IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


තිස්සට එරෙහිව මැර පිරිසක්

තිස්සගේ මතක වත-106

 

2014 දෙසැම්බර් 6 වැනිද තමයි අපේ පක්‍ෂ සම්මේලනය කැඳෙව්වෙ. ඒක ටිකක් බරපතළ වැඩක් වුණේ ජනාධිපතිවරණයක් අත ළඟ තියෙද්දී කරන්න සිද්ධ වුණු නිසා. මේ වැඬේ සංවිධානය කර කර ඉන්නකොට සම්මේලනය පැවැත්වෙන දවසේ උදේ සිරිකොතට ගියාම මට දැනගන්න ලැබුණා මට විරුද්ධව කණ්ඩායමක් එක එක දේවල් කතාවෙනවා කියලා. රනිල් වික්‍රමසිංහගෙ ආරක්‍ෂක අංශයේ කෙනෙක්මයි මට ඒ බව කිව්වෙ. එයා කිව්වෙ සම්මේලනයේදී මම කතා කරනකොට ‘හූ’ කියන්න පිරිසක් සූදානම් වෙලා ඉන්නවා කියලා තමයි කිව්වේ. උතුරු කොළඹ පැත්තෙ කට්ටියක් තමයි එහෙම සංවිධානාත්මකව ඇවිත් තියෙන්නේ කියලා ඒ ආරක්ෂක නිලධාරියා මට කිව්වා.


මේ ආරංචිය දැනගත්ත ගමන් මම ජාතික සේවක සංගමයේ සිරිනාල් ද මෙල්ට කතා කරලා කිව්වා. මේ ගැන ජාතික සේවක සංගමයේ සම්මේලනයට සහභාගි වෙන පිරිස මුණගැහිලා මම ඒ අයට කිව්වා, මේ වගේ දෙයක් සිද්ධවෙන්න නියමිතයි ඒක නිසා අවධානයෙන් ඉඳලා එහෙම දෙයක් වෙන්න දෙන්න එපා කියලා.  ජාතික සේවක සංගමයෙ අය මට ගොඩක් හිතවත් නිසා තමයි මේ ගැන මම ඒ අය එක්ක කිව්වේ. ඒ අයත් මට පොරොන්දු වුණා ඒ වගේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න වගබලා ගන්නවා කියලා. මට හිතවත් මන්ත්‍රීවරුත් මේ කාරණාව දැනගෙන ඒ ඒ අයගේ පිරිස්වලට කියලා තිබුණා මට විරුද්ධව කටයුතු කරන්න ආපු අයට එවැනි දෙයක් කරන්න ඉඩ දෙන්න එපා කියලා.
සමුළුව ආරම්භ වෙන්න ටික වෙලාවකට කලින් රනිල් වික්‍රමසිංහ ආවා. මම ඔහුගේ කාමරයට ගිහින් මේ ප්‍රශ්නය කිව්වා. මම රනිල්ට කෙළින්ම කිව්වා මට විරුද්ධව ‘හූ’ කියන්න මිනිස්සු ගෙන්නලා තියෙන්නේ රවි කරුණානායක, වහාම මේ වැඬේ නවත්තන්න කියලා. රනිල් ඒකට ‘හරි හරි’ කියල කිව්වත් මට තේරුණා ඔහු ඒක ඒ තරම් බරපතළ විදියට ගණන් ගත්තේ නෑ කියලා. සිරිනාල් ද මෙල් පවා රනිල්ට මේ ගැන කිව්වා. සිරිනාල් කිව්වා රවී මේ  කරන වැඩෙන් පක්ෂෙටයි හොඳ නැත්තේ කියලා. අපි කතා කර කර ඉන්නකොට රවී කරුණානායක නායකතුමාගේ කාමරේට ආවා. රවි කාමරේට ඇතුළු වෙනකොටම මම රනිල් වික්‍රමසිංහට කිව්වා “මේ ඉන්නෙ රවී දැන් මෙයාටම කියන්න මේ වැඬේ නවත්තන්න කියලා. එතකොට රනිල් කිව්වා හරි හරි මං ඒක බලාගන්නම් තිස්ස දැන් ගිහින් සම්මේලනයේ වැඩ ටික බලා ගන්නකො’ කියලා. මම කිව්ව එහෙම බෑ මගේ ඉස්සරහ රවිගෙන් මේ ගැන අහන්න කියලා. රනිල් රවීගෙන් මේ ගැන ඇහුවෙම නැතුව මේ ප්‍රශ්නෙ මගඇරියා. කොහොම හරි හැබැයි මම රවිගෙ මුණටම කිව්වා. “රවී බලු වැඩ කරන්න එපා මේ වගේ කියලා. රවී කිව්වා “මම කට්ටියක් ගෙනාපු එක ඇත්ත. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ගන්නයි ඒ අය ගෙනාවෙ කියලා. රනිල් මේ ගැන කිසිම දෙයක් නොකියා කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න එකෙන් මට තේරුම් ගියා කවුරුත් දැනගෙන තමයි මේ වැඬේ සිද්ධ වුණේ කියලා.


කොහොම හරි මේ ප්‍රශ්න මැද්දේ වුණත් සම්මේලනයට මම ගියා. මම කතාවකුත් කළා. ලෙකු ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑ. සමුළුව ඉවර වුණාට පස්සේ රනිල්  මට කිව්වා එයාගෙ කාමරේට එන්න කියලා. සම්මේලනයේ කරපු කතාවට ස්තුතියි කියලා මට කිව්වා. මම ඔහුට කිවවෙ ‘ස්තුතිවලින් නම් මට වැඩක් නෑ රවීගෙ ප්‍රශ්නෙ ගැන ඔබ තුමා, කිසිම දෙයක් කළේ නෑ. ඒ ගැන නම් මට ලොකු කලකිරීමක් තියෙන්නේ. මට හිතෙන්නේ ඔබතුමත් මේකට සම්බන්ධයි කියලා. “මොන පිස්සුද මම මේ මොකවත් දන්නෙ නෑ කියලා රනිල් කිව්වා. රවීට මේ වගේ වැඩ කරන්න එපා කියලා අවවාද කළා කියලත් ඔහු කිව්වා. ඒත් එහෙම කිව්වා කියලා මට නම් විශ්වාස නෑ කියාගෙන මම කාමරයෙන් පිටවෙලා ආවා. සම්මේලනයේ වැඩ ඒ විදියට ඉවර වුණා.

 


තව කොටසක් ලබන සතියට.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

තිස්සට එරෙහිව මැර පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 563 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17365 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site