IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපතිවරණයේ “ ඉලක්කම් ගේම් ”

2015 ජනවාරි 9 වැනිදා ශ්‍රී ලංකාවට ඉර උදා වූයේ බටහිරින්දැයි සමහරකුට සිතුණු සේය. පෙර දා බුලතට ඡන්දය දුන් මහින්ද හිතවාදීන් බහුතරයකට එය දැනුණේ දෙසිය තිහ නොව වෝල්ට් 33.000 වැදුණා සේය. තවත් සමහරකුට හිටිහැටියේ ම චීන මහා ප්‍රාකාරය පෙරළුණාය, යන ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණු කලක මෙනි. මෙතැන් සිට එතුමා රජකම අහිමි වූ රජෙකි.


2005 වසරේ රටේ ජනතාවගේ ජනාදරය මැදින් ජනපති වී පසුව මහ රජාණන්ටත්. ඉන් අනතුරුව දුටුගැමුණුටත්. දියසේන් කුමරුටත් අන්දවා එතුමාට කළ හැකි උපරිම හානිය කළ මිනිස්සු තම තට්ටගෙඩි අරලියගහ මැදුරේ බිත්තිවල ගසා ගත්තේලු. තවත් විටෙක දෑත මිට මොලවා පපුවට වැරෙන් ගසා ගත්තේලු. සමහර කාන්තාවන් කොණ්ඩ කඩාගෙන මහ හඬින් හැඬුවේලු. එහෙත් ඒ වන විටත් ඔවුන් මේ මහා ජනමුල නායකයා මුළා කර හමාරය.


එදින සවස පරණවිතාන, ශිරාල් හා මම නැවත මුණ ගැසුණෙමු. සවස 6ට නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවය රූපවාහිනියෙන් නැරඹීම වඩාත් සුදුසු යැයි අපි තිදෙනාම ඒකමතිකව තීරණය කළෙමු. ඒ වන විටත් අප තිදෙනා සිටියේ ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනී සංස්ථාවේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමිනි. මෙම ආයතනවල සිටි ප්‍රධානීන් සමහරෙකු පලා ගොසිනි. තවත් සමහරුන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී හමාරය. ඊට පෙර සවස මෛත්‍රී ඇමතිතුමාගෙන් අපට ලැබී තිබුණු එක් උපදෙසක් නම් වගකිවයුතු ප්‍රධානීන් නොමැති මෙම මාධ්‍ය ආයතනවලට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි. ඒ අනුව ඊට පසු දින උදෑසන ‘සුභාරතී’ වැඩසටහන සඳහා ශිරාල් සහ මම සහභාගි වීමට තීරණය කළෙමු. පසු දින ගුවන් විදුලියේ ‘සුභාරතී’ වැඩසටහන අවසන් වී විශේෂ වැඩක් ද නොමැති වූ බැවින් අලුත් ජනාධිපතිතුමා බැහැදැකීමේ අරමුණින් විජේරාම නිවසට යාමට මට සිතුණි. අපිට සුපුරුදු මෛත්‍රී අරමුණින් විජේරාම නිවසට යාමට මට සිතුණි. අපිට සුපුරුදු මෛත්‍රී ඇමතිතුමාගේ විජේරාම නිවස සැබෑ වෙනසකට ලක් වී ඇත. දැන් එය රටේ ජනාධිපති මන්දිරයයි. නව ජනාධිපතිතුමාට සුබ පැතීමට විවිධ පාටින් හා විවිධ ප්‍රමාණයෙන් යුත් මල් කළඹ රැගත් සුබ පතන්නන් ප්‍රධාන ගේට්ටුව අසල සිට පෝලිමේය. හිතවත් ආරක්ෂක නිලධාරීන්ගේ ආධාරයෙන් මම ද ඈතින් ඈතින් ගොස් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙනෙන ඉසව්වට ළඟාවීමි.


මේ අතර ජනවාරි 10 වැනිදා සවස 5.00ට පමණ නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඩලස් අලහප්පෙරුම යන හිටපු අමාත්‍යවරු නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විජේරාම නිවසේ දී මුණ ගැසුණහ. ජනාධිපතිතුමා එහි දී මෙම පිරිසට දන්වා සිටියේ තමන් විසින් ගොඩනඟන දින 100 යේ ජාතික ආණ්ඩුවට ශ්‍රී.ල.නි.ප.යට ද එක්වන ලෙසයි. එහෙත් එහිදී කථා කළ නිමල් සිරිපාල මහතාගේ අදහස වූයේ ‘අපි ඔබතුමාට සහයෝගය දෙන්නම්. එහෙත් ඇමති තනතුරු භාරගන්න බෑ’ යනුවෙනි. මෙම සාකච්ඡාව සිදුවූයේ ජනවාරි 10 වැනිදා අභිනව ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් දිවුරුම් දීමට පෙරය.


ඊට පෙර ජනවාරි 10 වැනිදා පෙරවරුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මැදමුලනේ සිට චම්පික රණවක ඇමතිතුමාට කථා කළේය. නාමල් කථා කර අවසානයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ද චම්පික සමග කථා කළේය. එම දුරකථන සංවාදය දිගු වේලාවක් පැවතිණි. මෙහි දී කථා කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ‘ඕගොල්ලො ඉලක්කම් ගේම් එක දිනුවා. මට බැසිලුත් ඉලක්කම් පෙන්නුවා.

 

හැබැයි මට ගාමිණී සෙනරත් කිව්වා චම්පි කල එළියට ගියේ ඉලක්කම් සෙල්ලම හොඳින් අධ්‍යයනය කරල කියලා. චම්පික එළියට එන්නෙ නෑ රතන හාමුදුරුවෝ වගේ හිතේ අමාරුවෙන්. හරි වැඩසටහනක් නැතිව’ යනුවෙන් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඒක හරි කියල මම දැන් පිළිගන්නවා” යනුවෙන් ද පැවසීය. 


සැබවින්ම අප ඉදිරිපත් කළ විග්‍රහය පිළිබඳ කථාව විජයානන්ද හේරත් මෙන්ම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද ගාමිණී සෙනරත් මහතාට සහේතුකව දැක් වූ බව ඒ දෙදෙනාම මට පවසා තිබුණි. ඒ අනුව ගාමිණී සෙනරත්, මහින්ද රාජපක්ෂ මහතාට මෙම ‘ඉලක්කම් ගේම’ පිළිබඳ කරුණු දක්වා තිබිණි. මෙම අනපේක්ෂිත දුරකථන ඇමතුම පිළිබඳ චම්පිකගේ අදහස වී තිබුණේ ඔවුන් තම ආරක්ෂාව පිළිබඳ කරුණ සලකා බලා එලෙස තමා සමඟ දුරකථනයෙන් කථා කරන්නට ඇති බවය. 


විශේෂයෙන්ම ඒ වන විට නාමල් අත් අඩංගුවට ගැනීමක් පිළිබඳ යම් කට කතාවක් ඉහළ දේශපාලන සමාජයේ පැතිර යමින් තිබුණි.


මේ අතර ජනවාරි 9 වැනිදා පෙරවරුවේ ශ්‍රී.ල.නි.ප ලේකම් හා සන්ධානයේ ලේකම් වශයෙන් අනුර යාපා හා සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු තවත් නීතිඥයන් පිරිසක් සමඟ පක්ෂයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කළහ. ඒ අනුව ජනවාරි 9 දින සවස පිරිසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණගැසී සාකච්ඡා කිරීම සඳහා තංගල්ල කාල්ටන් නිවස වෙත ගියහ. ඒ අනුව අනුර, සුසිල් හා ඩලස් එකම වාහනයක එහි ගිය අතර ඔවුන් කාල්ටන් වෙත යන විට බැසිල් රාජපක්ෂ මහතා ද එහි විය. සාකච්ඡා නිමවා මේ සියලු දෙනාම මාතර තානායම වෙත රාත්‍රී 7 ට පමණ පැමිණිවිට ඔවුන් එහි සිටින බව නොදැනම බැසිල් රාජපක්ෂ මහතා ද එහි පැමිණියේය. සියලු දෙනාම එක්ව සුහදව කථා කළහ. එහෙත් එදින මධ්‍යම රාත්‍රියෙන් පසුව අලුයම 2.00ට පමණ බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළෙන් රට අත්හැර ගියේය.

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (1)

ජනපතිවරණයේ “ ඉලක්කම් ගේම් ”

de silva Monday, 27 August 2018 07:36 AM

අනිවාර්යෙන්ම මේ ගොල්ල එදා බැසිල්ට රටින් පිට වෙන්න අවශ්‍ය රැකවරණ සැලසුවා ,

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site