ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 09

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්වූ බැවිනි. පසුගිය වසරේ පැවැති මෙක්සිකෝ මැතිවරණයද මෙහිදී දැඩි කතාබහකට ලක්වූවකි. සියයකට අධික දේශපාලන ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් මිය ගිය මෙම මැතිවරණයේදී, දහසකට අධික පිරිසක් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වූ අතර ඔවුන්ට එල්ල වූ අඩන්තේට්ටම් ඊට හේතුවයි. ප්‍රබල මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ජෝස් ග්වාඩාලු_පේ ද මැතිවරණය දා සන්ධ්‍යාවේ ඝාතනයට ලක්වූ අපේ සහෘදයෙකි.
අපරාධ, හදිසි අනතුරු සහ මෙක්සිකෝ දේශපාලන තත්ත්වය පිළිබඳ වාර්තා කරන ඩිජිටල් පුවත්පතක වූ ීැප්බ්රසද ඡක්හ් භැඅි පදිඑකහ හි වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ග්වාඩාලුපේ, ඒ වන විට ආරක්ෂාව හා සම්බන්ධ පුවත් වාර්තාකරණයේ විශේෂඥයෙක් ලෙස ප්‍රකට විය.
පසුගිය වසරේ ජුලි මස 05 වැනිදා කැන්කන්හි පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානයකදී හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් සිදුකරන ලදැයි සැලකෙන මෙම ඝාතනය, ඔහුගේ මාධ්‍ය කටයුතු හේතුවෙන් සිදුකරන ලද්දක්දැයි මෙතෙක් බලධාරින් නිල වශයෙන් දැනුම් දී නොමැති අතර මෙක්සිකානු නිදහස් මාධ්‍යවේදීන් වෙනුවෙන් සහාය දක්වන ්රඑසජකැ 19 නම් සංවිධානයේ නීතිඥ ඩියාගෝ මාටිනස් පැවසුවේ ග්වාඩාලුපේ ගේ ඝාතනයට පෙර දෙවරක්ම ඔහු වෙත මරණ තර්ජන පැමිණ ඇති බවයි. බීබීසී පුවත් සේවයට වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ මාටිනස් පවසා සිටියේ ග්වාඩාලුපේ විසින් ලියා පළ කරන ලද ලිපි දෙකක් හේතුවෙන් ඔහු මෙම මරණ තර්ජනවලට ගොදුරු වූ බවත්, ඒ බව සති තුනකට පෙර ඔහුගේ ආයතන ප්‍රධානී රූබට් පැට් වෙත දැනුම් දී තිබූ බවත්ය. එහෙත් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලදැයි සැලැකෙන වෙඩි පහරකට රූබන් පැට්ද ගොදුරු වූයේ ග්වාඩාලු_පේ මියගොස් මසක් යන්නටත් මත්තෙනි.
මේ අනුව ලොව තෙවැනි වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනය වූ රට ලෙස මෙක්සිකෝව ලැයිස්තුගත වී ඇති අතර ඔවුන් තෙවැනි වන්නේ සිරියාවට සහ ඇෆ්ගනිස්ථානයට පමණි. කෙසේ වෙතත් මැතිවරණ හේතු මුල්කර ගනිමින් ඝාතනයට ලක්වූ වැඩිම ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව මෙක්සිකෝවෙන් වාර්තා වීම කැපී පෙනේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මෙක්සිකානු ජනාධිපති එන්රික් පෙනා නියෝටාගේ වසර හයක පාලන කාලය ඇතුළත ජනමාධ්‍යවේදීන් 43 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර ඔහුගේ අවසන් වසරේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව සටහන් වන්නේ 12ක් ලෙසිනි.
එහෙත් තවමත් යුක්තිය ඉටු වී නොමැති මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට මෙක්සිකානු පොලීසිය අසමත් වී ඇත.

මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැතිවරණයේදී ඝාතනය කළ මෙක්සිකෝවේ මාධ්‍යවේදියා