IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මඩ වගුරේ පක්‍ෂ සම්මේලනයක්

 

පක්‍ෂ මහ සමුළුව සූදානම් කරමින් ඉන්න අතරෙම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණා. ඒ කාලේ අපේ පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව මහ සමුළුවෙන් තමයි නව නිලධාරීන් තෝරන්නේ. ඒ වෙනකොටත් කරු ජයසූරිය පක්ෂෙ නියෝජ්‍ය නායක. ඒත් ඒ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට කරු ජයසූරිය සහභාගී වුණේ නෑ. කරු වගේම කරු එක්ක ඉඳපු 17 දෙනාගෙ කණ්ඩායමේ අය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආවෙ නෑ. ඒ අය පක්ෂෙන් අයින්කරලා තිබුණෙත් නෑ. ඒ වෙනකොට අපි හොඳටම දැනගෙන හිටියා ඒ අය වෙනම කණ්ඩායමක් විදියට රැස්වෙලා සාකච්ඡා කරන්නේ ආණ්ඩුවට එකතුවෙන්න කියලා. අපිත් නායකතුමාට කිව්වා එයාලා ඉස්සර වෙන්න කලින් ඒ අය පක්‍ෂෙන් අයින් කරන්න ඉක්මන් වෙන්න එපා කියලා.

 

කෘත්‍යාධිකාරී රැස්වීමේදී පක්‍ෂ සම්මේලනයට යෝජනා කරන්න නිලධාරින් තෝරද්දි කරු ජයසූරිය ආපු නැති නිසා කරුගෙ නම කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත කළේ නෑ. මෙතන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මට හිතුණා. මොකද නියෝජ්‍ය නායකකමින් කරු අයින් කළාම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයත් අහිමි වෙනවා. ඒක නිල සාමාජිකත්වයක් නිසා එතන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මට හිතුණා. රනිල් වික්‍රමසිංහ ඒ වෙලාවේ කිව්වා කරු ජයසූරිය සම්මේලනයට සහභාගී වෙනව නම් සම්මේලනයේදී නියෝජ්‍ය නායකකමට කරු යෝජනා කරමු කියලා.


අපි පක්‍ෂ සම්මේලනයේ වැඩ කටයුතු කරගෙන ගියා. පක්‍ෂය මුහුණ දීපු අමාරුම අවස්ථාවක් ඒක. මේක එක්සත් ජාතික පක්‍ෂ ඉතිහාසයේ මුහුණ දීපු අසීරුම අවස්ථාවලින් එකක් කිව්වොත් නිවැරදියි. අපි කොළඹ නගර සභා පිට්ටනියෙ තමයි සම්මේලනය පවත්වන්න සූදානම් කරගත්තේ. අපිට ඒ වෙනකොට ආරංචි වෙලා තිබුණා ආණ්ඩුවෙ උදවු ඇතුව අපිට පහර දෙන්න ඇතැම් කණ්ඩායම් සූදානම් වෙනවා කියලා. සම්මේලනය කඩාකප්පල් කරන්න සූදානමක් තියෙනවා කියලා අපිට එහෙන් මෙහෙන් ආරංචි වුණා. මේ දේවල් දැනගත්තු රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා මොන ප්‍රශ්න ආවත් සම්මේලනය සාර්ථකව පවත්ව ගෙන යන්න පුළුවන් හැම පියවරක්ම අරගන්න කියලා. 


සම්මේලනයේ වැඩකටයුතුවලට කර ගහලා බැස්සේ මමයි ලක්‍ෂ්මන් සෙනෙවිරත්නයි ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ කීප දෙනෙක්. අපි රෑ දවල් නැතුව මේකට මහන්සි වුණා. ආසන සංවිධායකවරු පවා මේ වෙලාවේ මානසිකව වැටිලා ඉඳපු මොහොතක්.

ජනාධිපතිවරණයත් පැරදිලා පක්ෂේ කණ්ඩායමක් වෙනම ඉඳගෙන ආණ්ඩුවට යන්න සූදානම් වෙනවා කියන එක නිසා පක්‍ෂිකයො ආසන සංවිධායකවරු කලකිරිලා හිටියේ.


අපි සම්මේලනය පවත්වන්න ඉඳපු දවසට කලින් දවසෙ රෑ ධාරානිපාත වරුසාවක් වැහැලා පුරහල භූමිය සම්පූර්ණයෙන් මඩවුණා. මට මතක ඉතිහාසය තුළ පක්‍ෂ සම්මේලනයට වැස්සෙන් ඒ වගේ බාධාවක් මීට කලින් වෙලා නෑ. අපිට “හට්” ගහගන්න පවා බැරි තරමට වැස්සෙන් කරදර වුණා. පිට්ටනිය පුරා වතුර පිරිලා. අපිට ලොකු ප්‍රශ්නයකට තමයි මූණ දෙන්න වුණේ අපි එළිවෙනකම් කොහොමහරි වැඩ කළා. උදේ පාන්දරත් වැලි ගෙනල්ලා පිට්ටනියේ මඩ තිබුණු තැන්වලට දාලා කොහොම හරි සම්මේලනය පවත්වන්න පුළුවන් තත්ත්වෙට ගේන්න වැඩ කෙරුවා. දවල් වෙනකොට ටිකෙන් ටික මිනිස්සුන් පිරෙන්න ගත්තා දුර පළාත් වලින් ආපු.


අපිට මේ වෙද්දි ආරංචිවෙලා තිබුණා එක පාරටම කරු ජයසූරියලගෙ කණ්ඩායම සම්මේලනයට ඇවිත් ඒ අයගෙම කට්ටිය තනතුරු යෝජනා ස්ථිර කරගෙන බලය අල්ලන්න සූදානමක් තියෙනවා කියලා. අපි ඒකටත් සූදානමින් හිටියේ. නමුත් එහෙම දෙයක් වුණේ නෑ. අපිට ආරංචි වුණා ඊට පස්සේ එදාම කරු ඇතුළු කණ්ඩායම මහින්ද රාජපක්‍ෂ මුණගැහිලා ආණ්ඩුවට එකතු වෙනවා කියලා. 
2006 පවත්වපු මේ සම්මේලනයේදී තමයි මම එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තනතුරට පත්වෙන්නේ. ඒ පක්‍ෂ සම්මේලනයේදී පක්‍ෂයෙ තනතුරුවල වෙනස්කම් කීපයක් සිද්ධ වුණා. කරු ඇතුළු පිරිසට විරුද්ධ කිසිම විනය පියවරක් නොගන්න ඒ සම්මේලනයේදී තීරණය වුණා. තීන්දුවක් ගන්න තුරු කිසිම විනය පියවරක් නොගෙන ඉන්න තමයි තීරණය කළේ. ඒ කණ්ඩායමේ කිසිම කෙනෙක් සම්මේලනයට ආවෙත් නෑ. ඒ සම්මේලනයේදී යළිත් රනිල් වික්‍රමසිංහ නායකත්වයට පත්වුණා. පක්ෂ සභාපති විදියට රුක්මන් සේනානායක පත් වුණා. පක්‍ෂ සම්මේලනයේ වැඩ කටයුතු අපි බලාපොරොත්තු වෙච්ච විදියට කිසිම කලබලයක් වුණේ නෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මඩ වගුරේ පක්‍ෂ සම්මේලනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 621 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site