චිත්‍රපට බෙදාහැරීමේ අවුල තාම ඉවර නෑ. චිත්‍රපට සංස්ථාවට මේ වැඬේ පැවරුණා කියලා ලොකු සද්දයක් දාලා වැඬේ කරන්න පටන් ගත්තා විතරයි මෙන්න ඒ තීරණය ආපසු වෙනස් වෙලා. දැන් ආපහු කලින් ක්‍රමේට වැඬේ වෙන්නේ. අපි මුල ඉඳලම කිව්වෙ මේ වගේ පුංචි රටක මේ වගේ පොඩි කර්මාන්තයක් රණ්ඩු වෙවී ඉන්නෙ නැතුව කවුරුත් එකතුවෙලා සමගියෙන් හරියට කරගෙන යන්නේ නැතුව මොකක්ද මේ එළහරකයි මී හරකයි කරත්තේ බැන්දා වගේ දෙපැත්තට ඇද ඇද දඟලන්නේ කියලා.
චිත්‍රපට බෙදාහරින්නේ සංස්ථාවද පුද්ගල අංශෙ කට්ටියද එහෙම නැතිනම් වෙනත් කවුරු හරිද කියන ඒවා සාමාන්‍ය චිත්‍රපටි ප්‍රේක්‍ෂකයන්ට අදාළම නෑ. ඒ මිනිස්සුන්ට ඕන හොඳ චිත්‍රපටියක් බලන්න අවස්ථාව. දැන් මේ කට්ටියගේ නඩු හබ, ගෝරි, දෙපැත්තට ඇදිලි හැම එකකින්ම වෙන්නේ ඉන්න සිනමා ප්‍රේක්‍ෂකයෝ ටිකත් චිත්‍රපටි හෝල්වලින් ඈත් වෙන එක. බලන්න හිතාගෙන යන චිත්‍රපටිය දැන් බලන්න හම්බවෙන්නෙ නෑ කියලා සිනමා ප්‍රේක්‍ෂකයෝ නිතර නිතර කියන මැසිවිල්ලක්. හෝල් අයිතිකාරයො චිත්‍රපට බලන්න එන අය දිහා බලන්නේ හතුරො දිහා වගේ. එයාලා පෙන්නන චිත්‍රපටිය බලන්න කියලා බලහත්කාරයක් තමයි දැන් තියෙන්නේ. ප්‍රේක්ෂකයන් අඩු ගණනක් හිටියොත් පෙන්නන්නෙම නෑ. මේ වගේ නහුතයක් ප්‍රශ්න එක්ක ඇදි ඇදී යන අපේ සිනමාව චිත්‍රපට බෙදාහරින්න ගිහින් තවත් පඹ ගාලක පටලවනවා. අපිට මේ චිත්‍රපට බෙදාහරින්න, මරාගන්න සටන් පෙරමුණ දෙකටම කියන්න තියෙන්නේ එයාල ඔය සටන දිගින් දිගට ඇදගෙන ඇදගෙන ගිහින් කවුරු දිනලා වැඬේ අතට ගත්තත් ඒ වෙනකොට චිත්‍රපටි බලන්න ප්‍රේක්ෂකයෝ සෑහෙන පිරිසක් අඩුවෙලා ඉඳීවි. මොකද දැන් තියෙන තාක්ෂණයත් එක්ක නව මාධ්‍ය ප්‍රවණතා එක්ක චිත්‍රපට හෝල් කාරයින්ගේ කෙණෙහිලිකම් බල බල ඒවයි රස්තියාදු වෙන්න මිනිස්සුන්ට ඕන නෑ. හරියට හෝල් ටිකේ චිත්‍රපටි දුවන්න ක්‍රමයක් හදන්නෙ නැතුව සිනමාවෙන් ප්‍රේක්ෂකයෝ ඈත් වෙනවා කිය කියා ප්‍රේක්ෂකයින්ට දොස් කියලා වැඩක් නෑ.
මේ අතරේ ඔන්න අද ජනාධිපති සිනමා සම්මාන උළෙළ තියනවා කියලත් ආරංචි වෙනවා. කොහොම හරි ඒක පවත්වන එක ලොකු දෙයක්. මොකද කාලයක් ඒවා නවත්තලා දාලා තිබුණෙ. සිනමා සම්මාන උළෙලක් තියෙන්නේ සිනමා කර්මාන්තයට ලැබෙන පොඩි තල්ලුවක්. කාලයක් නැවතිලා තිබිල පසුගිය අවුරුදුවලට අදාළව ඒක ආපහු පවත්වද්දි ක්‍ෂේත්‍රයේ අයත් මේ ගැන ප්‍රසාදයෙන් කතා කළා. ඒත් මේ සැරේ ප්‍රවීණ ශිල්පීන් කීප දෙනෙක්ම අපිත් එක්ක කිව්වෙ අඩුම තරමේ සම්මාන උළෙලට ආරාධනා පත්‍රයක්වත් මේ සැරේ නෑ කියලා. ප්‍රසිද්ධ සටන් නළුවෙක් කිව්වෙ සම්මාන උළෙලට යන්න චිත්‍රපටවල සටන් කරනවට වඩා සටනක් කරන්න වෙලා කියලා. චිත්‍රපට සම්මාන උළෙලකට ආරාධනා කරන්න ඕන ක්‍ෂේත්‍රයේ ශිල්පීන් කවුද කියලවත් තෝර බේර ගන්න බැරි සංවිධායකයෝ තමයි ඕවා කරන්නේ. ප්‍රවීණ සිනමා ශිල්පීන් නැතුවට ටෙලියක දෙකක වාටියේ ඉඳපු නිළි නංගිලාට එහෙම නම් උඩින්ම ආරාධනා කරල ඇති.
ඒ වගේම චිත්‍රපටි අධ්‍යක්‍ෂවරු කීප දෙනෙක්ම මේ ජනාධිපති සිනමා සම්මාන උළෙලට තමන්ගේ චිත්‍රපටි දාන්නේ නෑ කියලත් ආරංචියි. ඒකෙන් පේන්නේ සිනමාකරුවන්ට මේව ගැන තියෙන විශ්වාසය. කැමරා අධ්‍යක්‍ෂ ධනුෂ්ක ගුණතිලක එයාගේ ෆේස්බුක් පිටුවෙ දාලා තිබුණෙ ජනාධිපති සිනමා සම්මාන උළෙලට ලැබෙන ආරාධනය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකට සහභාගී වෙන්න පවා මේ ශිල්පීන්ට එපා වෙලා තියෙන එක ඉඟි කරන්නෙ මේ සම්මාන උළෙලවල තත්ත්වය තමයි.
චිත්‍රපටි කර්මාන්තයේ අට අනූවක් රෝගවලට බේත් අල්ලෙ තියාගෙන වගේ කතා කරන සංස්කෘතික ඇමැති මේක ගොඩ දාන විදිය අපි විමසිල්ලෙන් බලාගෙන ඉඳිමු. මීට මාසෙකට දෙකකට උඩදී චිත්‍රපටි සංස්ථාවේ සභාපති ගෝකුල නෝනත් කිව්වේ ළඟදි පුදුම හිතෙන පෙරැළියක් සිනමාවේ කරනවා කියලා. අපිත් බලාගෙන ඉන්නේ ඒ පෙරැළිය දිහා තමයි.
ප්‍රියන්ත කොඩිප්පිලි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බෙදන්නේ කවුද? ප්‍රේක්‍ෂකයාට අදාළම නැත
himal Saturday, 27 July 2019 10:43 AM
ලංකාවේ අද ඉන්න ඔක්කොම කලා කරුවන්ට එන්න කියලා ආරාධනාපත් යවන්න නම් ක්‍රිකට් පිටියක තමයි උත්සවය තියන්න වෙන්නේ. අනික ඔය කියලා තියෙන කැමරා අධ්‍යක්ෂ ගියේ නෑ කියලා කාටවත් ප්‍රශ්නයක් නෑනේ. මොකද එයා ආරාධිත අමුත්තද? අනික ලංකාවේ චිත්‍රපටිවල සටන් නළුවට හරි තැනක් තිබිලද මේ වගේ කතා කියන්නේ? ලංකාවේ සටන් ජවනිකා වල තියෙන්නේ හඬ පරිපාලනය. ඩිෂූ, බුහාව්, තඩ් ඔන්න ඕවා තියෙන ගෝරිනේ තියෙන්නේ...
සදරුවන් Saturday, 22 January 2022 04:06 PM
මට දැනගන්න පුළුවන්ද ඔයාලගේ පත්තරේට කවි දාන්නේ කොහොමද කියලා...?