IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගුවනෙදි රනිල්ට අකරතැබ්බයක්

නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී මුහුණ දුන්න අමතක නොවන අත්දැකීමක් තියෙනවා. ඒක ටිකක් භයානක අත්දැකීමක්. නැගෙනහිර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු කෙරීගෙන යන අතරෙ දවසක් රනිල් වික්‍රමසිංහයි මමයි රැස්වීම් කීපයක කතා කරන්න එහෙට ගියා. අපි ගියේ හෙලිකොප්ටරයකින්. ගිහිල්ලා රැස්වීම් කීපයක කතා කරන්න තමයි ගියේ. කල්මුනේ, අම්පාර, මඩකළපුව, සමන්තුරේ වගේ තැන් කීපයකටම අපි ගියා. ඒ රැස්වීම් ඉවර කරලා අපි කොළඹ එන්න පිටත් වුණා. අපි දෙන්නට අමතරව හෙලිකොප්ටරයේ හිටියේ රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ලේකම් සමන් අතාවුදහෙට්ටියි, ආරක්ෂක භටයෝ තුන් දෙනෙකුයි විතරයි. එතකොට එස්.එස්.පී. වික්‍රමසිංහ තමයි රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා.


ටිකක් එනකොට එකපාරටම හෙලිකොප්ටරයෙ ලොකු දෙදරීමක් ඇති වෙන්න ගත්තා. අපිට ඇතුළෙ ඉන්න බැරි ගාණට ඒක වැඩිවුණා. අපි එහෙට මෙහෙට විසිවෙන්න ගත්තා. අපි හැමෝම කලබල වුණා. එතකොට “පයිලට්” කිව්වා ඒක පුංචි කාර්මික දෝෂයක් නිසා ඉක්මනට ඒක හදාගන්න පුළුවන් කියලා. ඒත් ඒක හරි ගියේ නෑ. දිගින් දිගටම දෙදරීම සිද්ද වුණා. ඒ එක්කම “පයිලට්” අපිට දැනුම් දුන්නා. “ඉමජන්සි ලෑන්ඞ්” එකකට සූදානම් වෙන්න කියලා. හොයලා බැලුවම අපි කොයි හරියෙද ඉන්නෙ කියලා අපි හිටියේ මහියංගණ පොලිසියට උඩින්. “ලෑන්ඞ් කරන්න” ග්‍රවුන්ඞ් එකක් හොය හොයා ඉන්න වෙලාවක් නැති නිසා මහියංගන පොලිසියේ මිදුලට තමයි හෙලිකොප්ටර් එක බෑවේ. කලින් දැනුම් දීමකින් තොරව සිද්ධවුණු දෙයක් නිසා මේකට හැමෝම ගොඩක් කලබල වුණා. පොලිසියේ අයත් හොඳටම කලබල වුණා. අපි බැහැලා ගියාට පස්සේ නොසන්සුන්තාව අඩුවුණා. ‘පයිලට්” රනිල් වික්‍රමසිංහ ළඟට ඇවිත් කිව්වා තව විනාඩි දහයක් උඩ හිටියා නම් හෙලිකොප්ටර් එක පුපුරලා වැටෙනවා කියලා. උඩදි “පයිලට්” ඒ බව අපිට කියලා නැත්තේ අපි කලබල වෙයි කියලා.


තිබුණු තත්ත්වය අනුව පාරට හරි ලෑන්ඞ්කරන්න ඒ අය හදලා තියෙන්නේ. අපි කාගෙත් වාසනාවට හෙලිකොප්ටර් එක බිමට බාගන්න පුළුවන් වුණා. තව විනාඩි කීපයක් පරක්කු වුණානම් අපේ ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපි පුදුම මාරකයකින් තමයි  බේරුනේ. ඒකනම් පුදුම දෛවෝපගත සිදුවීමක්. අපි හාස්කමකින් වගේ බේරුණේ කියල මට හිතෙන්නේ. නැගෙනහිර මැතිවරණය මට අමතක කරන්න බැරි මේ සිදුවීම නිසා.


මේ මැතිවරණයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ දීර්ඝ නිවාඩුවකට ඇමරිකාවට ගියා. ඒ ගමනේ මූලික අරමුණක් වෙලා තිබුණෙ මෛත්‍රී වික්‍රමසිංහගේ අධ්‍යයන කටයුත්තක්. මට මතක ඇති කාලෙක නායකතුමා වැඩිම කාලයක් විදේශගත වෙලා හිටියේ මේ අවස්ථාවේ. මාස දෙකකට වැඩි කාලයක් ඒ දෙන්නා ඇමරිකාවෙ හිටියා. මේ කාලය තුළ පක්ෂයේ සියළු වගකීම් කරට අරගෙන වැඩ කරන්න සිද්ධ වුණේ මට. කරු ජයසූරිය වගේ අයත් පක්ෂයේ හිටියේ නැති නිසා මට තමයි වැඩ ඔක්කොම පැවරුණේ. නායකතුමත් නැතුව පක්ෂය ඇතුළෙ අර්බුදත් තියෙන වෙලාවෙ පක්ෂය ගෙනියනවා කියන්නේ ටිකක් බරපතළ වැඩක්. හැබැයි මම සාර්ථකව ඒ අභියෝගයට මුහුණ දුන්නා. හැමදාම උදේට නායකතුමා ටෙලිපෝන් එකෙන් උපදෙස් දෙනවා කරන්න ඕන මොනවද කියලා. මෙහේ සිද්ධවෙන හැම දෙයක් ගැනම තොරතුරු ඊමේල් සහ ෆැක්ස් පණිවුඩ හරහා අපි නායකතුමාට දැනුම් දුන්නා. 


මේ වෙලාවෙ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බලපු අයත් හිටියා. නායකතුමා නැති අතරෙ පක්ෂෙ බලය අතට ගන්නත් සමහරුන්ගෙ අදහසක් තිබුණා. කොහොමහරි ඒවත් මම බැලන්ස් කරගත්තා.

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

ගුවනෙදි රනිල්ට අකරතැබ්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site