IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


තවත් ආන්දෝලනයක් අත පොවන මායිමේ

මහින්ද රාජපක්ෂ මහතා වෙත මෛත්‍රීපාල සිරිසේනයන්ගේ දැෑත දිගුවීම අරභයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් අතරද බියසංකා මතුවනු පෙනේ. ජනපති සිරිසේන මහතා තම ප්‍රතිවාදියා වෙත යොමුවීමට කටයුතු කර තිබීමෙන්ම රාජ්‍ය නායකයා වුවත් ඔහු කොපමණ දුරකට තනිකර හැර තිබෙන්නේද යන්න මෙන්ම ඔහු කොපමණ දුරකට අසරණ තත්ත්වයකට පත්ව සිටින්නේද යන්නත් ඉතාම පැහැදිලිය.

පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණ සමයේද මෙළෙසම රාජපක්ෂ මහතා වෙත මිත්‍රත්වයේ දැෑත් දිගු කිරීමට ජනපති සිරිසේන මහතා උත්සාහ කළද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ වතාවේදී හරහට සිටියේය. එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූයේ තෙවැනි ස්ථානයයි. එවන් පරාජයක් ලැබීමට හේතුව පක්ෂයේ කිසිදු උනන්දුවක් නොතිබීම බව අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ. 

ජනපතිවරයාට නිසි මං පෙන්වා දීමේ සමත් උපදේශකයින් කිසිවෙක් නොසිටි බව ඔහුගේ සමීපතමයින් කියා සිටින විට තවත් අය අවධාරණය කර සිටින්නේ ඔහු හොද උපදෙස් පිළිනොපැදි බවය. මෙම තත්ත්වය යථාර්ථයක්ම බව පෙන්වා දෙන සළකුණු දැනටමත් පහළවෙමින් ඇත. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එම තනතුර පක්ෂයේ නිල නොවන නායක මහින්ද රාජපක්ෂ වෙත භාර කිරීමට කැමැත්ත පළකර තිබේ. ඉදිරි සති කිහිපයේ දී එය සිදුවනු ඇත. ඒ හරහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිය සියතට ගෙන කටයුතු කිරීමටත්, ජනපතිවරයා හා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන පක්ෂයේ සාමාජිකයන් නම්මා ගැනීමටත් ඔහුට හැකියාව ලැබෙනු ඇත. 
මේ අතර, ජනපතිවරයා පෙරට තැබූ පය අවසන් මොහොතේ දී ආපස්සට ගනු ඇතිදැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජේ්‍යෂ්ඨයෝ විමසන්නෝය.

දුරදක්නා නුවණින් යුතු බැසිල් රාජපක්ෂ මෛත්‍රී - මහින්ද හමුව සිදුවීමට පෙර සිටම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන චරිත හා සංවාදයේ යෙදෙමින් ඔවුන්ගේ අදහස් විමසුමට ලක්කරමින් සිටියේය. එක්සත් ජාතික පක්ෂය ද ජනපතිවරයාගේ වත්මන් හැසිරීම අරබයා කැළඹීමට පත්ව සිටී.

“අගමැතිවීමේ ජනවරම හිමිවුනේ වික්‍රමසිංහට. කොහොමද ඒක වෙනස් කරන්නේ” යයි කෝපයෙන් අදහස් දැක්වූ පක්ෂයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙක් විමසුවේ ය.

ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥයෙක් මෙන්ම ඒ පිළිබද නොයෙක් අවස්ථාවන්වල දී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීමේ ප්‍රකට ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙක් කියා සිටියේ රට විනාශයට පත්වීමට පෙර කුමක් හෝ කිරීමට දැන් කාලය පැමිණ තිබෙන බවය.

“අප දැන් දැන්ම කටයුතු කළ යුතුව තිබෙනවා. වසරක් බලා ඉන්න අපට හැකියාවක් නැහැ. මේ අමාත්‍යවරු වැඩ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් දූෂිත කටයුතුවල නිරතවෙලා ඉන්නවා. තව තවත් ජනතාව පීඩාවට පත්වේවි” ඔහු කීවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එහි අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින්ම, ආර්ථිකය පණ ගැන්වීමට ගතයුතුව තිබෙන කඩිනම් පියවරයන් ක්‍රියාත්මක කිරීමෙහි ලා එකගතාවය දැක්විය යුතුව තිබෙන බව තවත් සාමාජිකයෙක් බැසිල් රාජපක්ෂ හා පැවසුවේය. 

අඩුම තරමින් දෙදෙනෙක් හෝ අගමැති වික්‍රමසිංහ සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් අදහස් දක්වමින්, එක්සත් ජාතික පක්ෂය යටතේ දියත් වන මහා පරිමාන වංචා හා දූෂණ මැතිවරණයට ප්‍රථමයෙන් ජනතාව හමුවේ අනාවරණය කළ යුතුව තිබෙන බව කීවෝය. මේ සම්බන්ධයෙන් ගත් කළ, මහා පරිමානයෙන් සිදුව ඇති බව කියන මුදල් ගනුදෙනු පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු දෙදෙනෙකුගේ කටයුතු රාජ්‍ය විමර්ශන ආයතනයන් යටතේ විමසුමට ලක් කෙරෙමින් පවතින අතර, එසේ කරන ලෙස උපදෙස් දී තිබෙන්නේ ජනපති සිරිසේන මහතාය. 
මෛත්‍රී - මහින්ද සාකච්ඡාව සහ මහා සන්ධානයක් තැනීමේ යෝජනාව හමුවේ නැගෙන දැවෙන පැනය වන්නේ එවැන්නක් තනා ගැනීම සදහා අවශ්‍ය වන පාර්ලිමේන්තු පුටු ගණන දිනා ගැනීමට හැකියාවක් තිබේ ද යන්නය. 
දෙදෙන අතර සාකච්ඡාව ගැන දැනුම්වත් දෙපාර්ශවයේම නියෝජිතයන් අතලොස්සකට නම් එය දිනාගත හැකියැයි දැඩි විශ්වාසයක් ඇත. නමුත් සිහිපත් කළ යුතු කරුණ වන්නේ මීට මාස කිහිපයකට ඉහත අගමැති වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ ද එය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි මෙවැනිම විශ්වාසයක් එයට සහාය දැක්වූවන් අතර පැවැති බවය. 

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ඇතැමෙකුගේ සහාය මෙදා ලැබෙන බව කියැවේ. නමුත් මෙතැනදී ද සිහිපත් කළ යුත්තේ එදා විශ්වාසභංගයේදීද කියැවුනේ මෙයම බවය. නමුත් එවැනි සහායක් අවසානයේ නොලැබිණ. කෙසේවුවද මෙය නිශ්චිත වශයෙන්ම තහවුරු කරගැනීමට නොහැකි විය. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 23 දෙනෙක් රජය පාර්ශවය නියෝජනය කරන අතර බෙදී ගිය 15 දෙනාගේ කණ්ඩායම හැර තවත් 54 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නෝය. ඒ අනුව මුලු ගණන 92කි. බහුතරය නියෝජනය කිරීමට නම් ආසන 113ක ආධිපත්‍ය තිබිය යුතුවන අතර, ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයට තවත් ආසන 21ක පැහැදිලි හිගයක් තිබේ.

වැඩබලන මහා සභාග සන්ධානයට එක්වන ලෙස ආරාධනා කෙරෙනු ඇතැයි සිතිය හැකි පාර්ශවයන් දෙකක් වන්නේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණයි. නමුත් ඔවුන් එම ආරාධනයට දක්වනු ඇති ප්‍රතිචාරය තවමත් අපහැදිලිය. 

දෙමළ ජාතික සන්ධානය ප්‍රසාදයට පත් කිරීමේ අරමුණින් දෝ දෙසැම්බර් මාසයට පෙර උතුරේ බිම් කොටස් ඒවායේ නියම හිමිකරුවන්ට නිදහස් කරන ලෙසට ජනපති සිරිසේන මහතා උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම සදහන් කළ යුතු කරුණ වන්නේ ජනපතිවරයාගේ මෙම උපදෙස් අරබයා රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීමයි. 

දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය නොලැබෙන්නේ නම් මහා සන්ධානයට සිදුවන්නේ 21 දෙනෙකු හෝ ඊට වැඩි එක්සත් ජාතික පක්ෂ හෝ එක්සත් ජාතික පෙරමුණු සාමාජිකයන්ගේ සරණ පැතීමටය. එක්සත් ජාතික පෙරමුණ සැදුම් ලබන්නේ ජාතික හෙළ උරුමය සහ මුස්ලිම් දේශපාලන පක්ෂවලිනි.

මෛත්‍රී - මහින්ද සංවාදයට ඇතැම් විට අදාළ වනු හෝ නොවනු ඇති කරුණක් සම්බන්ධයෙන් ද ජනපතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර එය නම් නව අගවිනිසුරුවරයකු පත් කිරීමයි. 

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ලබන සතියේ විශ්‍රාම යෑමට නියමිතය. ඊට ප්‍රථමයෙන් දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන අපෑල සම්බන්ධයෙන් ඔහු අවසන් තීන්දුව ලබා දෙනු ඇත. හිටපු ජනපතිවරයාගේ උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, කොළොන්නාව ප්‍රදේශයේ දී සිදුවූ ගැටුම දී වෙඩි තබා ඝාතනය කළේ යැයි සිල්වාට චෝදනා එල්ල වී තිබේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යනු වර්තමාන රත්මලාන ආසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියාය. ඔක්තෝබර් මස 11 වැනිදා සම්ප්‍රදායක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අසුන් ගැනීමකට එක්වනු ඇති අගවිනිසුරුවරයා ඊට පසුදින තම ධූරයට සමුදෙනු ඇත.

නව අගවිනිසුරුවරයා ලෙස පත් කැරෙනු ඇතැයි ඉඟි පළව තිබෙන්නේ වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාය. නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ජනපති සිරිසේන මහතා මෙතෙක් ගෙන නැත. නව අගවිනිසුරවරයා ලෙස පත්කිරීම සදහා දැනට සිටින ජේ්‍යෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විසිසුරුවරිය වන ඊවා වනසුන්දර මහත්මියද ජනාධපති සිරිසේන මහතාගේ  අවධානයට ලක්ව තිබේ. 

ඊවා වනසුන්දර මහත්මිය වසය අවුරුදු 65 න් වන විශ්‍රාම වියට එළැඹෙනු ඇත්තේ 2019 පෙබරවාරි මාසයේදීය. අගවිනිසුරුවරයා විදෙස්ගතව සිටි අවස්ථාවලදී ඔහු වෙනුවට වැඩ බැලූවේද ඇයයි. 

2019 පෙබරවාරි මාසයෙන් පසුව වුවද අගවිනිසුරුවරයා ලෙස පත්වීමේ බාධාවක් ජයන්ත ජයසූරියට මහතාට නොමැති බැවින් නව අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය පත්කිරීමේ ගැටලුවක් නොමැති බවට ජනපති සිරිසේනට මහතාට උපදෙස් ලැබී තිබේ.

සාම්ප්‍රදායිකව ගත් කල්හි අගවිනිසුරුවරයකු විශ්‍රාම යන විට නව අගවිනිසුරුවරයා ලෙස පත් කෙරෙන්නේ එම අවස්ථාවේ සිටින ජේ්‍යෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාය. එසේ නොකොට රටේ නීතිපතිවරයාට එම ස්ථානය දුන් අවස්ථා ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ ඇත. මෑත කාලීනව එවන් අවස්ථාවලට උදාහරණ වන්නේ සරත් නන්ද සිල්වා සහ මොහාන් පීරිස් යන මහත්වරුන් රටේ අගවිනිසුරවරුන් ලෙස පත්කිරීමය. 

හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතා පෞද්ගලික මට්ටමින් නීතිඥ සේවයේ නිරතව සිටි නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරුවරයා ලෙස පත්කළා පමණක් නොව, 1980 අගභාගයේ දී විනිසුරු රාජා වනසුන්දරගේ ජේ්‍යෂ්ඨත්වය නොසළකා හරිමින් විනිසුරු ප්‍රියනන්ද රණසිංහ ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේය. 

ජනපතිවරයා නිව්යෝර්ක් නුවර බලා යෑමට ප්‍රථමයෙන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ මහතා ඔහුගෙන් විමසා තිබේ.  නැවත පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ජනපති සිරිසේන මහතා පවසා ඇත.

අගමැතිවරයා නැවත වරක්, තම නෝර්වේ හා බි්‍රතාන්‍ය සංචාරයට ප්‍රථමයෙන්, අගවිනිසුරුවරයා පත්කිරීම පිළිබදව විමසා තිබෙන අතර එහිදී ජනපති සිරිසේන මහතා කියා තිබෙන්නේ තමන් මෙතෙක් ඒ පිළිබදව තීරණයක් ගෙන නොමැති බවය. අගවිනිසුරවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු ජනපතිවරයා එය ව්‍යවස්ථා සභාවට දැනුම්දෙනු ඇත. නාමයෝජනාවට අනුමැතිය දීම හෝ නොදීම තීරණය කරන්නේ ව්‍යවස්ථා සභාවයි.
මෙහිදී තවත් ගැටලුවක් පැන නැගී තිබේ. එනම් ඇතැම් ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ ධූර කාලයක් ඉක්ම ගොස් තිබීම සහ ඔවුන් වෙනුවෙන් නව සාමාජිකයන් නම් කිරීමක් සිදුව නොතිබීමයි. 

සාමාජිකයන් 5 දෙනෙකුගේ බහුතරයක් සිටින්නේ නම් දැනට සිටින ව්‍යවස්ථා සභා සාමාජිකයන්ට හෝ රැස්ව ජනපතිවරයා ඉදිරිපත් කරන නාම යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ලබාදිය හැකිය. නමුත් ව්‍යවස්ථා සභාවේ දැනට සිටින්නේ සාමාජිකයන් සිව්දෙනෙක් පමණකි. කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍ය මහින්ද සමරසිංහ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුහුය.

පෙනෙන්නට තිබෙන සැටියට නම් ව්‍යවස්ථා සභාවේ වැඩි නැඹුරුවක් තිබෙන්නේ අගමැතිවරයාගේ පාර්ශවයටය. ඒකාබද්ධ විපක්ෂයේ උපදේශක නීතිඥවරුන් පවසන ආකාරයට ව්‍යවස්ථා සභාවට තීරණයක් ගත නොහැකි නම් අවශ්‍යතාවයේ හැටියට නීතියේ පිහිට පැතීමට ජනපතිවරයාට අවස්ථාව ඇත. නමුත් එය තවත් ආන්දෝලනයකට අත වැනීමකි.

 



අදහස් (0)

තවත් ආන්දෝලනයක් අත පොවන මායිමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 316 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 181 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1013 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 254 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1980 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 137 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site