IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


දූෂණ විරෝධී සටනට කාර් බෝම්බයෙන් වන්දි ගෙවූ ඩැෆ්නි කරුආනා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි. මෝල්ටා රජය විසින් සිදුකළ වංචා දූෂණවලට එරෙහිව නැගී සිටි, ඩැෆ්නි කරුආනා ගලිචියා ද එවන් ගවේෂණාත්මක මාධ්‍යවේදිනියකි.  මෙවර සටහන ඇය පිළිබඳවයි.


ව්‍යාපාරික පවුලක උපන් වැඩිමහල් දියණිය වන ඩැෆ්නි, පළමු වතාවට අත්අඩංගුවට පත්වන්නේ වයස අවුරුදු දහ අටක් තරම් කුඩා අවධියේ දීය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලයේ යෙදුණු උද්ඝෝෂණයකට සහභාගි වූ වරදටය. එදින පැය 48ක් පුරා පොලිස් අත්අඩංගුවේ සිටි ඩැෆ්නි නිසාවෙන් පසු කලෙක මෝල්ටා පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට පත්වීමට ද එම අත්අඩංගුවට ගැනීම සිදුකළ පොලිස් නිලධාරියා (ඇන්ජලෝ ෆැරුජියා) සමත් විය. ඒ එරට දේශපාලනික ව්‍යුහය මනාව විවරණය කරමිනි. 


කෙසේ නමුත් මෝල්ටා විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව පිළිබඳ ඉහළ සාමාර්ථයක් ලද අති දක්ෂ ශිෂ්‍යාවක වූ ඩැෆ්නි, ජනමාධ්‍යකරණයට පිවිසෙන්නේ විවාහ වීමෙන් අනතුරුවය. ඒ ඇගේ සැමියා වන නීතිඥ පීටර් කරුආනා ගලිචියා නිසාවෙනි. ඔහු පැවැත ආවේ ද ගවේෂණාත්මක ජනමාධ්‍ය පෙළපතකිනි.


මේ අනුව 1987 වසරේදී .ඔයැ ීමබා්හ ඔසපැි දf ඵ්කඒ. හි වාර්තාකාරිනියක ලෙස මාධ්‍යකරණයට පිවිසෙන ඇය, එහි තීරු ලිපි රචිකාවක් ලෙසට ද පාඨක කතාබහට ලක් වන අතර 1992 වසරේදී .ඔයැ ඵ්කඒ ෂබාැචැබාැබඑ. දිනපතා පුවත්පතේ සහකාර කර්තෘවරිය බවට ද පත්වන්නේ ඇගේ පරිණතභාවය පෙන්නුම් කරමිනි. 


වරක් ඩැෆ්නිගේ නිවස ගින්නකට පවා හසු කරන්නේ එලෙස ඈ ලද එම සාර්ථකත්වයයි. වසර කීපයකට පසුව වුවද ඇගේ අසල්වැසියාගේ මෝටර් රථය පවා ගිනි ගත්තේ ඝාතකයන්ගේ කුරුමාණම වැරදුණු නිසාවෙනි. 


2006 වසරේ දී ද ඩැෆ්නි, නින්දට ගොස් සිටින අවස්ථාවේ ඇගේ මුළු පවුල අළුකර දැමීමට ඝාතකයන් ගත් උත්සාහක් ව්‍යාර්ථ වූ අතර 2008 වසරේ දී ඇය .ඍමබබසබට ක්‍දපපැබඒරහ. නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නේ මේ හේතුවෙනි. එරට පුවත්පත් කලාව පවා ආක්‍රමණය කළ එම බ්ලොග් අඩවිය, අතිශයින් ජනප්‍රිය වූ අතර ඒ මෝල්ටාවේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිවලින් එකක් බවට පත්වෙමිනි. 


ජනප්‍රිය චරිතවල සැබෑ තතු, කාලීන දේශපාලන තතු සහ අර්ථකථන ඇතුළත් වූ එම බ්ලොග් අඩවිය හේතුවෙන් ඇයට දිනපතාම මරණ තර්ජන ගලා එන්නට විණ. දුරකථන ඇමතුම්, ලිපි, සටහන්, කෙටි පණිවිඩ, ඊමේල් පණිවිඩ ද නිතර ලැබෙන්නට වූයේ ඇගේ ජීවිතය සහ මරණ තර්ජන යන්න සාමාන්‍යකරණය කරමිනි. 


මේ අතර 2013 වසරේ මාර්තු මස 08 වැනිදා ද ඇය, නැවතත් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඒ එම වසරේ පැවැති මෝල්ටා මැතිවරණයට පෙර දිනයේ දීය. පසුව ඇය ඊට ප්‍රතිචාර වශයෙන් මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් උපහාසයට නගමින් රූප රාමු පෙළක් සමාජගත කළ අතර ඒ හේතුවෙන් නැවතත් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට ඇයට සිදුවිණ. ඒ ව්‍යාජ සමාගම් නිර්මාණය කරමින් අගමැති සහ ඔහුගේ බිරිඳ වන මිචෙලි මස්කට් සිදුකරනු ලැබූ මූල්‍ය වංචා හෙළිදරව් කළ නිසාවෙනි. ඇය දිගින් දිගටම ඔවුන්ට අදාළ චෝදනා සිදු කිරීම හේතුවෙනි (2017 වසරේ දී ඔහුට හදිසි මැතිවරණයක් පැවැත්වීමට බලපෑවේද ඩැෆ්නිය).

 

 


පිලාටුස් බැංකුව :ඡසක්එමි ඊ්බන* දූෂිත යැයි චෝදනා කිරීම නිසා 2017 වසරේ දී ද ඇයට විරුද්ධව එහි අධිපතිවරයා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක අපහාස නඩුවක් පැවරූ නමුත් එය අහෝසි වූවේ ඇගේ ඝාතනය හේතුවෙනි. මහේස්ත්‍රාත් විනිසුරුවරුන් පවා විවේචනය කරමින් පවතින නීතියට අභියෝග කළ ඇය, ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද අභියෝගයට ලක් කළේ ඔවුන්ගේ දූෂිත බව ඔප්පු කරමිනි.


අවසන 2017 වසරේ ඔක්තෝබර් මස 16 වැනිදා මෝටර් රථ බෝම්බයක් අටවමින් ඩැෆ්නිගේ හඬ නිහඬ කිරීමට විත්තිකරුවන් පියවර ගත්තේ ඇගේ මුල් ගම වූ බිඞ්නිජා සමීපයේදීමය. එම බෝම්බ ප්‍රහාරය සැලැකෙන්නේ 2016 වසරේ සිට ඇරැඹි මෝල්ටා මෝටර් රථ බෝම්බ ප්‍රහාර මාලාවේ හයවැන්න ලෙසිනි.


කෙසේ නමුත් මෙම කුරිරු ප්‍රහාරයේ චූදිතයන් තවමත් අනාවරණය නොවුණේ සත්‍යයේ හඬ අවදි වන්නේ කවදා ද යන්න නැවතත් ප්‍රශ්න කරමිනි.


එහෙත් .ඪ. අකුර මුසු කරමින් දහස් ගණන් ජනතාව හැඬවූ මෙම අවමංගල්‍ය උත්සවය සඳහා අග්‍රවිනිශ්චයකරු අන්තෝනියෝ ටජානි, යුරෝපානු පාර්ලිමේන්තුවේ සභාපති හාර්ලෙම් ඩෙසිර් මෙන්ම හිටපු දේශපාලන පක්ෂ නායකයන් පැමිණ සිටියේ ඇගේ සටනට උපහාර පුද කරමිනි. ලෝක පූජිත වූ සම්මානනීය මාධ්‍යවේදිනියක බවට ද ඈ පත් කරමිනි. ප්‍රංශය විසින් පසුගිය වසරේ පටන් ඇගේ නමින් මාධ්‍යකරණය පිළිබඳ නව සම්මානයක් හඳුන්වා දුන්නේ ද එබැවිනි. ඩෙෆ්නි විසින් මාසිකව නිකුත් කළ .ඕිඑැ ්බා ත්‍ක්සර. නම් සඟරාව ද තවමත් .ඔයැ ෘ්චයබැ ක්‍්රම්බ් ඨ්කස‘ස් ත්‍දමබා්එසදබ. විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඈ ආරම්භ කළ අරගලය තවදුරටත් සුරක්ෂිත කරමිනි.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

දූෂණ විරෝධී සටනට කාර් බෝම්බයෙන් වන්දි ගෙවූ ඩැෆ්නි කරුආනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 565 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17366 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site