IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


තිස්ස පිළිගත් මහින්දගේ ඇරැයුම

 

තිස්සගේ මතක වත-111

 

මම ඉල්ලා අස්වීමේ ලියුම රනිල් වික්‍රමසිංහට දුන්නට පස්සේ මාධ්‍යවලින් එක දිගටම ප්‍රචාරය වෙන්න ගත්තා මං පක්ෂෙන් අයින්වෙලා කියලා. මේක ආරංචිවෙච්ච පිරිස් අපේ ගෙදරත් එන්න පටන් ගත්තා. ඒ එන අයටත් විස්තර කියන්න සිද්ධවීම කරදරයක් වෙන්න පටන් ගත්තා. ඒක නිසා මම යාළුවෙකුගේ ගෙදරට ගියා.


මේ අතරේ මහින්ද රාජපක්ෂ මට ආපහු දුරකථන ඇමතුමක් දුන්නා ඉන්නේ කොහේද කියලා අහලා. එයා කිව්වා අදම ඇවිත් වැඩ පටන්ගමු කියලා. මම කිව්වා අදම එන්න විදියක් නෑ තව පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා ඉවර කරගන්න ඒ ටිකත් ඉවර කරගෙනම එන්නම් කියලා. මහින්ද දිගින් දිගටම කිව්වේ ‘අද තමයි හොඳම දවස නාම යෝජනා දීලා අරලියගහ මන්දිරේට එනවා තිස්සත් එතෙන්ට එන්න” කියලා. මමත් ඒ වෙන කොට හිටියේ ලොකු මානසික පීඩනයක. මම කිව්වා ‘එන්නම්’ කියලා. 


මේ අතරෙ දිනේෂ් ගුණවර්ධන මට කතා කරල ඇහුවා ‘මහින්ද රාජපක්ෂ හැමෝටම අරලියගහ මන්දිරේට එන්න කියල තියෙනවා තිස්සත් එනවද” කියලා. එන වෙලාව හරියටම කියන්න පුළුවන්ද කියලත් දිනේෂ් ඇහුවා. මම කිව්වා මහින්ද නාමයෝජනා බාරදීලා එන වෙලාව හරියටම කිව්වොත් මට ඒ වෙලාවට එන්න පුළුවන් කියලා. දවල් 1 ට විතර එන බව දිනේෂ් කිව්වා. මමත් තීරණය කළා ඒ වෙලාවට එතෙන්ට යන්න. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු පිරිස මට දක්වන නොසැලකිල්ල නිසා මම ගොඩක් කලකිරීමෙන් හිටියේ. ඒ මානසිකත්වය තමයි මම මේ වගේ තීරණයකට තල්ලු කළේ.


මම දවල් අරලියගහ මන්දිරේට ගියා. මහින්ද ඒ වෙනකොට මුළු මන්ත්‍රී කණ්ඩායමම අරලියගහ මන්දිරේට කැඳවලා තිබුණේ. මාව පිළිගන්න තමයි ඒ හැමෝම කැඳවලා තිබුණේ. මම ගියාම ඉතා ඉහළ පිළිගැනීමත් දුන්නා. පිළිගැනීම ඉවරවෙලා දවල් කෑම කමු කියලා මහින්ද රාජපක්ෂ ආරාධනා කළා. ඊට පස්සේ කැලණි පන්සලට යන්න ඉන්නවා කියලා ඒ ගමනටත් මට එන්න කියල කිව්වා. මමත් හා කිව්වා. දැන් මම ඔහුත් එක්ක වැඩ කරන්න ඔළුව හදාගෙන ඉවරයි. මහින්ද ගියපු කාර් එකේම මටත් එන්න කියලා අපි කැලණි පන්සලට ගියා. ඉස්සෙල්ලම විද්‍යාලංකාර පිරිවෙනට ගියා ඊට පස්සෙ කැලණි පන්සලට ගියා. ආගමික වතාවත්වලින් පස්සේ මර්වින් සිල්වා හදපු විෂ්ණු දේවාලෙටත් ගියා.


කැලණි පන්සලේ ඉඳලා එන අතර මහින්ද මට කිව්වා මෛත්‍රීපාල සිරිසේන ඉන්නකම් පක්ෂෙට මහලොකු දෙයක් කළේ නෑ මොකද එයා අගමැතිකම බලාගෙන හිටියේ කියල. මහින්දත් අගමැතිකම මෛත්‍රීට දෙන්න හිතාගෙන හිටියත් පක්ෂයේ තවත් පිරිසක් ඒකට විරුද්ධ වුණු නිසා ඒක කරන්න බැරි වුණා කියලා”යි ඔහු කිව්වේ. අපි කෙළින්ම අරලියගහ මන්දිරේට ඇවිත් එතනින් මාව වාහනේක දාල ගෙදරට ඇරලුවා. අපි යන අතරේ මහින්ද කිව්වා හෙටම සෞඛ්‍ය ඇමතිකමේ දිවුරුම් දෙමු කියලා. මම ඒකට කැමති වුණේ නෑ. ඒ එක්කම කිව්වා දවස් දෙකකින් විතර තිරුපති වඳින්න යනවා මාත් එන්න යන්න ලෑස්ති වෙන්න කියල. මමත් ඒකට කැමතිවෙලා ඔහු සමග තිරුපති ගියා.


තිරුපති යන්න කලින් මම මාධ්‍ය හමුවක් පවත්වලා මම ගත්ත තීරණය ගැන මාධ්‍යයට කිව්වා. මාත් එක්ක ඒ මාධ්‍ය සාකච්ඡාවට නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත එහෙමත් සහභාගී වුණා. පොදු අපේක්ෂකයාට සහාය දෙන්න අපහසු නිසා මන් එවැනි තීන්දුවක් ගත්තු බව මාධ්‍යයට ප්‍රකාශ කළා. තිරුපති ගිහින් ආවට පස්සේ මම සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ බාර ගත්තා. මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ඉල්ලපු නිසා තමයි ඒ දේ කරන්න සිද්ධ වුණේ. වැඩ බාර ගන්න ගියාට එක එක්කෙනා එවිට ලිපිගොනු මට ගෙනත් දුන්නා. ඒ අතර තමයි තිබුණේ රනිල් මෛත්‍රී අතර එකඟතාවක් සම්බන්ධ ලියුමක්. මටත් පුදුම හිතුණා මේ එකඟතාව සම්බන්ධ ලියුම ගැන. මම එච්චර දවසක් පක්ෂ මහලේකම්වෙලා ඉඳලවත් එහෙම එකක් ගැන දැනගෙන හිටියේ නෑ. මේ ලියුමෙ ෆොටෝ කොපියක් තමයි තිබුණේ. ඒ ලියුම පරීක්ෂාකාරීව බැලුවා. ඒකෙ බරපතළ කරුණු කීපයක්ම තිබුණා. මේ ගැන මන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදිත් සඳහන් කළේ ඒ නිසාම තමයි.
තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

තිස්ස පිළිගත් මහින්දගේ ඇරැයුම

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 490 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1357 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 349 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site