IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මෛත‍්‍රී චන්ද්‍රිකාට කැමැත්ත දෙයි

2013 පමණ වන විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහිව රට තුළ විරෝධයක් ගොඩනැඟීමට සමගාමීව පාර්ලිමේන්තු ලොබිය තුළ ද එවැනිම විරෝධයක් ගොඩනැඟුණි. විශේෂයෙන්ම සන්ධානයේ සාමාජික පක්ෂ දෙකක ජ්‍යෙෂ්ඨ නායකයන් මංගල සමරවීර වැනි විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු මුණගැසුණු කල ‘ඔයගොල්ලො විපක්‍ෂයට වෙලා මොකද කරන්නේ? මෙයාව එළවල දාන්නේ නැද්ද? යනුවෙන් ප‍්‍රශ්න කරන්න වූහ තවත් වරක් එවැනිම සන්ධානයේ හවුල්කාරී පක්ෂයක නායකයෙක් මංගල සමරවීර මන්ත‍්‍රීතුමාට ප‍්‍රකාශකර තිබුණේ ‘‘අපේ පුතා අහනව, තාත්තේ තාත්තට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද මෙයාගෙ ආණ්ඩුවෙ ඇමැතිකමක් දරන්න’’ යනුවෙන් පවසා තිබිණි.

මංගල සමරවීර මහතා චන්ද්‍රිකා මැතිනියට ප‍්‍රකාශ කළ කරුණු ද සමගම එදින තුළම මෛත‍්‍රී ඇමතිතුමා ඇමතීමට චන්ද්‍රිකා මැතිනියට අවශ්‍ය විය. මේ වන විට ටොරිංටන් චතුරස‍්‍රය ආශ‍්‍රිත සියලූම දුරකථන කුලූනුවලින් යන සහ එන දුරකථන ඇමතුම්වලට සම්පූර්ණයෙන්ම සවන් දෙන බවට තොරතුරු අනාවරණය වී තිබිණි. ඒ අතරින් චන්ද්‍රිකා මැතිනියගේ දුරකථන සියල්ලම විශේෂිතය.  මෛත‍්‍රී ඇමතිතුමාට කථාකළ යුත්තේ එම බාධාවද මැඩ පවත්වමිනි. මේ අනුව නැවතත් දිසා හා ඔහුගේ පුත් ශෂිමාල් ක‍්‍රියාත්මකය. ශෂිමාල් තම ජංගම දුරකතනය ද ගෙන විජේරාමයේ මෛත‍්‍රී ඇමැතිතුමාගේ නිවසට ගියේය. චන්ද්‍රිකා මැතිනියද වෙනත් දුරකථන අංකයක් මගින් වයිබර් තාක්ෂණය ඔස්සේ මෙම දුරකථන සබඳතාව ලබාගත්තේය. එම දුරකථන සංවාදය විනාඩි 10ක් පමණ සිදුවූ අතර එදින සංවාදයේදී ප‍්‍රථම වරට මෛත‍්‍රී ඇමතිතුමා පොදු අපේක්‍ෂක අභියෝගය බාර ගැනීමට තම එකඟතාව චන්ද්‍රිකා මැතිනිය වෙත ප‍්‍රකාශ කළේය.


මේ අතර නොවැම්බර් මස 6 වැනිදා චන්ද්‍රිකා මැතිනිය මලික් සමරවික‍්‍රම මහතාට කථා කරමින් ඔවුන් මුණගැසීමට අවශ්‍ය බව දැන්වීය. ඊට අනුව මලික් හා වික‍්‍රමසිංහ මහතා චන්ද්‍රිකා මැතිනියගේ නිවසට පැමිණියහ. එම හමුවේදී චන්ද්‍රිකා මැතිනිය රනිල් වික‍්‍රමසිංහ මහතා අමතමින් ‘රනිල් කවුද අපේක්ෂකයා’ යනුවෙන් විමසීය. එවිට වික‍්‍රමසිංහ මහතාගේ පිළිතුර වූයේ .ඵහ ච්රඑහ උ්බඑි පැ එද ජදබඑැිඑ. යනුවෙන් ඉංග‍්‍රීසි බසින් පිළිතුරු දුන්නේය. එජාපයේ බහුතරය වික‍්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණ අපේක්ෂකයා නොවිය යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටියදීම වික‍්‍රමසිංහ මහතා ගෙනයන උපක‍්‍රමික සැලසුම හොඳින් දැන සිටි චන්ද්‍රිකා මැතිනිය ‘ආ එහෙමද?’’ යනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූවාය.


ඒ අනුව චන්ද්‍රිකා මැතිනිය තවත් වැදගත් ප‍්‍රශ්නයක් වික‍්‍රමසිංහ මහතා වෙතට යොමු කරමින් .ෘද හදම එයසබන එය්එ හදම ජ්බ අසබ. යනුවෙන් විමසීය. එවිට වික‍්‍රමසිංහ මහතා ඔ්පසක ්බා ඵමිකසප කැ්ාැරි ය්ා ්ටරුැා එද ිමචචදරඑ පැ. නමුත් ඊට කුමාරතුංග මැතිනියගේ පිළිතුර වූයේ භද ඍ්බසක ඔභ් ජ්පැ එද පැැඑ පැ ්බා එයැහ එයසබන එය්එ හදම ජ්බ.එ අසබ.   තවදුරටත් ඇය කියා සිටියේ ‘ඔවුන් මට කිව්ව ‘ඔබතුමිය එනවා නම් අපි 101% කින්ම සහයෝගය ලබාදෙනව’’ කියල තවදුරටත් කථා කළ ඇය ‘‘ඒගොල්ලො කියනවා ඔයා හරි හොඳ පුද්ගලයෙක්. නමුත් ඔයාට ඵඍ පරාජය කරන්න බෑ කියල. මොන මොන හේතුවලට හරි ඔයා ඡුන්ද 17ක් ඵඍ ට පරාජය වෙලා තියෙනව. ඒ නිසා ඒගොල්ලො හිතනව ඔයාගෙ ඉමේජ් එක බිඳවැටිල තිබෙන නිසා ඵඍ එක්ක තරග කරන්න ෆ්‍රෙෂ් එක්කෙනෙක් ආවොත් හොඳයි කියල’’ කුමාරතුංග මැතිනිය එසේ ප‍්‍රකාශ කරන විට මලික් සමරවික‍්‍රම මහතාද ඒ අසල සිටි අතර ඔහුගේ නිහඬ ප‍්‍රතිචාරයද එය අනුමත කරන  ස්වරූපයක් දැරීය. මන්දයත්. ඊට පෙර චන්ද්‍රිකා මැතිනිය සමග සිදුවූ සාකච්ඡුාවකදී මලික් ද පෞද්ගලිකවම පිළිගෙන තිබුණේ රනිල් වික‍්‍රමසිංහ මහතා තරග කළහොත් පරාජයට පත්වන බවයි.


මේ වන විට ඇමතිවරයකු වශයෙන් රවුෆ් හකීම් මහතා ඍජුවම කුමාරතුංග මැතිනිය මුණ නොගැසුණද අතරමැදි පණිවුඩකරුවකු මගින් ඇයට දන්වා තිබුණේ රනිල් වික‍්‍රමසිංහ මහතා ඡුන්දය ඉල්ලූවහොත් නිසැක වශයෙන් පරාජයට පත්වන බවයි. හකීම් ඇමතිතුමාගේ අදහස පිළිබඳ සඳහන් කරමින් ‘‘රවුෆ් මට කිවුවා ඔයා ආවොත් පරදිනව කියල. එයා කියනව මම එනව නම් ඇමතිකම දාල එනව කියල. ඔයා ඉල්ලනව නම් එයා ටිකක් චොරීඞ්’ තවදුරටත් කථා කළ ඇය ‘‘ මම දන්නෙ නෑ ීඛත්‍ඡු එකේ කට්ටිය කොහොමද කියල ඹභඡු ලීඩර් යටතේ ඉල්ලන්න ගියොත් ඒ අයගේ අදහස වෙනස් වෙන්න ගොඩක් ඉඩ තියෙනව’’


මේ අනුව චන්ද්‍රිකා මැතිනිය ඉහත කියූ සියල්ලම වෙන කවරදාකවත් නොමැති ලෙසකින් සාවධානව අසා සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා එකවරම .ඍසටයඑ දනග ෂ අසකක ීඒබා ාදඅබල ඊමඑ දබකහ දෙර හදම. යනුවෙන් පැවසුවේය.


සැබවින්ම රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විට කිසිවකුට කියාගත නොහැකි මහත් උභතෝකෝටිකයක සිර වී සිටියා වැනිය. එනම් චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂිකාව නොවීමට එතුමිය ගෙන ඇති තීරණය වික‍්‍රමසිංහ මහතා හොඳින් දනී. දැන් තමන්ද පොදු අපේක්ෂකත්වය


අත්හරින තත්ත්වයක් තුළ නව පොදු අපේක්‍ෂකයා කරු ජයසූරිය මහතා විය හැකි බව ඔහුගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මේ වන විටත් නාග විහාරය පදනම් කරගනිමින් සෝභිත හිමියන්ගේද අනුග‍්‍රහය මත යම් පිරිසක් කරු ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා විය යුතු බවට වන මතවාදයද ඉතා ප‍්‍රබලව ගෙන යති. තවද එම පිරිසගේ තර්කය වූයේ රනිල් වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය කළ නොහැකි බවත්, එය එසේ වුවත් පොදු අපේක්ෂකත්වය එජාපයේ අයකුට හිමිවිය යුතු බවත්ය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ එක්සත් භික්‍ෂු සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ගිරාඹේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් මේ වන විට කරු ජයසූරිය මහතා වෙනුවෙන් ප‍්‍රබලව පෙනී සිටියහ. . ෂ උසකක ීඒබා ාදඅබග ඊමඑ දබකහ දෙර හදම. යනුවෙන් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ කිසිදු ලෙසකින් පොදු අපේක්ෂකත්වය කරු ජයසූරිය ප‍්‍රමුඛ වෙනත් එජාප පාක්ෂිකයකුට යාමට වික‍්‍රමසිංහ මහතා තුළ වූ නොකැමැත්ත විය හැකිය.

මතු සම්බන්ධයි.

 

සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මෛත‍්‍රී චන්ද්‍රිකාට කැමැත්ත දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site