IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


චතුරට මැකෝගෙන් අණක්

 

ලක්ෂිත යෝජනා කළේ සියලු දෙනාම එක තැනක සිටිමු යන්නය. අනුරුද්ධ, පරණවිතාන ද ඊට අනුකූල බව පෙනී ගියේය. එහෙත් මගේ මනස ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය.


මා ඔවුන්ට කියා සිටියේ මම පානදුරේ මගේ අයියාගේ ගෙදර යාමට තීරණයකර ඇති බවයි. ඒ අනුව හරේන්ද්‍රට ඔහුගේ නාරාහේන්පිට නවාතැනට යන ලෙසට මම යෝජනා කළෙමි. ඒ සමඟම පරණවිතාන ද ගෙදර යාමට පිටත්විය. අනුරුද්ධ හා නිශාන්ත වර්ණසිංහ රහසිගතව හා ආරක්ෂිත ස්ථානයකට යාමට තීරණය කර ඇති බව අනුරුද්ධ මට කියා තිබුණි. ලක්ෂිත ද යහළුවකුගේ ගෙදර යා හැකි බව පැවසීය. 


හරේන්ද්‍ර හා ලක්ෂිත ඔවුන්ගේ මෝටර් රථවලට ගොඩ වූහ. මා සම්බන්ධයෙන් යම් ඍණ ආකල්පයකින් බව මට පසක් විය. ඒ අප අතර ඇති මිත්‍රත්ව නිසාය. එහෙත් මගේ හෙට දවස පිළිබඳ ඉතාමත් තීරණාත්මක තත්ත්වයක් අබියස සිටිය දී ඒ මොහොතේ කළ යුතු හොඳම දේ කළ යුතුය. සදහම් සෙවණින් පිටවූ මම මාගේ අයියාට දුරකථන ඇමතුමක් දුන්නෙමි. පානදුරයේ පිහිටි ඔහුගේ නිවසට අප එන බව කීවෙමි. බොරැල්ල ඩී. එස්. හන්දියේ දී රියැදුරු ගාමිණීට වාහනයෙන් බසින ලෙසත් චාමරට රියදුරු අසුනට එන ලෙසත් මම කීවෙමි. එය ඇසීමෙන් රියදුරු ගාමිණීගේ මුහුණ ද මැලවී යන ආකාරයක් මම දුටුවෙමි. මේවනවිට බළපිටියේ සිය නිවසේ සිට නදීෂ් ද කොළඹ බලා එමින් සිටියේය. ඒ ඔහු ද අප සමඟ එකතුවීමටය. මේ අතර හදිසියේම පරණවිතානගෙන් දුරකථන ඇමතුමක් මට ලැබුණි. ඒ ඔහුගේ බිරිඳය. පරණවිතානගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් පැනනැඟී ඇති බව ඇය මා සමඟ කීවාය. ජේ. එන්. ඩික්සිත් විසින් රචිත කොළඹ භූමිකාව :්ිසටබපැබඑ ක්‍දකදපඉද* කෘතියේ එක් තැනක ඔහු තමාට ලැබුණු හදිසි දුරකථන ඇමතුමක් පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කරයි. ඒ ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කිරීමට පෙරදින එලීනා ජයවර්ධන ආර්යාවගෙන් ඩික්සිත් මහතාට ලැබුණු දුරකථන ඇමතුමයි. එමඟින් එතුමිය ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ඩික්සිත් මහතාගෙන් ඉල්ලා ඇත. ජයවර්ධන ආර්යාව ඩික්සිත් මහතාට ලබාදී ඇති එකම දුරකථන ඇමතුම ද එයයි. පරණවිතානගේ බිරිඳගේ දුරකථන ඇමතුම තුළ ද එවැනිම ගැඹුරක් ඇතැයි මට නිසර්ගයෙන්ම සිතුණි. එම දුරකථන ඇමතුමත් සමඟ අපි පානදුරයට යන ගමන අතරමඟ නවතා දැම්මෙමු. ඒ අනුව ඔහුගේ නිවස පිහිටි නාරාහේන්පිට ඇන්ඩර්සන් නිවාස සංකීර්ණයට අපි ගියෙමු. මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්ෂයාවීමට පෙර සිටම මා හා ඔහු අතර සාකච්ඡා සිදුවුනු ස්ථානයකි එය. බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ ජීවත්වන ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ද ඒ මොහොතේ අප සියලු දෙනාම මෙන් යම්කිසි අවිනිශ්චිතතාවයකින් පෙළෙන බව නිසැකය. මේ මොහොතේ මා වඩාත්ම සුදුසුවන්නේ පරණවිතාන සමඟ සිටීමය. 


ඊට පෙර සවස අප කොළඹ නගරයේ නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් පිළිබඳ අවධානය යොමුකරමින් සිටි බව මීට පෙර සඳහන් කෙරිණි. ඒ අනුව ජානකී හෝටලය අපගේ එක් තේරීමක් විය. මන්ද දින කිහිපයක් රැඳී සිටීමට සිදුවුවහොත් පළමුව හෝටල් බිල අපට දරාගත හැකිවිය යුතුය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ ඇති ආරක්ෂාව සියලු අංශයන්ගෙන් ජානකී හෝටලයට වඩා සර්ව සම්පූර්ණ නමුත්, එය අපගේ ආර්ථිකයට දරාගත නොහැක. මේ අනුව මගේ යෝජනාව වූයේ ‘අපි ඕනෑම තත්ත්වයකට මුහුණ දෙනුවස් ජානකී හෝටලයේ නවතිමු’ යන්නය. එය එක් අතකින් පරණවිතානගේ නිවසට ද ආසන්නය. ඊට පරණවිතාන හා ඔහුගේ බිරිඳ ද එකඟ වූහ. ඒ අනුව නදීෂ් හා රවීන්ද පළමුව ගොස් කාමර දෙකක් සඳහා ඔහුන්ගේ නම්වලින් මුදල් ගෙවූහ. මැතිවරණයට දින දෙකකට පමණ පෙර විය හැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරක් සරත් ෆොන්සේකා මහතා චන්ද්‍රිකා මැතිනිය වෙත දැනුම් දුන්නේය. ඒ සමඟම එතුමිය ද මහත් කලබලයට පත්වූවාය. ඒ සමඟම චන්ද්‍රිකා මැතිනිය රනිල් වික්‍රමසිංහ මහතාට සිය නිවස වෙත පැමිණෙන ලෙස දැනුම් දුන්නාය. මීට සමගාමීව කොළඹ පිහිටි සියලුම තානාපති අංශ ද මෙම පුවතත් සමඟ යම් කලබලකාරී ස්වභාවයකට ලක්විය. ඒ අනුව බොහෝ තානාපතිවරු පැමිණ චන්ද්‍රිකා මැතිනිය මුණගැසී සාකච්ඡා කළහ. සැබවින්ම මේ සියලු තානාපති අංශ අවධාරණය කරන ලද්දේ ලැබෙන සත්‍ය ඡන්ද ප්‍රතිඵලයට අනුව දේශපාලන බලය සාමකාමී ලෙස හුවමාරු විය යුතුය යන්නය. ඒ සමඟම කොළඹ පිහිටි එම තානාපති අංශ අදාළ පණිවුඩය අරලියගහ මැදුර වෙත ද දැනුම් දුන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට වඩාත්ම පිළිගත හැකි ක්‍රමය වන්නේ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සාමකාමී බල හුවමාරුවක් සිදු කිරීම බවයි. මේ අනුව ජනවාරි 8 වැනිදා සමස්ත ලෝකයම අනිමිසලෝචනයෙන් මෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය දෙස බලා සිටින දිනයක් උදාවිය.


ජනවාරි 8 ජනාධිපතිවරණ දිනයේදී චන්ද්‍රිකා මැතිනිය සිටියේ හොරගොල්ල වලව්වේය. හමුදා කුමන්ත්‍රණක් සිදුවුවහොත් හෝ වෙනත් ක්‍රමයක් මගින් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමකට ලක්කිරීමෙන් 9 වැනිදා යළිත් මහින්ද රාජපක්ෂ මහතාම ජනාධිපතිවරයා බවට ප්‍රකාශ වුවහොත් රට තුළ උද්ගතවන ගැටුම්කාරි තත්ත්වය හමුවේ තමා නිවාස අඩස්සියට පත්වීමට ඉඩ ඇති බවට යම් සැකයක් එතුමියගේ සිත තුළ තිබුණා විය හැකිය. එවැනි තත්ත්වයක් උදාවුවහොත් ටොරිංටන් නිවසට වඩා හොරගොල්ල එතුමියට වඩා ආරක්ෂිතය.


මැතිවරණය පැවති දින සවස චන්ද්‍රිකා මැතිනිය දිසාට කථා කළ අතර තමා හොරගොල්ලේ නවතින බවත් ටොරිංටන් නිවසට දිසාට යන ලෙසත් දැන්වීය. ඒ අනුව දිසානායක හා ඔහුගේ පුත් ශෂිමාල් හා කබීර් ඇතුළු පිරිසක් එහි සිටිය දී රාත්‍රිය වන විට හිරුණිකා හා රන්ජන් රාමනායක ද එහි පැමිණියහ. මධ්‍යම රාත්‍රිය ආසන්න වෙත්ම එහි සිටි බොහෝ පිරිසකට බිය දැනෙන්නට වූයේ ඡන්ද ප්‍රතිඵලයේ සෘජු ගොදුරක් බවට නිදහස් මාවතේ පිහිටි චන්ද්‍රිකා මැතිනියගේ නිවස නිසැක වශයෙන්ම ලක්වන නිසාය.

 

මේ අතර ජනාධිපතිවරණ දිනයේ පෙරවරු 8.00 පමණ වන විට චම්පානි පද්මසේකර මහතා මැතිවරණ කාර්යාලයට පැමිණියේය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නියෝජිතයා වශයෙන් මැතිවරණ කාර්යාලය නියෝජනය කිරීමටය. ඔහුත් සමඟ අනුර ජයසිංහ, කපිල ගමගේ ඇතුළු නීතිඥයින් පිරිසක් ආණ්ඩුව නියෝජනය කරද්දී විජේදාස රාජපක්ෂ හා ලක්ෂිත ජයවර්ධන ඇතුළු පිරිසක් පොදු අපේක්ෂකයා නියෝජනය පෙරවරුවේ පැමිණි චම්පානි සවස තම නිවසට නොගොස් අඛණ්ඩව කොමසාරිස් කාර්යාලයේම රැඳී සිටියේය. අන් අයට නොතිබුණ ඔහුට පමණක් තිබූ එකම වාසිදායක තත්ත්වය නම් කොමසාරිස්වරයාගේ නානකාමරයේ සිට සියලුම පහසුකම් ඔහුට බාධාවකින් තොරව භුක්ති විඳීමට තිබූ හැකියාවයි. 


ඒ අනුව රාත්‍රියේදී සිරිතුංග ජයසූරියගේ පක්ෂය නියෝජනය කරමින් චතුර සේනාරත්න මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණියේය. චතුරගේ ප්‍රධාන චෝදනාව වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් චම්පානි මැතිවරණ ප්‍රතිඵලවලට යම් බලපෑමක් සිදු කරන බවය. මෙම චෝදනාව ඇසූ මැතිවරණ කොමාසරිස්වරයා කෝපයට පත්විය. ඒ අනුව චම්පානි එහි සිටිය දී කොමසාරිස්වරයා චතුර සේනාරත්නට ඉන් පිටතට යන ලෙස අණ කළේය. කෙසේ වෙතත් පසුව යළිත් කොමසාරිස්වරයා විසින් චතුරට ඇතුළතට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

චතුරට මැකෝගෙන් අණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 392 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1340 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site