IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


පාතාල සමාජ පිළිල සහමුලින් අතුගා දමමු

පාතාල ලෝකයේ ඉහළම කප්පිත්තකු ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමත් වූ බව සඳහන් පුවත අප පුවත්පත පෙරේද‌ා වාර්තා කළේය. ඩුබායිහි සුපිරි හෝටලයක පැවැති උපන් දින සාදයකදී මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගත් මොහොතේ මෙරට ප්‍රසිද්ධ නළුවකු, ගායකයකු ඇතුළු විසිපස් දෙනකු පමණ පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමත්වීම පොදුවේ මෙරට ජනතාවටත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවටත් මහත් අස්වැසිල්ලක් වනු ඇත. මෙරට දෙවනත් කරමින් මිනීමැරුම් කළ, කප්පම් ගත් කොල්ලකෑම් කළ මාකඳුරේ මධුෂ් ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම ද ජයටම කරගෙන ගියේය. ඒ වෙනුවෙන් ඉතා දියුණු ජාලයක් ද ඔහු සතුව පැවතිණි. රටේ ඕනෑම තැනක මිනීමැරුමක් සැලසුම් කර ඝාතන ඉලක්කය ටක්කෙටම සපුරා ගැනීමට තරමට ඔහුගේ සංවිධාන ජාලය බලවත් විය. එහෙත් මාකඳුරේ මධුෂ් ලංකාවෙන් පැන යන තුරුම අත්අඩංගුවට ගැනීමට මෙරට පොලිසිය අසමත්වීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය.
මාකඳුරේ මධුෂ් මෙරටදී අත්අඩංගුවට නොගැනීම අහම්බයක් ද? නැතහොත් එබඳු පාතාලයකු අත්අඩංගුවට ගැනීමට තරමට පොලිසිය දුර්වලවීද? එසේ නොමැතිනම් පොලිසියේම යම් පිරිසකගේ අනුග්‍රහය මත ඔහුට රැකවරණයක් ලැබුණේද? යන්න විමසුමට ලක් කළ යුතුය. මන්දයත් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී ඇති අැතැම් හඬපටවල ඔහුගේ නම ද කියැවෙන හෙයිනි.

ඩුබායි රටට පළාගිය මාකඳුරේ මධුෂ් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්ව එය මෙහෙයැවූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එයට අමතරව සිය සතුරන් ඝාතනය කිරීම හා කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම ද ජයටම කරගෙන ගියේය. ඇතැම් සතුරන් මධුෂ්ගේ ගෝල බාලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට පෙර ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔවුන් සමග සම්බන්ධ වන මාකඳුරේ මධුෂ් එම අවසානය සජීවීව නරඹමින් ප්‍රීති වූ බව ද සඳහන්ය.

මාකඳුරේ මධුෂ් නමැති පාතාලයාගේ මානසිකත්වය කොතරම් කුරිරු ද යන්න එමගින් පැහැදිලිය. පුනරුත්ථාපනය වීමට ඔහුට ඇති අයිතිය පිළිගන්නා නමුදු එම වියරු මනස අත් නොහැර සමාජය තුළ නිදැල්ලේ සිටීමට අයිතියක් නැති බව ද අවධාරණය කළ යුතුය.
ලෙයට ලෙය ඉල්ලන මරණයට මරණය ඉල්ලන පාතාලයේ කප්පිත්තකු වන මාකඳුරේ මධුෂ් අහම්බෙන් නිර්මාණය වූ චරිතයක් නොවේ. ඇතැම් විට ඔහුගේ නිවෙසේ පරිසරය ඔහු ජීවත් වූ පරිසරය ඇසුරු කළ මිතුරන් මෙන්ම ඔහු අත්විඳි අත්දැකීම් ද එයට බලපාන්නට ඇත. එහෙත් කවර සාධක මත පදනම්ව වුවද සමාජයට, සතුරු සමාජයට වින කරන පාපතරයකු වීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත. එහෙත් එබන්දන්ට ඇති සැලකිලි අනුග්‍රහ හා රැකවරණ දෙස බැලීමේදී පාතාල ලෝකයට එක්වීමට යමකු තුළ පෙළඹවීමක් ඇති වුවහොත් එය විමතියට කරුණක් නොවේ.

මවුපියන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ තම දරුවන් මැරයන්ගෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න කෙරෙහිය. එහෙත් මැරයන් බවට පත්වන්නෝ ද දරුවෝමය. වඩාත් යහපත් අනාගතයක් සම්බන්ධ සාඩම්බර අපේක්ෂාවලින් පිරිපුන් දරුවෝය. එහෙත් එම දරුවන්ට මහඋළුගෙදර කල්දේරම් බතෙහි රස බලමින් සදාකාලිකවම අඳුරේ ජීවත්වීමට සිදුවන්නේ මැරයන් බවට පරිවර්තනය වීම නිසාය. එහෙයින් මැරයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට පෙර තම දරුවන් මැරයන් බවට පත්වන ඉරණමෙන් ගලවා ගැනීම සම්බන්ධයෙන් මවුපියන්ගේ අවධානය යොමු විය යුතුය.

නීතිය බලගැන්වීම මෙම පාතාල සංස්කෘතිය තුරන් කිරීමට ඇති එක් ප්‍රධාන මාවතකි. ඒ මාවත මැනවින් පිළිසකර කර නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුය. 



අදහස් (4)

පාතාල සමාජ පිළිල සහමුලින් අතුගා දමමු

SRI VIJAYA Thursday, 07 February 2019 08:37 AM

මම හිතන්නේ මුලින්ම පොලිසියේ සුද්ද කල යුතුය , සියලුම පොලිසියේ මහත්තුරුන් අද ඉන්නේ ජාවාරම්කරුවන්ගේ පැත්තේ ,අද ජනතාව බියව‍ෙලා සිටිනවා තොරතුරු දෙන්න හවසට පොලිසියේ මහතරු ඉන්නේ ජවරන්කරුවන් සමග බාර්වල ,

:       0       21

yaha Thursday, 07 February 2019 09:34 AM

අනිවාර්යෙන්ම පොලිසිය සහ දේශපාලන රැකවරණ මේ අයට ලැබෙනවා .. දැන් කරන්න තියෙන්නේ මේ වගේ අය එල්ලලා මරන්න .....අනිත් අයටත් දැනෙන්න....... මේක අනිවාර්යෙන්ම ඉවරයක් කරන්න පුළුවන් එස්ටීඑෆ් එකට ........පොලිසියේ අය නම් ජරාව කනවා කොහෙන් හරි කොනකින් ...හරියට වැඩ කරන උන් නැති කරනවා ... ලතීෆ් මහතාට පූර්ණ බලතල දෙන්න ...එතුමා වැඩේ කරයි...

:       0       33

Lal Thursday, 07 February 2019 03:08 PM

සමාජයතුල මදුෂ් වැනි අය බිහිවීමේ මූලික අඩිතාලම පටන්ගන්නේ 1977 පසු නිසා බව දනිමු. පාතාල සමාජ පිළිල ඉවත් කරන්නනම් පලමුවෙන්ම පාතාල දේසපාලුවන්ට බලයට එන්න තිබෙන අවස්ථා නැති කල යුතුයි. එය කල හැක්කේ දේශප්‍රේමී නායකයෙක් අනාගතයේ බිහි වුනොත් පමණී. නොවුනොත් මාකඳුරේ මධුෂ් අවසානය නොවේ....

:       3       46

ලේක්කෝ ගලබඩ Thursday, 07 February 2019 03:40 PM

ඉස්සෙල්ලම පොලිසිය ඊට පස්සේ බන්ධනාගාර නිලධාරින් සුද්ද කරලා තමයි පාතාලය සුද්දකල හැක්කේ.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site