IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ඇමති රාජිතගෙන් අලුත් පංචශීලයක්

 

චම්පික රණවක පරිසර අමාත්‍ය ධුරය දැරූ සමයේ එක් අවස්ථාවක දී පොළොන්නරුව වැලි ප්‍රශ්නය පිළිබඳ අර්බුදයක් පැන නැගුණි. ඒ අවසරයෙන් චම්පික ඇමතූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාධ්‍ය තුළින් මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට පහර දෙන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා සමග චම්පික රණවක ඇමතිතුමා ළඟ ඇසුරකට පත්වූ ප්‍රධානතම සිද්ධීන් දෙකක් ලෙස දුම්වැටි හා මධ්‍යසාර ප්‍රශ්නයත්, ඇන්කර් කිරිපිටි ප්‍රශ්නයත් දැක්විය හැකිය. මෙම ප්‍රශ්න දෙකෙහිදීම අදාළ සමාගම් වෙත සහයෝගය දැක් වූයේ බැසිල් රාජපක්ෂ මහතාය. ඇමති මෛත්‍රී බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ අනුග්‍රහය ලද සමාගම් සමග හුදකලා සටනක නිරත වූ අතර චම්පික ඇමතිතුමා එහිදී මතවාදී හා ප්‍රතිපත්තිමය සහයෝගයක් මෛත්‍රී ඇමතිතුමාට ලබා දුන්නේය. මේ අතර තමා ඉලක්ක කර ගනිමින් රාජපක්ෂවරු බොදු බල සේනා සංවිධානයට ආධාර හා ආරක්ෂාව ලබා දෙන බව චම්පික ඇමතිතුමාට වැටහී ගියේය. විශේෂයෙන්ම හලාල් පිළිබඳ ප්‍රශ්නයේදී හා බේරුවල සිදුවීමට ආණ්ඩුවේ ප්‍රතිචාරය දෙස බැලීමේදී බොදු බල සේනා හා ආණ්ඩුව අතර පැවති සබඳතාව තවදුරටත් රටට රහසක් නොවීය. 

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඍණ තත්ත්වය දක්වා හැරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපක්‍රමකව කළ කටයුත්තේදී එතුමා එවර ඒ සඳහා යොදා ගත්තේ චම්පික රණවක ඇමතිතුමාවය. 2013 වසරේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කරළියට පැමිණීමත් සමග සිදුවූ මෙම සිදුවීමේ ආරම්භය සනිටුහන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරවා මෙම ප්‍රශ්නය චම්පික රණවක ඇමතිතුමා මගින් ඉදිරියට කැඳවීමත් සමගය. ජනාධිපතිතුමාගේ එම සැලසුමට අනුව මෙම රැස්වීම පුරාම එක් පාර්ශ්වයකින් චම්පික ඇමතිතුමා ද අනෙක් පාර්ශ්වයෙන් රාජිත, ඩිව් සහ වාසු ද වශයෙන් දැඩි විවාදයක පැටලුනි. එහිදී චම්පික ඇමතිතුමා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උදාහරණ ගෙන එමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහර ගැසූ අතර පෙරළා වමේ තිදෙනාගේ අභියෝගය වූයේ චම්පික ඇමතිතුමා ඉන්දියානු ආණ්ඩුක්‍රමය පිළිබඳ ගෙන එන තර්ක සැබෑ නම් හෙටම ඔවුන් තම මතවාදයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවය. කෙසේ වෙතත් වමේ තිදෙනාගේ ප්‍රබල තර්කන හැකියාව ඉදිරියේ එවර චම්පික ඇමතිතුමා සියලු දෙනාම ඉදිරිපිට පසු බැස්සේය. මේ තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බැස ගත් නිගමනය වූයේ 13 ඍණ කිරීම සිතන තරම් පහසු කාර්යයක් නොවන බවය. ඒ අනුව නැවත වරක් උපක්‍රමික වූ ජනාධිපතිතුමා මෙම සිදුවීමෙන් සති 2කට පසුව ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පමණක් කැඳවා මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළේය. එහිදී රාජිත ඇමතිතුමා තනිවේ. ඔහුගේ සහායට වාසු හා ඩිව් ළඟ නැත. 


විශේෂයෙන්ම මෙම රැස්වීම කැඳවන අවස්ථාව වන විට මහින්ද අමරවීර ඇමතිතුමාගේ ආරාධනයෙන් තංගල්ලේ රැස්වීමකට ගිය රාජිත ඇමතිතුමා බොදු බල සේනාහි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැඩි ලෙස විවේචනය කරමින් කළ කථාවක් ද තිබුණි. එහිදී රාජිත ඇමතිතුමා පවසන්නේ ගලගොඩඅත්තේට දැන් තුන් සරණ නොව පස් සරණක්ම ඇති බවකි. එනම් මහින්ද සරණං ගච්ඡාමි ආදී ලෙස බැසිල් ගෝඨාභය, චමල් හා නාමල් සරණං ගච්ඡාමි යනුවෙන් ගලගොඩඅත්තේ හිමියන් පැවසූ බව රාජිත ඇමතිතුමා එම වේදිකාවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එදින රාත්‍රියේ සිරස රූපවාහිනිය එය වාර්තා කළේ ගලගොඩඅත්තේ හිමියන්ගේ ඉහත සබඳතාව කපා හරිමිනි. එවිට තංගල්ලේ සිට රාජිත ඇමතිතුමා කියන කතාව අසා සිටින්නන්ට පුදුම කතාවකි. 


මෙවන් සංදර්ශනයක ඇරඹී මෙම රැස්වීමට ජනාධිපතිතුමා පැමිණ අසුන් ගත්තේම “ඔව් දැන් සමහරු කියනවානේ මහින්ද සරණං ගච්ඡාමි. නාමල් සරණං ගච්ඡාමි. කියලා යනුවෙන් පවසමිනි. එහිදී ඊට අනුව වේගවත් කතා පැවැත්වූ රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ වැනි ඇමතිවරු ජනාධිපතිතුමා තෘප්තිමත් වන ආකාරයෙන් කථා කරමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීමට ඉතිහාසය ලබා දී තිබෙන හොඳම අවස්ථාව මෙය බවටද අදහස් ඉදිරිපත් කළහ.


තවද එය රටේ බහුතර ජනතාවගේ ප්‍රාර්ථනය බවද පවසමින් ඇමති රාජිතට ප්‍රහාර එල්ල කළ අතර ඊට පිළිතුරු දීම සඳහා අවස්ථා කිහිපයකදීම ඇමතිතුමා නැගී සිටීමට උත්සාහ කළද ඔහුගේ දෙපසින් සිටි ජනක බණ්ඩාර හා මර්වින් සිල්වා ඊට ඉඩ නොදුන්හ. කෙසේ වෙතත් අවසානයේදී රාජිත ඇමතිතුමා නැගී සිටි අතර ඔහුගේ කථාව විනාඩි 45ක් පුරා පැවැත්විණි. එලෙස කථා කළ රාජිත ඇමතිතුමා ජනාධිපතිතුමනි, අපිට ඕන වුණේ යුද්ධය දිනපු ඔබතුමාව නෙල්සන් මැන්ඩෙලා කෙනෙකු කරන්න. ලෝකයේ නායකයෝ යුද්ධවලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ නෑ. ලෝකයේ ශ්‍රේෂ්ඨ නායකයෝ එම තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ සාමය, සංහිඳියාව, සහජීවනය, මානව සමාජයේ ගොඩනැගීම තුළින්. ඔබතුමාගේ වටේ ඉන්න මේ දේශපාලන පුබ්බරුවො ටික ඔබ තුමාව ලෝකය කෙලෙසපු තවත් රොබට් මුගාබේ කෙනෙකු කරන්නයි හදන්නේ. 


අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයො නෑ. ඉන්නේ මැති ඇමතිවරු විතරයි. අද අපගේ පක්ෂය දේශපාලන අම්බලමක් වෙලා. ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් සුදුසුයි කියලා මුලින්ම කියුවේ මගේ පක්ෂයේ නායකයා 1926 දී. ඒ බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමයි මම ඉන්නේ. වැනි ලෙසට එම කතාව ඇදීයද්දී සියලු දෙනාම ඊට දැහැන්ගත වූහ. සිය කථාව අවසන් කරමින් රාජිත ඇමතිතුමා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමා දැන ගන්න, 13 වැනි සංශෝධනයේ ඉස්පිල්ලක් හරි පාපිල්ලක් හරි ඔබ තුමා අඩු කළොත් එදාට රාජිත මේ ආණ්ඩුවේ නැති බවයි. 


රාජිත ඇමතිතුමාගේ මෙම වේගවත් කථාවත් සමගම එදින රැස්වීම අවසන් විය. කෙසේ වෙතත් එදිනම රාත්‍රියේ මේ පිළිබඳව තේරීම් කාරක සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ඇමතිතුමා ඇමතූ ජනාධිපතිතුමා, “නිමල් ඔය වැඬේ මම කියන කම් හැකිතාක් කල් අදින්න” යැයි පැවසීය. මේ අතර පසුදින අලුයම ජනාධිපතිතුමා ටියුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට ගුවන් තොටුපළට ගොස් සිටියේය. රටින් පිට වීමට පෙර එතුමාට රාජිත ඇමතිතුමාට කථා කළ යුතුම විය. ඒ අනුව ගුවන් යානයටද නැඟ සිටි ජනාධිපතිතුමා රාජිත ඇමතිතුමා අමතමින් පෙරදා රාත්‍රියේ සිදු වූ දේ සිතෙහි තබා නොගන්නා ලෙසට දිගින් දිගටම ඉල්ලා සිටියේය. තමා නැවත පැමිණි පසු මේ සියලු ප්‍රශ්න විසඳන බවද නැවත නැවතත් ප්‍රකාශ කළේය.


මෙම සංචාරය ආශ්‍රිතව රසවත් සිදුවීමක් ද ඇත. එනම් මෙම සංචාරයට සහභාගී විය යුතුම බව මර්වින් සිල්වා ඇමතිතුමාට ජනාධිපතිතුමා දන්වා සිටියේය. එහෙත් මර්වින් මෙම ගමන නොගොස් මඟ හැරීමට දැඩි උත්සාහයක නිරත විය. නමුත් ජනාධිපතිතුමා බලකරමින් මර්වින්ට කියා සිටියේ ඔහු මීට පැමිණිය යුතුම බවයි. මීට හේතුව නැවතත් ජ්‍යොතිශයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගුවන් ගමන් මාරාන්තික අපලදායක බව ජ්‍යොතිශ මතය වීලු. නමුත් මර්වින් සිල්වා මහතාගේ ආයුෂ බල ප්‍රබල බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දනී. මේ නිසා තමාට මාරාන්තික හා අපල ගෙන දෙන ගුවන් ගමන් සඳහා මර්වින් සිල්වා මහතා බලය යොදවා හෝ රැගෙන යාමට ජනාධිපතිතුමා උත්සුක වන බව මර්වින් දනී. කෙසේ වෙතත් මර්වින් ටියුනීසියා යෑම අනිවාර්ය විය. තමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග යන විට යානය ගුවන් ගත වූ මොහොතේ සිටම මරණය සිහි කරමින් සිටින බව ටියුනීසියා ගමනට පෙර රාජිත ඇමතිතුමාට මර්වින් කියා තිබුණි.

ඉතිරිය ලබන සතියට...


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ඇමති රාජිතගෙන් අලුත් පංචශීලයක්

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4916 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14748 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5782 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 530 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 549 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2015 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1776 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site