IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ත්‍රස්තවාදීන්ට බිලිවූ ඇමෙරිකානු මාධ්‍යවේදියා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 06

ඩැනියෙල් පර්ල් ඝාතනයට පෙර ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටියදී

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී සිටි 94 දෙනෙකු ඝාතනය වී ඇති බැවිනි. ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වන ඩැනියෙල් පර්ල්ද එවැනි සහෘදයෙකි. මෙවර සටහන පර්ල් පිළිබඳවයි.


ඉරාක යුදෙව් ජාතික මවකට සහ ඊශ්‍රායල - පෝලන්ත යුදෙව් පියෙකුට දාව උපන් පර්ල්, ඇමෙරිකාවේ නිව් ජර්සි හි උපත ලැබූවෙකි. ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේම ස්ටැන්ෆෝඞ් විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදනය පිළිබඳ ගෞරව උපාධියක් හිමිකර ගනිමිනි. විශ්වවිද්‍යාලයේදීම 'Stanford Commentator'  නමින් පුවත්පතක් ආරම්භ කිරීමට පුරෝගාමී වූ පර්ල්, එකල පැවැති විශ්වවිද්‍යාල ගුවන්විදුලියේද(KZSU) වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ අතර ඇමෙරිකානු දිනපතා පුවත්පතක් වන .භදරඑය'North Adams Transcript' . ඔස්සේ ඔහු සිය වෘත්තීය කටයුතු ආරම්භ කරන්නේ මේ අනුවයි.


එහෙත් 'The Berkshire Eagle', 'San Francisco Business Times', 'Wall Street Journal'  ආදී පුවත්පත්වල කටයුතු කළ ඔහුගේ ජීවිතය ආන්දෝලනයට ලක් කරනු ලබන්නේ ඔහු විසින් සිදු කළ ගවේෂණාත්මක යුද ගැටුම් වාර්තාකරණයයි. පාකිස්තානයේ කරච්චි නුවරදී ඔහු පැහැරගැනීමකට ලක් වන්නේ මේ අනුවයි. ඒ 2002 වසරේ ජනවාරි මස 23 වැනිදා ඇමෙරිකානු මුස්ලිම් ප්‍රජාවේ නායක ෂෙයික් මුබාරක් අලි ගිලානි සමග සම්මුඛ සාකච්ඡාවකට පැමිණ සිටියදීය. 


මෙම පැහැර ගැනීම ඇමෙරිකාවට ඔත්තු සපයන චර පුරුෂයකු ලෙස සිදුකිරීම සම්බන්ධයෙන් පාකිස්තාන පරමාධිපත්‍යය යළි යළිත් තහවුරු කිරීමේ සටනක නිරත වන බව කියන අදාළ කල්ලිය,  ඉන් දින නවයකට පසු ඔහුව ඝාතනය කළ අතර ඒ පර්ල් ප්‍රාණ ඇපයට පත් කිරීමෙන් අනතුරුවය. එම වසරේ පෙබරවාරි මස 21 වැනිදා ඔහුගේ ඝාතනයට අදාළ වීඩියෝ පටයක්ද නිකුත් වූ අතර එය නම් කර තිබුණේ .'The Slaughter of the Spy-Journalist, the Jew Daniel Pearl' ලෙසිනි. එය කොතරම් කුරිරුද යත් පර්ල්ගේ ශරීරය කීතු කීතු කර කපා දමන ආකාරයද එහි රූපගත කර තිබෙනු දැකගත හැකි විණ. 


වීඩියෝ තුළ පර්ල් විසින් තම මරණයට පෙර තමන් ඇමෙරිකානු යුදෙව්වෙකු බව දිගින් දිගටම පවසන ආකාරයද දැකගත හැකි වූයේ මෙම ඝාතනයට හේතුව පාකිස්තාන පරමාධිපත්‍ය නොව ආගමික ගැටුමක් බව තහවුරු කරමිනි. එසේම ඇමෙරිකාවේ ‘ගුවන්ටනමෝ’ කඳවුරේ සිටින මුස්ලිම් සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් මෙම ඝාතනය සිදුකළ බවද එම වීඩියෝවේ ඇතුළත්ව තිබුණේ මෙම ඉල්ලීම් ඉටු නොවුණහොත් තවදුරටත් මෙම ඝාතන සිදුවන බවට අනතුරු හඟවමිනි.


කෙසේ නමුත් 2002 වසරේදී මෙම ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනෙකු අල්ලා ගැනීමට කරච්චි පොලිසිය සමත් විය. ඒ අනුව මෙහි මහ මොළකරු වන අහ්මඞ් ඕමාර් සයිඞ් ෂෙයික්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවූ නමුත් එම නඩු තීන්දුවට අභියාචනා ඉදිරිපත් වීම නිසා එම නඩුව දිගින් දිගටම කල් ගියේය. 


මේ අතර බර්නාඞ් - හෙන්රි ලෙවි රචනා කරන ලද  'Who Killed Daniel Pearl' කෘතිය 2003 වසරේදී ප්‍රකාශයට පත් වූයේ විමර්ශනාත්මක නවකතාවක් ලෙසිනි.  එකල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නවකතාවක් ලෙසිනි.


2007 වසරේදී මෙම ඝාතනය සඳහා කලිඞ් ෂෙයික් මොහොමඞ්ද සම්බන්ධ බවට අහ්මඞ් ඕමාර් සයිඞ්ගේ නීතිඥවරුන් තර්ක කළ නමුත් 2011 වසරේදී මෙහි සම්පූර්ණ විමර්ශන වාර්තාව ප්‍රකාශයට පත් විය. මෙම වසරේ අප්‍රේල් මස 24 වැනිදා මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවකු පාකිස්තාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු පසුගිය දශක දෙකේම සිදුවූ ත්‍රස්ත ප්‍රහාර ගණනාවකටම වගකිව යුතු අසාම් ජැන් නමැත්තෙකු බව සඳහන්ය.


යුක්තිය පසිඳලීම එසේ සිදුවුවද 2002 වසරේදී පර්ල් විසින් රචනා කරන ලද පුවත්පත් ලිපි එකතුවක් 'At Home in the World' නමින් කෘතියක් ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ අතර මේ වන විට ඔහු (The Daniel Pearl Foundation)නමින් පදනමක්ද පිහිටුවා ඇත්තේ පර්ල්ගේ අරගලය තවදුරටත් ශක්තිමත් කරමිනි.


'Daniel Pearl World Music Days'  නමින් රටවල් 60ක ප්‍රසංග 1500ක්ද තවමත් පැවැත්වෙන අතර පර්ල්ගේ බිරිඳ වන මරියාන් පර්ල් විසින් ඔහුගේ ජීවිත කතාව රැගත්'A Mighty Heart'. නම් කෘතියද ප්‍රකාශයට පත් කර ඇත. ඒ පර්ල්ගේ මෙහෙයුම තවදුරටත් නිරාවරණය කරමිනි. (එම කෘතිය පාදක කර ගනිමින් 'A Mighty Heart'  නමින් චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර ඇති අතර ඊට ඩැන් ෆටර්මන්, ඇන්ජලිනා ජොලී සහ බොලිවුඞ් නළු ඉර්ෆාන් ඛාන් දායක වීම කැපී පෙනේ.


2005 වසරේ සිට පර්ල් වෙනුවෙන් පළමු ඩැනියෙල් පර්ල් සම්මානය ප්‍රදානය වුණු අතර 2008 වසරේදී ගවේෂණාත්මක ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය වෙනුවෙන් සම්මානයක් (Daniel Pearl Awards for Outstanding International Investigative Reporting) හඳුන්වා දීමට ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍ය සංසදයද පියවර ගත්තේය.

 

 


මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ත්‍රස්තවාදීන්ට බිලිවූ ඇමෙරිකානු මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 399 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1341 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site