IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මෛත්‍රී සමග උණුසුම් වාදයක්

තිස්සගේ මතක වත-104

 

පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන යෝජනාවෙලා තියෙන විත්තිය රනිල් වික්‍රමසිංහ අපේ ගෙදර ඇවිත් කිව්වම මම දිගින් දිගටම ඒක ප්‍රතික්‍ෂේප කළා. මට බැරිම තැන කිව්වෙ අපි කෘත්‍යාධිකාරි මණ්ඩලයට දාලා ඒකෙන් අදහස් අහලා මේ වැඬේ ගැන අවසන් තීන්දුවකට එමු කියලා.

කෘත්‍යාධිකාරි මණ්ඩලයත් කැමති නම් ඒ තීරණය ගැන මටත් සලකා බලන්න පුළුවන් කියලා. මම රනිල්ට කිව්වා. ඒ ගමන ඔහු කිව්වා එහෙනම් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සූදානම් කරන්න කියලා. ඊට දින දෙකකට විතරක් පස්සේ අපි කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳෙව්වා. කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේ යෝජනාව දැම්මම මුලින්ම මේ යෝජනාව ගැන ප්‍රශ්නයක් මතු කළේ සජිත් ප්‍රේමදාස. සජිත් නැගිටලා ප්‍රශ්න කළා ඇයි පිට කෙනෙක් දාන්නෙ ඔබතුමාට ඉල්ලන්න බැරිද කියලා. ඒකට උත්තර දීපු රනිල් කරුණු කියලා තත්ත්වය පැහැදිලි කළා. සජිත් දිගින් දිගටම ප්‍රශ්න කළේ කොහොමද මෛත්‍රීපාල සිරිසේන විශ්වාස කරන්නේ කියලා. සජිත් ඇහුවෙත් මම කලින් රනිල්ගෙන් අහපු ප්‍රශ්නෙමයි. ඒකටත් මට දුන්න උත්තරේම දුන්නා. ඒ එක්කම රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහතිකයක් දුන්නා. මෛත්‍රී 35 එක්ක ආවෙ නැත්නම් පොදු අපේක්ෂකම දෙන්නෙ නෑ කියලා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉවරවෙලා. ඇවිත් ඒ තීන්දුව මම ‘මීඩියා’වලට කිව්වා. මම මීඩියාවලට කිව්වා අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කොන්දේසි කීපයකට යටත්ව පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේනව දාන්න තීන්දු කළා කියලා. මේ කතාව මම ‘මීඩියා’ එකට කියලා මට ගෙදර එන්න හම්බවුණේ නැහැ. මට මලික් සමරවික්‍රමගෙන් කෝල්එකක් ආවා. මලික් මට කියනවා මම ‘මීඩියා’වලට කියපු කතාවට මෛත්‍රී පොඞ්ඩක් අප්සෙට්වෙලා තියෙනවා කියලා. මම කිව්වා අපි කෘත්‍යාධිකාරි මණ්ඩලේ ගත්තු තීරණය ගැන විතරයි. මම ‘මීඩියා’වලට කිව්වෙ කියලා මලිත් මට කිව්වෙ ඒ වුණාට ඒ කතාවට මෛත්‍රී ටිකක් අවුලෙන් ඉන්නෙ. බැරිද මෛත්‍රීට ‘කෝල්’ එකක් දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. මම කිව්වා මගේ ප්‍රකාශය ගැන මෛත්‍රීට පැහැදිලි කිරීමත් අවශ්‍යනම් මෛත්‍රීට කියන්න මට කතා කරන්න කියලා එයා කිව්වා. කිව්වා වගේම පැයකට දෙකකට විතර පස්සේ මෛත්‍රී මට ‘කෝල්‘ කළා මෛත්‍රී මගෙන් ඒ ගැන විස්තර ඇහුවම මම මෛත්‍රීට කරුණු පැහැදිලි කළා. මම ‘මීඩියා’වලට කියපු කතාව මම හිතල කියපු එකක් නෙවෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් මේ ගැන සාකච්ඡා වුණා. මේක මට රනිල් කියපු කතාවක් කියල. ඒ නිසයි මම ඒ තොරතුරු ‘මීඩියා’වලට කිව්වෙ. මම කිව්වා පක්ෂ නායකතුමන් දැනුම්වත්ව කෙරුණු දෙයක් ගැන මට ආපහු නිවැරදි කිරීම් කරන්න අවශ්‍ය නෑ කියලා. කත්‍යාධිකාරී මණ්ඩලය ගත්තු තීරණය මම මාධ්‍යයට කිව්වට පස්සෙ ආපහු ඒක එහෙම නෙවෙයි කියලා මට කියන්න පුළුවන්ද කියල මම මෛත්‍රීගෙන් ඇහුවා.


ඒ ගැන ප්‍රශ්නයක් තිනෙවනම් රනිල් වික්‍රමසිංහට කියන්න කියලත් මම කිව්වා. මම හිතනවා මේ සිදුවීම් හරහාත් මෛත්‍රීපාල සිරිසේන මං ගැන වැරැදි වැටහීමක් ඇති කර ගත්තා කියලා. මෛත්‍රි පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වීමට අකමැතියි කියලා කටකතාවක් පක්ෂයේ සමහරුම පතුරල තිබුණා ඒ වෙනකොට.


මෛත්‍රී පොදු අපේක්ෂකයා කරන්න නම් කොන්දේසි කීපයක් ඉදිරිපත් වුණා. කියන එකට තමයි මේ තරම් ප්‍රශ්නයක් ඇති වුණේ. ඒවා මාධ්‍යයට කියපු එකට මෛත්‍රී අකමැති වෙන්න ඇති. ඒත් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙත් මේ ගැන සාකච්ඡා කළා. සාමාන්‍යයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයක් පැවැත්වුණාට පස්සේ ඒකෙදි ගත්තු තීන්දු තීරණ ගැන අපි මාධ්‍යයට කියනවා. පක්ෂ මහ ලේකම් විදියට  මම ඒක හැමදාම කළා. මෛත්‍රීත් පක්ෂ මහලේකම්වරයෙක් විදියට කාලයක් කටයුතු කරපු කෙනෙක් විදියට මේව නොදන්න විදියක් නෑ.


තව කොටසක් ලබන සතියට.

 


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මෛත්‍රී සමග උණුසුම් වාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1777 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1458 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site