තිස්සගේ මතක වත-112
මෛත්‍රී - මහින්ද ජනාධිපති සටන උග්‍ර තත්ත්වයට පත්වුණේ මැතිවරණය කිට්ටු වෙනකොට තමයි මැතිවරණ ප්‍රචාරණයත් ඉතාම තියුණු තත්ත්වයක පැවතුණේ. මමත් මහින්ද රාජපක්‍ෂගෙ මැතිවරණ “කැම්පේන් එකේ කටයුතු කළා. රටේ විවිධ තැන්වල රැස්වීම්වලට යන්න වුණා. සන්ධාන කථිකයින් විශාල ප්‍රමාණයක් ඒ රැස්වීම්වලට සහභාගි වුණා. කලාකරුවොත් බොහෝ දෙනෙක් මේ රැස්වීම්වල වේදිකාවලට ගොඩ වුණා. ඔත්තුසේවා වාර්තා කරපු ආකාරයට මහින්ද රාජපක්‍ෂ පරදිනවා කියලා කොතනකවත් සඳහන් වුණේ නෑ. මැතිවරණය කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තමයි තත්ත්වය වෙනස් වුණේ. මැතිවරණ ප්‍රචාරක කාලය තව ටිකක් අවදානම් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් තිබුණා.
මට ඡන්දය ප්‍රකාශ කරන්න තිබුණෙ කුණ්ඩසාලේ මැණික්හින්න මහ විද්‍යාලයේ. මම ඡන්දෙ දීලා නුවරින් පිටත්වෙලා කෙළින්ම ආවේ අරලියගහ මන්දිරයට. අරලියගහ මන්දිරේ පිහිටුවල තිබුණා ප්‍රතිඵල ඒකකයක්. ඒක බැසිල් රාජපක්‍ෂගෙ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණේ.
ගණන් කළ සැණින් ඡන්ද ප්‍රතිඵල ලබා ගැනීමේ ක්‍රමවේදයත් ඔවුන් සූදානම් කරලා තිබුණා. අපි අරලියගහ මන්දිරේ ඉඳගෙන ඡන්ද ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටියේ.
මුලින් මුලින් ආපු ඡන්ද ප්‍රතිඵලවලින් විශේෂයෙන් දකුණේ ඡන්දවලින් මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන් ඉන්න බවක් පෙනුණා. මහින්දත් අපිත් එක්ක ප්‍රතිඵල බල බලා හිටියේ. උදේ එකට එක හමාරට විතර මහින්ද කිව්වා ලැබිච්ච ප්‍රතිඵල අනුව තත්ත්වය ඒ තරම් හොඳ නෑ කියලා. ඔහුට අවාසිදායක බව ඔහු තේරුම් අරන් තිබුණේ. ඔහු කිව්වා ඔහු පරාදයි වගේ කියලා.
අවසාන ඡන්ද ප්‍රතිඵලය එන්නත් කලින් ඔහු ඒක තීරණය කරලා තිබුණේ. තත්ත්වය තේරුම් ගත්තු මහින්ද එතන ඉඳපු පිරිසට “මම දැන් නිදාගන්න යනවා” කියලා නිදාගන්න ගියා. යන ගමන් එක නිලධාරියෙකුට කිව්වා හෙට උදේ ජනතාව අමතන්න අවශ්‍ය කතාව සකස් කරන්න කියලා. ගෝඨාභය රාජපක්‍ෂ බැසිල් ඇතුළු විශාල පිරිසක් ඒ වෙලාවෙ එතැන හිටියා. මහින්දගෙ මේ කතාවත් එක්ක එතන ඉඳපු සමහර නිලධාරීන් අඬන්න පටන් ගත්තා. හැමෝම වගේ කනගාටු වුණා. ඒ එක්කම මහින්ද එතන ඉඳපු තවත් නිලධාරියෙකුට කිව්වා ඔහුට රනිල් වික්‍රමසිංහට කතා කරන්න අවශ්‍යයි ඒ පණිවුඩය ඔහුට ලබා දෙන්න කියලා. මහින්ද ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන එක්ක කතාකරන්න කැමැත්තක් තිබුණෙ නෑ. මං හිතන්නේ ආරංචි වුණ හැටියට එදාම රෑ මහින්දයි රනිලුයි අතර හමුවීමක් සිදුවෙලා තියෙනවා.
ඔය කාලසීමාවෙ තමයි ඔය හමුදා කුමන්ත්‍රණයත් සිදු වුණා කියලා කියවුණේ. ඒත් ඒ වෙලාවේ අරලියගහ මන්දිරෙ ඉඳපු කෙනෙක් හැටියට මට නම් එවැනි කිසිදු උත්සාහයක ලකුණක් පෙනුණේ නෑ. මොකද එහෙම මොකක් හරි උත්සාහයක් තිබුණා නම් පොඩි හරි තොරතුරක් අපිට ලැබෙනවනේ. ඒත් එවැනි කිසිම දෙයක් අපිට දැනගන්න තිබුණේ නෑ.
ඡන්ද ප්‍රතිඵලය අනුව මෛත්‍රී වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන තිබුණා. පහුවැනිදාම දිව්රුම් දීමට කටයුතු සූදානම් කරලා තිබුණා. ඔහු දිවුරුම් දීමට තෝරාගෙන තිබුණෙ නිදහස් චතුරශ්‍රය. මීට පෙර කවුරුවත් නිදහස් චතුරශ්‍රයේ දිවුරුම් දීලා තිබුණේ නෑ.
ජේ. ආර්. ජයවර්ධන දිවුරුම් දුන්නේ ගෝල්ෆේස් පිටියේදී. ආර්. ප්‍රේමදාස දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී දිවුරුම් දුන්නේ. විජේතුංග ජනාධිපතිතුමන් චන්ද්‍රිකා කුමාරතුංගත් මහින්ද රාජපක්‍ෂත් ජනාධිපති මන්දිරේදී තමයි ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ.
මෛත්‍රී මේ තත්ත්වයෙන් වෙනස් කරල තමයි නිදහස් චතුරශ්‍රයේ දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කරලා තිබුණේ.
තව කොටසක් වෙන සතියකට.
ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප : අන්තර්ජාලයෙනි
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්
සජිත් ප්‍රේමදාසට පමණක් නොව ප්‍රේමදාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර
‘‘ජාතියේ පියා’’ ලෙස විරුදාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක
‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘
දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක
2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනාධිපතිවරණය දා රෑ අරලිය ගහ මැදුරේ විත්ති