IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොබ්බෑකඩුවට කොල්වින්ගෙන් නීති තර්කයක්

 

අසූ දෙකේ ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පරාජය වීමේ චෝදනාව පක්‍ෂය තුළින්ම සිරිමාවෝ මැතිනියට එල්ල වන්නට පටන් ගත්තේය.


එය ද මැතිනිය දේශපාලන ජීවිතයේ බලවත් කනස්සල්ලට පත්වූ අවස්ථාවක් ලෙස තමා දුටුවේ යැයි ඇගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි සෙනරත් සෝමරත්න මහතා කියයි. ඒ නොසිතූ චෝදනාවට මැතිනිය මුහුණදුන් අයුරු ඔහු මෙසේ විස්තර කරයි.
කොබ්බෑකඩුව මහත්මයගෙ ඡන්දයට සම්පූර්ණ කරගහල බර කරට අරගෙන වැඩ කළේ විජය කුමාරතුංග මහත්මයයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි, ටී. බී. ඉලංගරත්න මහත්මය රත්නසිරි වික්‍රමනායක මහත්මයා නීතිඥ වී. ඩබ්ලිව්. කුලරත්න මහත්මයා වගේ අයත් වැඩ කළා. ඔසී අබේගුණසේකර, ෆිලික්ස් පෙරේරා, දේවබණ්ඩාර සේනාරත්න, මහින්ද සේනානායක වගේ අයත් ඒ සටනෙ කැපී පෙනෙන නායකයන් හැටියට වැඩ කළා.


මේ ඡන්දයෙන් කොබ්බෑකඩුව මහත්මයා පැරදුණයින් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසඳිලා තිබුණ අර්බුදය වෙනත් අතකට හැරුණා ඒ අර්බුදය හට ගන්නේ පරාජයට මැතිනියගේ බලපෑමක් ඇති වුණාය කියන චෝදනාව උඩයි. මේ අවස්ථාවෙ විජය කුමාරතුංග මහතා ප්‍රධාන කණ්ඩායමට නඩු දෙකක් පැවරුණා. කීප දෙනෙක් රිමාන්ඞ් වුණා. ඒ සිදුවීමත් සමඟ වැඩි වුණේ මැතිනියට චෝදනා එල්ල වීමයි.


විජය කුමාරතුංග මහතා රිමාන්ඞ් වුණා ඒ “නැක්සලයිට්’‘ චෝදනාවකට. ඉන්දියාවෙ නැක්සලයිට් සිදුවීම වගේ චෝදනාවක් ඡන්දයෙන් පස්සේ ජේ. ආර්. ජයවර්ධන මහතා පරාජය වුණාම කොබ්බෑකඩුව ජනාධිපති හැටියට රජගෙදරට රැගෙන යන්නේ ජේ. ආර්.ගේ ලෙයින් හැදුන රතු පලසක් මතිනුයි කියා ප්‍රකාශයක් කළ බවටයි විජය කුමාරතුංග මහතා රිමාන්ඞ් කළේ.


ඊළඟට ඔසී අබේගුණසේකර මහතා ඇතුළු කීපදෙනෙක් රිමන්ඞ් කළා. ඒ හාල්පොත් නඩුව කියල එකකට, හාල්කූපන් පොත අහෝසි කළේ 1977 පත්වුණ ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගෙ රජයෙන් අසූදෙකේ ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා දිනුවොත් ජේ. ආර්. මහතා අහෝසි කළ ඒ හාල්පොත දෙනව කියල  ඒ අහෝසි කළ හාල්පොත වගේම එහි ආකෘතියක් මුද්‍රණය කරල රටපුරා බෙදුවා. ඒකට මුල්වුණේ ඔසී අබේගුණසේකර මහත්මයායි. ඒ අනුව තමයි හොර හාල්පොතක් ගහල බෙදුව කියන චෝදනාවට නඩුවක් දමල ඒ අය රිමාන්ඞ් කළේ.


මේ හාල්පොතේ බොරු ආකෘතියට මැතිනිය මුලින්ම කැමති වුණේ නෑ. එතුමිය කිව්වේ ඒ විදිහෙ බොරුවලින් ජනතාව මුළා කරන්න හොඳ නෑ කියලයි. එතුමිය හැමදාම කියන්නෙත් එදා කිව්වෙත් කරන්න බැරි වුණත් ජනතාවට විශ්වාස කළ හැකි පොරොන්දු දෙන්න කියලයි.


මැතිනිය ඡන්දය ගැන වචනයක්වත් කතා නොකළත් එදා පන්සල් ගානෙ පල්ලි කෝවිල් ගානෙ පූජා පවත්වමින් බෝධිපූජා පවත්වමින් රටවටේ ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජික ජනතා උද්‍යෝගය ඡන්දය කාලය තුළ රඳවා තබා ගන්නයි.


මේ වෙලාවෙ කව්රු මැතිනියට චෝදනා කළත් සම සමාජ පක්‍ෂයේ අපේක්‍ෂක කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කොබ්බෑකඩුව මහතාගේ පරාජයට බෙහෙවින් බලපෑවා.


එතුමා කිව්වෙ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ඡන්දය දුන්නාට වැඩක් නෑ. අපරාදෙ එය නිශ්ඵල ඡන්දයක් වෙනවා. එයා දිනුවත් ජනාධිපතිවෙන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රජා අයිතිය නැතිකෙනෙක්. ප්‍රජා අයිතිය නැති කෙනෙක් සභාපති තනතුරේ සිටින පක්‍ෂයක කිසිම කෙනෙකුට කිසිම ඡන්දයකට ඉදිරිපත් වෙන්න බෑ, සිරිමා මැතිනිය දැන් පක්‍ෂයේ සභාපතිකමෙන් අස්වුණත් වැඩක් නෑ.

එයා සභාපති තනතුරේ සිටිද්දීයි එම පක්‍ෂයේ අපේක්‍ෂකයා මෙම ඡන්දයට නාමයෝජනා දීල තියෙන්නෙ. දැන් යොදන්න කිසිම පිළියමක් නෑ. කොබ්බෑකඩුව මහතා පැරදුනත් ජනාධිපති ජේ. ආර්. දිනුවත් ජනාධිපති ජේ. ආර්.මයි. ඉතින් ජේ. ආර්. ඉවත් කරන්න ඕනෑනම් මට ඡන්දෙ දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයන් මේ වෙලාවෙ ගතයුතු ඥානාන්විත ක්‍රියා මාර්ගය ඒකයි. කොල්වින් ආර්. ද සිල්වා ඔහුගේ හැම රැස්වීමකම කිව්වෙ ඒ කතාවයි.


කොල්වින් ආර්. ද සිල්වා මහත්මයා ප්‍රසිද්ධ නීතිඥයෙක් නිසා ඔහුගෙ නීති තර්කය පිළිගත්ත අයත් බොහෝම හිටියා.
මේ වගේ ප්‍රහාර අතරෙ අනුර, මෛත්‍රී පිල කැඩීමටත් මැතිනිය යටින් කටයුතු කළා. ඒ උඩ තමයි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කීපදෙනෙක් ජේ. ආර්. ජයවර්ධන මහත්මයගෙ වේදිකාවට යද්දි අනුර බණ්ඩාරනායක මහතා ඇතුළු කීපදෙනෙක් ආපසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආවෙ.


පක්‍ෂය ආරක්ෂා කර ගන්නත් කොබ්බෑකඩුව මහත්මා ජයග්‍රහණය කරවන්නත් මැතිනිය නිහඬව ගෙන ගිය සියලු ප්‍රයත්නයන් එකපාරට අනිත් පැත්තට පෙරළුණේ මේ වෙලාවෙ අනුර බණ්ඩාරනායක මහත්මයා කළ ප්‍රකාශයක් නිසයි.


මෛත්‍රී කල්ලිය කඩාගෙන ආපසු පැමිණි අනුර බණ්ඩාරනායක මහතා මුලින්ම සහභාගි වුණේ ත්‍රිකුණාමලයේ පැවති ජනතා රැලියටයි. ඔහු එහිදී කළ ප්‍රකාශය එදා මුළු ජනාධිපතිවරණයේ කෙරුණ ලොකුම ආන්දෝලනාත්මක කතාව බවට පත් වුණා.
“අපි හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මයාට බාරදීල තියෙන්නෙ කොන්තරාත්තුවක්. අපිට අවශ්‍ය ශ්‍රීී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව මේ රටේ ජනාධිපති කරන්නයි. කොබ්බෑකඩුව දිනවපු ගමන් අපි මැතිනිය ජනාධිපති පුටුවේ වාඩි කරනවා.” අනුර මහත්තයගේ ඒ ත්‍රිකුණාමලේ ප්‍රකාශයත් සමග එතෙක් කොබ්බෑකඩුව මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටි විජය කුමාරතුංග මහතා ප්‍රධාන පිරිස අතර දැඩි කේන්තියක් කෝපයක් ඇති වුණා. මට හිතෙන හැටියට ඔවුන් මැතිනිය කෙරෙහිත් කේන්තියක් සැකයක් ඇති කරගත්තෙ එයින් පසුවයි.


වදාකඩ නවරත්න

 



අදහස් (0)

කොබ්බෑකඩුවට කොල්වින්ගෙන් නීති තර්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site