IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


චන්ද්‍රිකාට අටවපු උගුලේ හිරවුණු මහින්ද

බලයට එනතුරු තමන්ගේ අවශ්‍යතා තම ධනයෙන්ම ඉටුකරගත් ඇතැම් දේශපාලනඥයෝ බලය ලැබුණු වහාම ඒ පිළිවෙත අත්හැර රජයෙන් ලැබෙන වරප්‍රසාද මතම යැපෙන්නටත් බලයෙන් ගිලිහෙන විට එම භාණ්ඩ හා වරප්‍රසාද යළි භාර නොදී තමන්ටම සින්න කර ගැනීමටත් උත්සහ දරති.

ඒ අනුව එම ප්‍රවෘත්තිය එදින රාත්‍රියේ රූපවාහිනී නාළිකාවල විකාශය වූ අතර මෙම පුවත දුටු අනුර යාපා ඇමතිතුමාගේ මිත්‍රයකු ඔහු ඇමතීය. ඒ ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහය. කුමාරසිංහ ජනාධිපතිවරයා පක්ෂයේ සභාපතිවරයා වන්නා සේම ජනාධිපතිධුරය අහිමි වූ සැණින් පක්ෂයේ සභාපතිධුරයද ඔහුට අහිමි වන බවය. විශේෂයෙන්ම පක්ෂයේ එම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සිදුකර තිබුණේ ම චන්ද්‍රිකා මැතිනිය දෙස බලමිනි.
මේ අනුව පාලිත කුමාරසිංහ මහතාගේ එම නීති තර්කය හමුවේ ක්‍රියාත්මක වූ ශ්‍රී.ල.නි.ප මහ ලේකම් අනුර යාපා මහතා පසු දින පෙරවරුවේ ජනාධිපති නීතිඥවරු 7 දෙනෙකු කැඳවා මේ පිළිබඳ මතය විමසීය. ඊට පාලිත කුමාරසිංහ, අලි ශබ්රි, කුෂාන් ද අල්විස්, ඩී.පී. මෙන්ඩිස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහි දී ඔවුන්ගේ මතය වූයේ ද කුමාරසිංහ මහතාගේ නීති තර්කය සත්‍යයක් බවයි. ඊට අනුව ක්‍රියාත්මක වූ අනුර යාපා ඇමතිතුමා නැවත වරක් පක්ෂයේ විධායක සභාවත්, මධ්‍යම කාරක සභාවත් රැස්කර මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගත්තේය.


මේ අනුව ජනවාරි 11 වැනි දා පෙ.ව 11.00 ට පමණ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේ දී ශ්‍රී.ල.නි.ප විධායක සභාවද රැස්කර තිබිණි. එම විධායක සභාවද තීරණය කළේ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වය දැරිය යුතු බවයි. 


මේ අනුව මධ්‍යම කාරක සභාව ගෙන තිබූ තීරණය වූ මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පක්ෂයේ නායකත්වය දැරිය යුතුය යන යෝජනාව ප්‍රසන්න රණතුංගගේ නිල නිවසේ දී රැස් වූ පක්ෂයේ විධායක සභාවද අනුමත කිරීම හමුවේ එම විධායක සභා රැස්වීමේ තීරණයට අදාළ සභා වාර්තා ගොනුකර එය මැතිවරණ කොමසාරිස්වරයාට එදිනම ඉදිරිපත් කිරීමට අනුර යාපා හා සුසිල් ප්‍රේමජයන්ත යන හිටපු ඇමතිවරු ක්‍රිය කළහ. මේ අනුව සවස වැඩ නිමවා යළි නිවස බලා යමින් සිටි මැතිවරණ කොමසාරිස්වරයා නැවත කාර්යාලයට පැමිණ ඉහත ලියකියවිලි සියල්ල භාරගත්තේය.


කෙසේ වෙතත් ජනවාරි 12 වැනිදා සවස තවත් වරක් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ නිල නිවසට කැඳවන ලදී. එහි සැඟවුණ අරමුණ වූයේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් කී දෙනකු තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටිනවා ද යන්න පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමය. නමුත් ඊට සහභාගි වූයේ 53 දෙනා අතරින් 19 ක් පමණි. මේ තුළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම වැටහුණු කරුණ වූයේ පක්ෂයේ බලය වේගයෙන් තමන් අතින් ගිලිහී යන ආකාරයයි. තවද, මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව චන්ද්‍රිකා මැතිනියගෙන් පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා කරනු ලැබූ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයට අනුව සඳහන් වූයේ ශ්‍රී.ල.නි.ප සාමාජිකයකු රටේ ජනාධිපති වූ කල ඔහු පක්ෂයේ සභාපතිවරයා බවට නිල බලයෙන්ම පත් විය යුතු බවය. ඒ අනුව මේ අවස්ථාවේ දී පක්ෂයේ සහයෝගය මෛත්‍රී ජනාධිපතිතුමාට හිමි විය යුතු බවට ද නීති තර්ක මතුවන්නට විය. විශේෂයෙන්ම මේ වන විට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ දී මෛත්‍රී ජනාධිපතිතුමාට සහයෝගය පළ කරන පිරිස රැස්වෙමින් සිටියහ.


මේ අතර අරලියගහ මැදුර නොවැම්බර් 19 වැනි දායින් පසුව ක්‍රියාත්මක කළ එක් ඇමතිවරයකු මිල දී ගැනීම සඳහා වන රු. මිලියන 300 ද ඉක්ම වූ මහා පරිමාණ මුදල් මෙහෙයුමක් මඟින් ඒ වන විට පොදු අපේක්ෂකයා සමඟ එක්වීමට සිටි ප්‍රබල මැති ඇමතිවරු පිරිසක් පැයට කි.මී. 180 වේගයෙන් ධාවනය වන වාහනයක් ක්ෂණිකව බ්රේක් ගැසුවා සේ නතර කර වීය. අරලිය ගහ මැදුර විසින් දියත් කළ එම මෙහෙයුම ඉලක්ක වී තිබුණේ අදාළ අමාත්‍යවරුන් ගේ බිරින්දෑවරු, දියණියන්  හා සමහර තැනක දෙවන විවාහයේ තරුණ බිරින්දෑවරුන් වෙතටය.


කෙසේ වෙතත් නොවැම්බර් 21 දි මුදලට නතු වී පොදු අපේක්ෂකයාට ‘දේශපාලන පොල්ල’ තැබූ අය ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු හිතේ දුකට මෙන් පළමු ව චන්ද්‍රිකා මැතිනිය මුණගැසී දෙවනුව මෛත්‍රී ජනාධිපතිතුමා බැහැදුටුව හ. ඉන් අනතුරුව ඔවුහු ජනක බණ්ඩාර ඇමතිතුමාගේ නිවසට එක්රැස් වූහ. තවද ඒ වන විට ඔවුහූ දුමින්ද දිසානායක මහතාව ශ්‍රී.ල.නි.ප.යේ තාවකාලික ලේකම් ධුරයටද පත් කරගෙන මාධ්‍ය සාකච්ඡාද පැවැත්වීමට ඉදිරිපත් වූහ.


ජනවාරි 11 වැනිදා රාත්‍රියේ මෛත්‍රී ඇමතිතුමාගේ නිවසෙහි සිට විජිතමුනි සොයිසා ඇමතිතුමා ඒ වන විටත් මෛත්‍රී ජනාධිපතිතුමා මුණගැසීමට නොපැමිණි මැති ඇමතිවරුන් අමතමින් යුහුසුලුව කථා කරමින් විජේරාම නිවසට පැමිණෙන ලෙස දැන්වීය. ඊට අනුව දුමින්ද සිල්වා දක්වා මැති ඇමතිවරු පිරිසක් එම රාත්‍රියේ වැල නොකැඩී එහි එන්නට විය. මේ අතර මාධ්‍ය ඉදිරියේ අදහස් දැක් වූ විජිතමුනි ඇමතිතුමා ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන ‘අප්පච්චි මළා’ නම් වන ප්‍රකාශය සිදු කළේය. සැබැවින්ම එම ප්‍රකාශය තරම් ජනප්‍රිය වූ ප්‍රකාශයක් මෑත කාලීනව දේශපාලනඥයකුගේ මුවින් පිටවී නොමැති තරම්ය.


ජනාධිපතිවරණ දිනයේත් ඉන් පසු දින එනම්, ජනවාරි 9 වැනිදා දවස පුරාමත් මහින්ද අමරවීර ඇමතිතුමා සිටියේ තංගල්ල තම නිවසේය. ඒ අනුව ඔහු යළි කොළඹ පැමිණියේ ජනවාරි 10 වැනි දා සවසය. අමරවීර ඇමතිතුමා කොළඹ පැමිණෙන අතරතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඔහුගේ ජංගම දුරකථනයට නව ජනාධිපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එහි දී ජනාධිපතිතුමාට දැන ගැනීමට අවශ්‍ය වූයේ සන්ධානය විසින් අගමැතිවරයකු පත් කර ගැනීමට උත්සාහයක් තිබේ ද යන්නය. ඒ අනුව අමරවීර ඇමතිතුමා අවධාරණයෙන් කියා සිටියේ එවන් යෝජනාවක් හෝ උත්සාහයක් නොමැති බවය. එහි දී මෛත්‍රී ජනාධිපතිතුමා කියා සිටියේ ‘එවැනි උත්සාහයක් ක්‍රියාත්මක වුවහොත් මට වෙන තීරණයක් ගන්න වෙනවා’ යනුවෙනි. ජනාධිපතිතුමා කියූ වෙනත් තීරණය යනු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. සැබැවින්ම අමරවීර ඇමතිතුමා එසේ කීව ද මැදමුලනේදී එවැනි යෝජනාවක් පැමිණි බව අමරවීර ඇමතිතුමා මෙන්ම මෛත්‍රී ජනාධිපතිතුමාද දැන සිටියේය. කෙසේ වෙතත් මහින්ද අමරවීර මහතා කොළඹට පැමිණ තොරතුරු සෙවීමේ දී තත්ත්වය වඩාත් බරපතළය. සන්ධානයේ මැති ඇමතිවරු පෝලිමට මෛත්‍රී ජනාධිපතිතුමා බැහැදැකීමට විජේරාම නිවසට ඇදී යති. අමරවීර මහතා මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට දන්වා සිටියේය. තවද, ඔහු අසා සිටියේ ‘අපි කණ්ඩායමක් ලෙස ජනාධිපතිතුමා ළඟට ගොස් සාම සාකච්ඡාවක් කරන්නද?” යනුවෙනි. ඊට හිටපු ජනාධිපතිතුමාගෙන්ද අනුකූලතාවක් පළ විය. ඒ අනුව ඔහු මන්ත්‍රීවරු 20කට පමණ දුරකථනයෙන් දන්වා සිටියේ තනිතනිව ජනාධිපතිතුමා වෙත යනවාට වඩා කණ්ඩායමක් ලෙස මෛත්‍රී ජනාධිපතිතුමා මුණ ගැසී සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බවයි. ඒ ජනවාරි 12 වැනිදා පස්වරුවය.


ඒ අනුව අමරවීර මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාට කථාකොට තමා ඇතුළු මන්ත්‍රීවරු පිරිසකට එතුමා මුණගැසීමට අවශ්‍ය බව පැවසීය. ‘ඕන වෙලාවක මුණගැහෙමු. මම මහින්දලගෙ ගෙදර එන්නම්’ යන්න ජනාධිපතිතුමාගේ පිළිතුර විය. ඊට අනුව එම සියලුම මන්ත්‍රීවරුන්ට 12 වැනිදා රාත්‍රීයේ සිය නිවසට පැමිණෙන ලෙස අමරවීර මන්ත්‍රීතුමා දැන්වීය. ඊට අනුව මන්ත්‍රීවරු 27 දෙනකු එහි පැමිණියහ. රාත්‍රී 8.30 ට පමණ අමරවීර මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගේ නිවසට ගියේ මෙම මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිතුමාගේ නිවසට කැඳවාගෙන එන්නදැයි  අසා දැනගැනීමටය. එහෙත් ජනාධිපතිතුමා අමරවීර මන්ත්‍රීතුමාගේ වාහනයට ගොඩ විය. විජේරාමයේ පිහිටි මෙම නිවාස දෙක අතර දුර ප්‍රමාණය උපරිම වශයෙන් මීටර් 75කට නො අඩුය. මේ අනුව කිසිදු ආරක්ෂකයකු නොමැතිව අමරවීර මන්ත්‍රීතුමා සමඟ ඔහුගේ නිවසට ජනාධිපතිතුමා පැමිණියේය. තම නිවසට පැමිණි මෛත්‍රී ජනාධිපතිතුමා පිළිගැනීම මහින්ද අමරවීර මන්ත්‍රීතුමා විසින්ම සිදු කළ අතර එහි සිටි මන්ත්‍රී කණ්ඩායමටද යම් නුහුරු බවක් ඔවුන් තුළින් දිස් විය. තම පක්ෂයේ මහ ලේකම්වරයා හා තම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා තම පක්ෂයේ අසහාය ජනාධිපතිවරයා පරාජයට පත්කොට දැන් තමන් සිටි ස්ථානයට ආරක්ෂකයන්ද නොමැතිව පැමිණ සිනහමුසු මුහුණෙන් සිටියි.



අදහස් (0)

චන්ද්‍රිකාට අටවපු උගුලේ හිරවුණු මහින්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 563 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17363 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site