IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මැතිවරණ සටන මැද මත ගැටුම් උඩට එයි

කරු ජයසූරියලා ඇතුළු පිරිස මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වීම එක්සත් ජාතික පක්ෂයට පාඩුවක් වුණත් ඒ හිඩැස පුරවන්නට අපි කොහොම හරි මහන්සි ගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා පක්ෂයේ වැඩකටයුතු ටික බෙදාහදාගෙන ඉදිරියට ගෙනිච්චා.


ඔය අතරේ නැගෙනහිර පළාතේ පළාත් සභා මැතිවරණය ආවා. මේ මැතිවරණයත් එක්ක එක්සත් ජාතික පක්ෂයට ලොකු ගැම්මක් ගන්න ඕනෑ වුණා. අපි ඒ සඳහා කරපු ප්‍රධාන යෝජනාව වුණේ මුස්ලිම් කොංග්‍රස්  එක එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු කරගෙන පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම. මේ සඳහා සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුණා. ඇත්තටම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් එක එකඟ වුණා එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඒ වෙනකොටත් රවුෆ් හකීම් ආණ්ඩුවෙ කොටස්කාරයෙක්. එයා ඇමැති ධුරයකුත් දැරුවා. ඒ කොහොම වුණත් රවුෆ් හකීම් තමන් දරපු ඇමැතිකමෙන් අයින් වෙලා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක එක්සත් ජාතික පක්ෂය එක්ක හවුලෙ තරග කරන්න රනිල් වික්‍රමසිංහට කැමැත්ත පළ කළා.


මේක එක්සත් ජාතික පක්ෂයට ඒ වෙලාවෙ හැටියට ලොකු දෙයක් වුණා. රවුෆ් හකීම් මහ ඇමැති අපේක්ෂකයා විදියට නම් කළා. ඒ නම් කිරීම ගැනත් මත ගැටුමක් ඇති වුණා. ඒකට හේතුව වුණේ දයා ගමගේත් මහ ඇමැති අපේක්ෂකකම බලාපොරොත්තු වීම. කරු ජයසූරියලා එක්ක පී. දයාරත්නත් ආණ්ඩුවට ගියපු නිසා දයා ගමගේ අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කරලා තිබුණේ. ඒ නිසා දයා ගමගේගේ බලාපොරොත්තුවක් තිබුණා එයාට මහ ඇමැති අපේක්ෂකත්වය ලැබෙයි කියලා. රවුෆ් හකීම්ලා යූ.එන්.පී.යත් එක්ක එකතුවීම සහ රවුෆ්ට මහ ඇමැති අපේක්ෂකත්වය දෙන්න තීරණය කිරීම ගැන දයා ගමගේ අසතුටෙන් හිටියේ. අන්තිමට කොහොමහරි දයා ගමගේවත් ෂේප් කරගෙන අපි මැතිවරණ ව්‍යාපාරය හොඳට කරගෙන ගියා. 


ඡන්ද ප්‍රතිඵල ආවම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දිනුවා. අම්පාර කරට කර සටනක් ගියා. මුස්ලිම් ඡන්ද අපට ලැබුණත් සිංහල ඡන්ද අඩුවීම නිසා සුළු ඡන්ද ප්‍රමාණයකින් අම්පාර අපි පැරදුණා. මඩකළපුවත් අපිට දිනන්න බැරි වුණා. ඔය මැතිවරණයේදී තමයි පිල්ලෙයාන් ආවෙ. අපි මැතිවරණ ව්‍යාපාරය නම් ඉතාමත් සැලසුම් සහිතව ගෙනිච්චා.


ඔය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයලත් ජයවර්ධන, තලතා අතුකෝරල, සාගල රත්නායක වගේ අය නැගෙනහිරට දැම්මා. මේ මැතිවරණ  ව්‍යාපාරය අතරතුර තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු රනිල් වික්‍රමසිංහ සමග මතභේදයක් හදාගත්තේ. මේකට හේතු වුණේ ඒ මැතිවරණය සංවිධාන කටයුතුවලදී සාගල රත්නායකට වැඩි ප්‍රමුඛතාවක් දීම. මේ පුංචි ප්‍රශ්නය පස්සේ විශාල මතභේදයක් බවට පත් වුණා. මේ මතභේදවල ප්‍රතිඵලය වුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දුලත් පස්සෙ කාලෙක එක්සත් ජාතික පක්ෂය හැරදාලා යෑම. මේ ප්‍රශ්නය එක්ක පක්ෂ නායකත්වය වෙනස් කළ යුතුයි කියලා යට ගිහින් තිබුණු සටන් පාඨය ආපහු උඩට ආවා.


ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ඉඳපු ශක්තිමත් චරිතයක්. ඕනෑ දේකට බය නැතුව ඉදිරිපත් වෙන හොඳ සංවිධාන ශක්තියක් තිබුණු කෙනෙක්. නැගෙනහිර මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙන්න කියලා අලුත් ජවයකින් ඉදිරිපත් වුණත් මැතිවරණය අවසන් වුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දුලා වගේ ක්‍රියාකාරී චරිත පක්ෂයට අහිමි කර ගැනීමේ අර්බුද හදාගෙන.


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මැතිවරණ සටන මැද මත ගැටුම් උඩට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 621 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site