, සම්බන්ධන්, රවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් සමඟ නිතර නිතර සාකච්ඡා කරමින් සිටියේය. විශේෂයෙන්ම සම්බන්ධන් මහතා රාජිත ඇමතිතුමාටද ප්‍රකාශකර සිටියේ. ‘රනිල්ට දිනන්න බෑ. එයා ආවොත් පරාදයි. රනිල් මට එරිත්මැටික් ප්‍රතිශත කියනව එයාට ඡන්ද ලැබෙන ආකාරය පිළිබඳ, කොහොම වුණත් රනිල් ආවොත් පරදිනවා. එවැනි අවස්ථාවක අපිට තිබෙන එකම විකල්පය දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක පමණයි’ තවදුරටත් සම්බන්ධන් මහතා මෙලෙස හුමුවූ සැමවිටම අවධාරණය කරනු ලැබුවේ ‘රාජිත හොඳ පොදු අපේක්ෂකයෙක් සොයාගත හැකි නම් අපි කිසිදු ඉල්ලීමකට යටත් නොකොට අපේ සම්පූර්ණම සහයෝගය ලබාදෙනවා’ යනුවෙනි.


මේ ආකාරයෙන්ම රාජිත ඇමතිතුමා රවුෆ් හකීම් සහ රිෂාඞ් බදුයුදීන් සමඟ ද අඛණ්ඩ සංවාදයක යෙදී සිටියේය. විශේෂයෙන්ම බේරුවල සිද්ධියෙන් පසුව මුස්ලිම් ජනතාවගේ සිංහල ජනනායකයා බවට රාජිත ඇමතිතුමා පත්ව සිටියේය. එහිදී එම ජනතාව තම මුස්ලිම් නායකයන්ටද වඩා රාජිත ඇමතිතුමා කෙරෙහි වැඩි විශ්වාසයක් පළකළේය. එහිදී රිෂාඞ් බොහෝවිට රාජිත ඇමතිතුමාගේ අවවාද අනුශාසනා ලබාගැනීමට පවා ඉදිරිපත් වූ අතර ඔහු කියා සිටියේ ‘ඩොක්ටර් ගන්න ඕනම තීන්දුවකට මම එකඟවෙනවා’ යනුවෙනි.

මේ වනවිට චතුර සේනාරත්න ද ‘පිවිතුරු හෙටක්’ සංවිධානයේ ප්‍රධාන සාමාජිකයකු ලෙස ක්‍රියාකාරී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිරන්තර සාකච්ඡාවක නිරතවිය. ඒ සැමවිටම චතුර, වික්‍රමසිංහ මහතා ඉදිරියේ ප්‍රකාශකර සිටියේ ජනාධිපතිවරණය ජය ගැනීම එතුමාට අසීරු බවය. ඒ අනුව පොදු අපේක්ෂකයකු සොයාගත යුතුම බව ඔහුගේ අදහස විය. මෙවන් සන්දර්භයක් තුළ නොවැම්බර් 13 වැනිදා රාජිත ඇමතිතුමාට රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට පසුබිම සැකසුනි.


විශේෂයෙන්ම නොවැම්බර් 12 වැනිදා ‘පිවිතුරු හෙටක් සංවිධානය’ ‘මුත්තයියා පිටියේ දී’ සංවිධානය කරන ලද රැස්වීම සඳහා තිබුණ ජන සහභාගිත්වය හා රට තුළ ඉන් ඇති කළ උනන්දුව දෙස බැලූවිට ඒ තුළ වඩාත්ම පීඩනයට පත්වූයේ රනිල් වික්‍රමසිංහ මහතා විය හැකිය.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (1)

මහින්දගේ ඇස් වසන්කළ චතුරගේ මෙහෙයුම

Senarath Wednesday, 13 September 2017 04:07 AM

මෙයාල ලොකු වීරකමක් කළා කියල හිතාගෙන නේ කතාකරන්නෙන්. තිබුණු ආණ්ඩුව පැරදවීමෙන් රටට ලැබුනේ මොනවද ? යහපාලනය ලැබුනද ? පසුගිය රජයේ හිටපු ලොකුම හොරු ටික මේ ආණ්ඩුව සමග එකතුවෙලා , අලුතෙන් පත් උණු කම්ඹ හොරු සමග එකතුවෙලා හොරකම තිබුනටත් වඩා වේගයෙන් කරගෙන යනවා. එකනේ මහා බැංකුවට උනෙත් .

:       6       69

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 490 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1357 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 349 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site