සමාජ යථාර්ථය පෙන්වාදීම ලේඛකයාගේ වගකීමක්
ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු පමණක් නොව ප්‍රකට පරිවර්තයකුද වන රෝහණ වෙත්තසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන කෘති කිහිපයක්ම මෙරට සාහිත්‍යයට එක් කළ අයෙකි. ඔහු අප අතර වඩාත්ම ජනප්‍රිය වී සිටින්නේ පරිවර්තකයකු ලෙසය. ඒරන්ගේ ලෝකය, ගිනිගත් සඳ, ජීවිතය යළි ලදිමි, අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ, …සයුරු තෙර සහන් බිම ඔහුගේ පරිවර්තන අතර වඩාත් කැපී පෙනේ.