IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


“ඡන්ද මැෂිම” මහ උළු ගෙදරට

2005 ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වුණු ප්‍රධාන තරගකරුවන් දෙන්නා වුණේ රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්‍ෂයි දෙන්නා. ඒ වන විට රටේ තිබුණු තත්ත්වය උඩ ගොඩක් දෙනෙක් හිතුවෙ වැඩි වාසිය තියෙන්නේ රනිල් වික්‍රමසිංහට කියලා මහින්ද රාජපක්‍ෂට ඒ තරම් සුබවාදී ප්‍රතිචාරයක් රටේ තිබුණේ නෑ.


බැලු බැල්මට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වුණේ උනන්දුවකින් නෙවෙයි. ආණ්ඩුවෙ ඉඳපු අයගෙන් වැඩි දෙනෙක් මහින්ද රාජපක්‍ෂගෙ මැතිවරණ ව්‍යාපාරයට ලොකු සහයෝගයක් දුන්නේ නෑ.


මේ අතරේ අපට ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ තමයි එස්. බී. දිසානායකගේ ප්‍රශ්නය. එස්. බී. රැස්වීමක කරපු ප්‍රකාශයත් සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට ආසන්න කාලෙක හිරේ දැම්මා. එස්. බී. අධිකරණයට අපහාස කළා කියලා තමයි එහෙම කළේ. ඒ ආරංචිය ඒ වෙලාවේ දේශපාලන වේදිකාව කැලඹීමකට ලක් කරන්න සමත් වුණා. 


එස්. බී. සිරගත කළා කියන ආරංචිය හම්බවෙනකොට රනිල් වික්‍රමසිංහයි මමයි හිටියේ ‘කේම්බි්‍රජ් ප්ලේස්වල” අපේ ඔෆිස් එකේ. මේ ආරංචිය දැනගත් ගමන් අපි දෙන්න එස්. බී. ලගෙ ගෙදරට ගියා. අපි ගිහින් එස්. බී.ගේ නෝනා තමාරා එක්ක මේ ගැන සාකච්ඡා කළා.


අපි යනකොටත් ලොකු පිරිසක් එස්. බී. ලගේ ගෙදරට ඇවිත් හිටියා. අවුරුදු දෙකක සිරදඬුවමත් තමයි එස්. බී ට නියමවෙලා තිබුණෙ. අපිට මේකට කරන්න දෙයක් තිබුණෙත් නෑ. පහුවැනිදා රනිල් වික්‍රමසිංහ යි මමයි වැලිකඩ හිරගෙදර ගියා එස්. බී. බලන්න. අපි ගිහින් එස්. බී. එක්ක කතාබහ කරද්දී අපිට තේරුණා එස්. බී. මානසිකව ගොඩක් වැටිලා හිටියා කියලා. හිරගෙදර දි එස්. බී. දාලා තිබුණේ ‘ප්‍රින්ටින් පාටියකට’


එස්.බී.ගෙ ප්‍රශ්නයත් අපේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට තදින්ම බලපෑවා. ඒක අපට ලොකු පාඩුවක් වුණා. ඒ කාලෙ එස්. බී. දිසානායක හැඳින්නුවේ ‘ඡන්ද මැෂිම’ කියලනේ. එස්. බී. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් විදියට හිටියෙ ඒ වෙද්දි. ඡන්දෙට ලොකු දායකත්වයක් දෙන්න සූදානමින් හිටියෙ ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දැරුවෙත් එස්. බී. දිසානායක. මම පක්ෂයෙ නියෝජ්‍ය ලේකම් එතකොට. මේ අලුත් පත්වීම් එක්ක අපි වැඩ කරන්න පටන් ගන්නකොටම වගේ තමයි එස්. බී. සිරගත වුණේ.


මැතිවරණ ව්‍යාපාරය අතරතුරත් අපි පුළුවන් හැම වෙලාවෙම එස්. බී. බලන්න ගියා. දවසක් මම එස් බී බලන්න ගියාම එස්. බී, රඳවලා ඉඳපු වාට්ටුවටම මට යන්න දුන්නා. මම යද්දී එස්. බී. බිම නිදාගෙන හිටියෙ. වටේම භූමිතෙල් ගඳක් තිබුණා. මම එස්. බී.ට කූද්දල කතාකළාම එයා නැගිට්ටා. මම ඇහුවා මොකක්ද මේ භූමිතෙල් ගඳ කියලා. එතකොට එස්. බී. මට කිව්වා ‘මල්ලි මෙතෙන්ට කූඹි එනවා ඒකයි නිදාගන්න තැන වටේට භූමිතෙල් ගැහුවෙ’ කියලා. ඒ තරම් දුෂ්කර විදියට තමයි එස්. බී. ඒ කාලය ගෙව්වෙ.


ජනාධිපතිවරණය තීරණාත්මක මුහුණුවරක් ගත්තේ කැම්පේන් එක ජනතා විමුක්ති පෙරමුණ අතට ගත්තු නිසා. ඇත්තටම ඒ වෙලාවෙ ජනතා විමුක්ති පෙරමුණ මුල් වුණේ නැත්නම් මහින්ද රාජපක්‍ෂගෙ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක වෙන්නෙ නෑ. ඒ වගේම ඔහුට ජයග්‍රහණය කරන්නත් බෑ එහෙනම්. මහින්දගෙ ඡන්ද ව්‍යාපාරයේ වැඩිම බර කරට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ මගඅරිද්දී ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දුන්නේ විමල් වීරවංශල ප්‍රමුඛව ජනතා විමුක්ති පෙරමුණයි. මහින්දගෙ ඡන්ද ව්‍යාපාරයට කලාකරුවො සහ හාමුදුරුවරු රාශියක් සහභාගී වුණා. ඒකත් ඔහුට වාසියක් වුණා. ඒ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහගෙ පැත්තෙ තිබුණත් අන්තිම මොහොතේ ඒක මහින්ද රාජපක්ෂගෙ පැත්තට කැරකුණා.


තව කොටසක් ලබන සතියට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

“ඡන්ද මැෂිම” මහ උළු ගෙදරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site