අප්‍රේල් 20 තොරතුරු ලැබුණා නම් බලය යොදා අවශ්‍ය පියවර ගන්නවා
ප්‍රහාරය පිළිබඳව අප්‍රේල් 20 තොරතුර ලැබුණා නම් ජනාධිපතිවරයාත් ඒ වෙනුවට ක්‍රියාත්මක විය හැකි වැඩබලන ආරක්ෂක ලේකම්වරයකුත් නොසිටි නිසා රටේ අගමැති ලෙස තමාට ඇති බලය යොදා ජනාධිපතිට, පොලිස්පතිට, ත්‍රිවිධ හමුදාවට, බුද්ධි අංශවලට, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට, සියලු බුද්ධි අංශවලට, ගිනි නිවන හමුදාවට, සෞඛ්‍ය බලධාරින්ට, කතා කර ඇමති මණ්ඩලය ද රැස්කර අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පැවැසීය.